ලබන වසරේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේදී නොමිලයේ ඉගෙන ගත හැකි පාඨ මාලාවන් 48 මෙන්න. (SBS සිංහල/වාර්තා)

වැඩිහිටි සුරැකුම්, කෘෂිකර්ම, ඉදිකිරීම් සහ ඉංජිනේරු යන සංවර්ධනය වෙමින් පවතින කර්මාන්ත ඇතුළුව තවත් ක්ෂේත්‍ර ගණනාවකටම අදාළ TAFE පාඨ මාලාවන් 30 ක් සහ පූර්ව- අභ්‍යාසලාභි පාඨ මාලාවන් 18 ක් නොමිලයේ හැදෑරීමට මෙමගින් ඉඩ සැලසේ.

Free TAFE courses in Victoria

Source: Pixabay

වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් 2018/2019 මුදල් වර්ෂය සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයට නියමිත අය වැය පෙරේදා (01/05) දින ඉදිරිපත් කරන ලදී.

එහිදී වික්ටෝරියානු ප්‍රාන්තයේ පිහිටි TAFE විද්‍යාල වල ක්‍රියාත්මක වෘත්තීමය පාඨ මාලාවන් 50 ක් නොමිලයේ ඉගෙනීමට ලබන වසරේ සිට අවස්ථාව උදා කර දෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Tim Pallas ප්‍රකාශ කළේය.

මේ සඳහා ඩොලර් මිලියන 172 ක පිරිවැයක් ප්‍රාන්ත රජය විසින් වෙන් කර ඇති බවද ඔහු පැවසුවේය.
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
වික්ටෝරියානු ප්‍රාන්තය ගොඩනැගීමේ සහ සංවර්ධනය කිරීමේ සම්පත් ප්‍රාන්තය තුළින්ම නිමවා ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Tim Pallas ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන ජනගහනය සිටින ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය හඳුනාගෙන ඇති හෙයින් අනාගතය සඳහා මෙය හොඳ සූදානමක් බවද හෙතෙම පැවසීය.
Free TAFE courses in Victoria
Source: Getty Images

නොමිළයේ ලැබෙන පාඨ මාලාවන්

වැඩිහිටි සුරැකුම්, කෘෂිකර්ම, ඉදිකිරීම් සහ ඉංජිනේරු යන සංවර්ධනය වෙමින් පවතින කර්මාන්ත ඇතුළුව තවත් ක්ෂේත්‍ර ගණනාවකටම අදාළ TAFE පාඨ මාලාවන් 30 ක් සහ පූර්ව- අභ්‍යාසලාභි පාඨ මාලාවන් 18 ක් නොමිලයේ හැදෑරීමට මෙමගින් ඉඩ සැලසේ.

මේ අනුව පොත් පත් සහ අදාළ ලිපි ද්‍රව්‍ය වලට පමණක් සිසුන් ගෙවිය යුතු වන අතර පාඨ මාලා ගාස්තු අය කිරීමක් සිදු නොකරයි.
SBS
Source: SBS

නොමිළයේ ලබා දෙන TAFE පාඨ මාලාවන්

  • Accounting, Certificate IV/Diploma/Advanced Diploma
  • Ageing Support, Certificate IV
  • Agriculture, Certificate II/III/IV
  • Agriculture (Dairy Production), Certificate III
  • Allied Health Assistance, Certificate III/IV
  • Building and Construction (Building), Certificate IV/Diploma
  • Civil Construction, Certificate III
  • Community Services, Certificate III/IV/Diploma
  • Concreting, Certificate III
  • Construction Waterproofing, Certificate III
  • Dental Assisting, Certificate II/IV
  • Disability, Certificate IV
  • Education Support, Certificate III/IV
  • Engineering, Certificate IV
  • Horticulture, Certificate III
  • Hospitality, Certificate III
  • Individual Support, Certificate III
  • Mental Health, Certificate IV
  • Diploma of Nursing
  • Plumbing and Services, Certificate IV
Free TAFE courses in Victoria
Source: SBS

නොමිළයේ ලබා දෙන පූර්ව- අභ්‍යාසලාභි පාඨ මාලාවන්

  • Automotive Air Conditioning Technology, Certificate II
  • Automotive Body Repair Technology, Certificate II
  • Automotive Servicing Technology, Certificate II
  • Automotive Vocational Preparation, Certificate II
  • Construction Pathways, Certificate II
  • Electrotechnology (Career start), Certificate II
  • Electrotechnology (Pre-vocational), Certificate II
  • Engineering Pathways, Certificate II
  • Engineering Studies, Certificate II
  • Furniture Making, Certificate II
  • Glass and Glazing, Certificate II
  • Horticulture, Certificate II
  • Meat Processing (Food services), Certificate II
  • Plumbing (Pre-apprenticeship), Certificate II
  • Printing and Graphic Arts (General), Certificate II
  • Retail Baking Assistance, Certificate II
  • Salon Assistant, Certificate II
  • Signage and Graphics, Certificate II
*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share
Published 3 May 2018 11:56am
Updated 3 May 2018 4:57pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends