තවත් දින 48 කින් අවසන් වන ඔස්ට්‍රේලියාවේ 2018/19 නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුවේ නවතම තත්ත්වය මෙන්න. (SBS සිංහල/වාර්තා

Occupation Ceiling List

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා අවස්ථාව ලබාදෙන Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුවේ” 2018/19 ලැයිස්තුව නිමාවීමට ඇත්තේ තවත් දින 48 ක පමණ කාලයකි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.


 

SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP  (Free download)


 

ඔස්ට්‍රේලියාවේ සෑම මුල්‍ය වර්ෂයක් සඳහාම නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් එක් එක් රැකියා අංශය සඳහා කොපමණ සංඛ්‍යාවක කෝටාවක් තිබෙනවාද යන්න මෙමගින්  ප්‍රදර්ශනය කෙරේ.

ඊට අමතරව අදාළ රැකියා කෝටාව පිරෙන අතරතුරේ එම ලැයිස්තුව යාවත්කාලීන වන අතර තවත් කොපමණ සංඛ්‍යාවක් ඉතිරිද යන්න පිළිබඳවද ඔබට දැනගත හැකිවේ.

ඔස්ට්‍රේලියාවේ වතමන් මුල්‍ය වර්ෂය එළඹෙන ජුනි 30 වනදායින් අවසන් වන අතර ඔස්ට්‍රේලියාවේ රැකියා සීමා ලැයිස්තුවේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Occupation ceiling list
Source: www.health.gov.au

ප්‍රධාන සහ ජනප්‍රිය වෘත්තීන්

සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුවේ ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් පවතින වෘත්තීන් කිහිපයක්ම හඳුනාගෙන තිබේ.

ඒ අතරින් පහත වෘත්තීන් ප්‍රධාන තැනක් ගනී.

  • Accountants
  • Civil Engineering Professionals
  • Early Childhood (Pre-primary School) Teachers
  • General Practitioners and Resident Medical officers
  • Registered Nurses
  • ICT Business and Systems Analysts
  • Software and Applications Programmers
  • Database and Systems Administrators and ICT Security Specialists
  • Computer Network Professionals
  • Telecommunications Engineering Professionals
  • Social Workers
  • Motor Mechanics
  • Carpenters and Joiners
  • Electricians
  • Chefs
නමුත් අද වන විට වාර්තාවන තත්ත්වය හමුවේ ඉහත සඳහන් බොහෝ වෘත්තීන් සඳහා ප්‍රමාණවත් ආරාධනා පත්‍ර නිකුත් කර නොතිබෙන බව පැහැදිලිව පෙනී යයි.\
මේ අතර Accountants, Civil Engineering Professionals, ICT Business and Systems Analysts, Software and Applications Programmers, Database and Systems Administrators and ICT Security Specialists සහ Computer Network Professionals වැනි වෘත්තීන් සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීම පසුගිය දෙසැම්බර් මාසයේ පටන් මන්දගාමී වූ බව ද දක්නට ලැබේ.
Occupation ceiling list
Source: Getty Images

ප්‍රධාන සහ ජනප්‍රිය වෘත්තීන්ගේ තත්ත්වය

2018/19 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුවේ” ප්‍රධාන සහ ජනප්‍රිය වෘත්තීන්ගේ වත්මන් තත්ත්වය පහත පරිදි වේ.
Occupation ceiling list
Source: SBS Sinhala

Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.
මෙම “රැකියා සීමා ලැයිස්තුව” පහත සඳහන් වීසා වර්ග සඳහා අදාළ වේ.

  • Skilled independent visas (189)
  • Skilled regional sponsored visas (489)
  • Skilled or business state or territory sponsored visas.
ඔබගේ රැකියාවට අදාළ කෝටාව පිරී ගිය පසුව එම වසර වෙනුවෙන් ඉහත වීසා සඳහා අයදුම් කිරීමට ඔබට ආරාධනාවක් නොලැබෙනු ඇත.
Occupation ceiling list
Source: Pixabay

ආරාධනාවක් යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණ වැඩසටහන හෙවත් “skilled migration program” යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය වෙනුවෙන් අදාළ වීසා  සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුව විසින් ලබා දෙන අවසරය, ආරාධනාවක් ලෙස හැඳින්වේ.

මෙම ආරාධනා නිකුත් කරනු ලබන්නේ SkillSelect ක්‍රියාවලිය හෙවත් ඔස්ට්‍රේලියාවේ online expression of interest පද්ධතිය හරහා පමණි.

2018/19 රැකියා සීමා ලැයිස්තුවේ මැයි 13 වන දින වන විට තත්ත්වය

Occupation ID

Description

Occupation Ceiling Value 2018-19

Invitations to 11/04/2019

1213

Livestock Farmers

4,841

0

1331

Construction Managers

5,982

54

1332

Engineering Managers

1,131

21

1341

Child Care Centre Managers

1,000

<5

1342

Health and Welfare Services Managers

1,302

16

1399

Other Specialist Managers

2,615

0

2111

Actors, Dancers and Other Entertainers

1,000

0

2112

Music Professionals

1,000

0

2121

Artistic Directors, and Media Producers and Presenters

1,000

0

2211

Accountants*

3,753

2,653

2212

Auditors, Company Secretaries and Corporate Treasurers*

1,342

947

2241

Actuaries, Mathematicians and Statisticians

1,000

85

2243

Economists

1,000

0

2245

Land Economists and Valuers

1,000

36

2247

Management consultant

3,894

230

2321

Architects and Landscape Architects

1,251

298

2322

Cartographers and Surveyors

1,000

73

2331

Chemical and Materials Engineers

1,000

431

2332

Civil Engineering Professionals

3,510

1,315

2333

Electrical Engineers

1,000

628

2334

Electronics Engineers*

300

212

2335

Industrial, Mechanical and Production Engineers*

1,780

1,255

2336

Mining Engineers

1,000

<5

2339

Other Engineering Professionals*

700

496

2341

Agricultural and Forestry Scientists

1,000

115

2342

Chemists, and Food and Wine Scientists

1,000

5

2343

Environmental Scientists

1,716

0

2344

Geologists, Geophysicists and Hydrogeologists

1,000

0

2345

Life Scientists

1,000

<5

2346

Medical Laboratory Scientists

1,600

135

2347

Veterinarians

1,000

80

2349

Other Natural and Physical Science Professionals

1,000

17

2411

Early Childhood (Pre-primary School) Teachers

2,488

207

2414

Secondary School Teachers

8,480

361

2415

Special Education Teachers

1,000

7

2421

University Lecturers and Tutors

2,907

<5

2512

Medical Imaging Professionals

1,224

25

2514

Optometrists and Orthoptists

1,000

8

2519

Other Health Diagnostic and Promotion Professionals

1,000

<5

2521

Chiropractors and Osteopaths

1,000

25

2524

Occupational Therapists

1,227

57

2525

Physiotherapists

1,613

86

2526

Podiatrists

1,000

8

2527

Speech Professionals and Audiologists

1,000

45

2531

General Practitioners and Resident Medical officers

3,348

286

2533

Internal Medicine Specialists

1,000

33

2534

Psychiatrists

1,000

10

2535

Surgeons

1,000

11

2539

Other Medical Practitioners

1,145

611

2541

Midwives

1,000

20

2544

Registered Nurses

17,322

1,650

2611

ICT Business and Systems Analysts*

1,466

1,035

2612

Multimedia Specialists and Web Developers

1,000

0

2613

Software and Applications Programmers*

7,271

5,138

2621

Database and Systems Administrators and ICT Security Specialists

2,660

1,100

2631

Computer Network Professionals*

2,167

1,506

2633

Telecommunications Engineering Professionals

1,000

710

2711

Barristers

1,000

0

2713

Solicitors

3,770

145

2723

Psychologists

2,228

57

2725

Social Workers

2,125

208

3122

Civil Engineering Draftspersons and Technicians

1,000

86

3123

Electrical Engineering Draftspersons and Technicians

1,000

9

3132

Telecommunications Technical Specialists

1,000

19

3211

Automotive Electricians

1,000

<5

3212

Motor Mechanics

6,099

21

3222

Sheetmetal Trades Workers

1,000

0

3223

Structural Steel and Welding Trades Workers

4,639

9

3232

Metal Fitters and Machinists

6,989

12

3233

Precision Metal Trades Workers

1,000

0

3241

Panelbeaters

1,000

0

3311

Bricklayers and Stonemasons

1,594

11

3312

Carpenters and Joiners

8,372

18

3322

Painting Trades Workers

3,277

5

3331

Glaziers

1,000

<5

3332

Plasterers

2,081

<5

3334

Wall and Floor Tilers

1,259

<5

3341

Plumbers

5,766

11

3411

Electricians

9,303

33

3421

Airconditioning and Refrigeration Mechanics

1,836

<5

3422

Electrical Distribution Trades Workers

1,019

<5

3423

Electronics Trades Workers

1,769

34

3513

Chefs

2,821

76

3611

Animal Attendants and Trainers

1,045

0

3941

Cabinetmakers

1,421

<5

3991

Boat Builders and Shipwrights

1,000

0

4523

Sports Coaches, Instructors and Officials

2,701

0

4524

Sportspersons

1,000

0

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP  (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------

Share
Published 13 May 2019 10:28am
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends