ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් ට තිබිය යුතු ප්‍රධාන සුදුසුකම් : ඕස්ට්‍රේලියානු ඇසින් (SBS සිංහල / වාර්තා )

migr

Source: Supplied

නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ සංක්‍රමණිකයන්ට රැකියාවක් සොයා ගැනීමේ හැකියාව ඔවුන්ගේ ආගම හෝ ඔවුන් පැමිනෙන රට ට වඩා ඕස්ට්‍රේලියානුවන් වැදගත් කොට සලකන බවයි.

Essential Research poll විසින් SBS පුවත් සේවය වෙනුවෙන් සිදු කල මෙම සමීක්ෂණයට සහභාගී වූ පිරිස් අතරින් 3/4 ක් ම පවසා ඇත්තේ රැකියාවල් ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් තිබීම ප්‍රධාන කරුණු 3කින් 1ක් බවයි

එයින්ද 1/3ක් පවසා ඇත්තේ ඔස්ට්‍රේලියාවට ඒමට සලකා බලන  ප්‍රධාන සුදුසුකම එය බවයි

පහත දැක්වෙන්නේ එම සමීක්ෂණයේ ප්‍රතිපල

sb
Source: SBS
ඉන් පසුව වැදගත් කරුණු ලෙස වාර්තා වන්නේ ඕස්ට්‍රේලියානු සංස්කෘතික ගුණධර්ම හා ඉංග්‍රීසි භාෂා දැනුමයි
පස් දෙනෙකුගෙන් එක අයෙකුම ප්‍රකාශ කොට ඇත්තේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමෙ හැකියාව වැදගත් ම වන බවයි
මෙම සමීක්ෂනයට 1079 දෙනෙකු සහභාගී වී තිබෙනවා. එයින් 18%ක් පමණයි ආගම හා ඔවුන් පැමිණෙන රට සලකා බැලිය යුතු බව පවසා ඇත්තේ. එසේම 11%ක් පමණයි ආගම වැදගත් සාධකයක් ලෙස පවසා ඇත්තේ

ආගම

Islamaphobia Network හි Inaz Janif පවසන්නේ එසේ ආගම පිලිබද නොසැලකීම පුදුමයක් බවයි , ඇය පළමු රැකියාව ලබා ගැනීමේදී ඇයට හිජාබය නොපලදිනවා නම් එය ලැබෙන බවට පැවසු බවත් ඇ මතක් කරනවා

ඇගේ අදහස කුසලතා පිලිබදව සංක්‍රමිකයන් විවුර්ත ව කටයුතු කල යුතු බවයි

එසේම සිඩ්නි නුවර Bennelong අසුනේ ලිබරල් අපේක්ෂක John Alexander මහතා පවසන්නේ ඕස්ට්‍රේලියානුවන් එසේ ආගම පිළිබද අඩුවෙන් සැලකීම යහපත් බව . එසේම Banks හි කම්කරු පක්ෂ අපේක්ෂක Chris Gambian පවසන්නේ ඔස්ට්‍රේලියාවට ඇතුල් කර ගන්න සංක්‍රමණිකයන් සංඛ්‍යාව පිළිබද දීර්ඝ ලෙස සාකච්චා කල යුතු බවයි
scott
Source: AAP

ඕස්ට්‍රේලියානු සමාජය හා සංකලනය වීම

SBS විසින් සිදු කරනන් ලද තවත් සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ තවමත් වැඩි පිරිසක් සංක්‍රමණයෙන් ඔස්ට්‍රේලියාවට වාසි අත් වී ඇති බවට පිළිගන්න බවයි. පසුගිය Turnbull රජය සමයේදී ස්ථිර පුරවැසි භාවය ලබා දීමේදී ඕස්ට්‍රේලියානු සාරධර්ම මැන බැලීමේ යෝජනාවක්ද ඉදිරිපත් විය. එවකට අග්‍රාමාත්‍යවරයා පැවසුයේ එසේ සමාජයට අනුගත වීම ඉතා වැදගත් බව

නමුත් පුරවැසිභාවය ලබා දීමේදී වසර 4ක් ඕස්ට්‍රේලියාවේ වාසය කිරීම හා ඉංග්‍රීසි වැඩි දැනුමක් පරීක්ෂාවේ යෝජනාවද සෙනට් සභාවේදී සම්මත වුයේ නැහැ

එසේම පසුගිය පෙරවාරියෙදී රජය රටට භාර ගන්න සංක්‍රමණිකයන් ගණන 190,000 සිට 160,000 දක්වා අඩු කිරීමටද යෝජනා කලා. එය එයට කම්කරු පක්ෂයේ සහය ලැබුනත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන තාවකාලික සංක්‍රමණිකයන් සංඛ්‍යාව වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ

ඉංග්‍රීසි දැනුම

මේ වන විට රජය විසින් සංක්‍රමණිකයන්ගේ ඉංග්‍රීසි දැනුම පිළිබදවද අවධානය යොමු කොට තිබෙනවා. ජනගහන අමාත්‍ය Alan Tudge ප්‍රකාශ කොට ඇත්තේ දැනට ඕස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි කතා කල නොහැකි සංක්‍රමණිකයන් මිලියනයක් පමණ සිටින බවයි. ඔහු පවසන්නේ වසර 2006 18.6% ක පවතී එම අගය මේ වන විට 25%කට වැඩ වැඩි වී ඇති බව

නමුත් Macquarie විශ්ව විද්‍යාලයේ භාෂා අංශයේ මහාචාර්ය Ingrid Piller එයට එකග වන්නේ නැහැ . ඇගේ  අදහස ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි අගය වසර 2016 දී 16% ක් පමණ වූ බව
දැනටමත් ශිෂ්‍ය වීසා වැනි වීසා හා ස්ථිර පදිංචිය සදහා ඉංග්‍රීසි දැනුම මැන බැලීමක් සිදු වෙනවා. නමුත් සරණාගත හා පවුලේ සාමාජික වීසා සදහා එය අවශ්‍ය වන්නේ නැහැ.
රජය විසින් එසේ සරණාගත වීසා හෝ වෙනත් ස්ථිර වීසා වල සන්ක්රමනිකයනට නොමිලේ පැය 510 ක ඉංග්‍රීසි පාටමාලාද රජය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.

 ............................................................................................................................................................................

SBS සිංහල සේවය

සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා

පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

SBS සිංහල Facebook පිටුව - 


Share
Published 9 May 2019 6:50am
Updated 9 May 2019 1:18pm
By Charitha Adikari
Source: SBS News

Share this with family and friends