ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ නිකුත් කළ අඩුම Skilled Migration වීසා Invitations ප්‍රමාණය අප්‍රේල් මාසයේදී නිකුත් කෙරේ. (SBS සිංහල/වාර්තා)

Skilled Migration

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ අප්‍රේල් 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී (Invitation Round) නිකුත් කළ සම්පූර්ණ ආරාධනා පත්‍ර ගණන බරපතල ලෙස පහළ ගොස් ඇත.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


 

මෙය නිපුණතා සංක්‍රමණික ආරාධනා පත්‍ර වට ඉතිහාසයේ නිකුත් කළ අඩුම ආරාධනා පත්‍ර ප්‍රමාණය ලෙසද සඳහන්.

2018-19 මුල්‍ය වර්ෂයේ සිට සෑම මසකම 11 වන දින ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට හැකි 189 වීසා වලට අදාළ EOI සඳහා ආරාධනා පත්‍ර නිකුත් කරන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ජුනි මාසයේදී පවසා තිබුණි.
Skilled Migration
Source: Department of Home Affairs

අප්‍රේල් 11 ආරාධනා පත්‍ර වටය

2019 අප්‍රේල් 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී සමස්ත ආරාධනා පත්‍ර 110 ක් පමණක් නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
සෑම මසකම 11 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ආරාධනා පත්‍ර වටයකදී ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කළ යුතුව තිබුණි.

නමුත් පසුගිය දෙසැම්බර් මාසයේදී ක්‍රියාත්මක වූ ආරාධනා පත්‍ර වටයේ පටන් එම ප්‍රමාණය ශීග්‍ර ලෙස පහත බසින්නට විය.

මේ අනුව මෙවර වටයේදී ප්‍රධාන වෘත්තීන් සඳහා ඉහළ ලකුණු අගයක් ලබාගත් ආරාධනා පත්‍ර වලට පමණක් අවස්ථාව ලැබී ඇති බව පෙනී යයි.
Skilled Migration
Source: Getty Images

හේතුව

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 190,000 සිට 160,000 දක්වා 30,000 කින් කප්පාදු කිරීමට පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.

ඒ අනුව නිපුණතා සංක්‍රමණික කෝටාව 25,338 කින් කප්පාදු කරමින් නව සංක්‍රමණික කෝටාවේ අගයන් එළිදැක්විණි.
Skill stream යටතේ එක් එක් නිපුණතා වීසා ඛාණ්ඩය සඳහා වෙන් කර ඇති නව කෝටාව පහත පරිදි වේ.

  • Employer Sponsored - 30,000
  • Skilled Independent - 18,652
  • Regional - 23,000
  • Skilled Employer Sponsored - 9,000
  • Skilled Work Regional - 14,000
  • State/Territory Nominated - 24,968
  • Business Innovation & Investment program - 6,862
  • Global Talent - 5,000
  • Distinguished Talent - 200
Skilled Migration
Source: Getty Images

IT සහ Accounting වෘත්තීන්ගේ තත්ත්වය

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ තත්ත්වය සාරාංශගතව පහත පරිදි වේ.

Accountants (Occupation ID - 2211) සඳහා 10/04/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 90 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

Auditors (Occupation ID - 2212) සඳහා සඳහා 14/12/2018 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

ICT Business and System Analysts (Occupation ID - 2611) සඳහා 10/04/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

Software and Applications Programmers (Occupation ID - 2613) සඳහා 12/03/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 80 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

Computer Network Professionals (Occupation ID - 2631) සඳහා 14/03/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 80 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ මීළඟ ආරාධනා පත්‍ර වටය එළඹෙන මැයි  11 වන දින ක්‍රියාත්මක වීමට නියමිතය.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------

Share
Published 24 April 2019 12:24am
By Madhura Seneviratne

Share this with family and friends