ලෝකයේ වැඩිපුරම බෞද්ධයින් ඉන්නේ ලංකාවේද? (SBS සිංහල/වාර්තා)

ලොව පුරා බෞද්ධයින් මිලියන 500 ක් පමණ මේ වන විට සිටින බවට ලෝක ප්‍රසිද්ධ Pew පර්යේෂණ ආයතනය වාර්තා කරන අතර ඉගැන්වීම් සහ පිළිපැදීම් මූලික කොටගෙන බුදු දහම ප්‍රධාන ආකාර තුනකට ලොව පුරා පැතිරී තිබේ.

Is Sri Lanka has the largest Buddhist proportion in the world?

Source: Getty Images

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝධිසත්වයාණන් බුද්ධත්වයට පත්වීම සහ සම්මා සම්බුදු පියාණන්ගේ මහ පරිනිර්වාණය යන සම්බුදු තෙමගුල සිහි කෙරෙන 2562 වැනි උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ඊයේට (29/04) යෙදී තිබුණි.

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන ලොව පුරා බෞද්ධයින් විවිධවූ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් වල නිරත වූ බව වාර්තා වේ.

බෞද්ධ ග්‍රන්ථ සහ ඉතිහාස කතා වලට අනුකූලව වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය පහත කරුණු හේතුවෙන් බෞද්ධයන්ට වැදගත් වේ.

  • සුද්ධෝදන මහරජතුමාට හා මහාමයා දේවියට පුත්ව සිදුහත් කුමරු කිඹුල්වත්නුවර ලුම්බිණි සල් උයනේදී මෙලොව උපත ලැබීම.
  • සිදුහත් කුමරු සියලු සැප අතහැර ගිහිගෙයින් නික්ම හය වසක් දුෂ්කරක් ක්‍රියාකර උතුම් වූ බුද්ධත්වයට පත්වීම.
  • බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදී පිරිනිවන් පෑම.
  • බුද්ධත්වයෙන් අට වසරකට පසු ගෞතම බුදුන් වහන්සේ ශ්‍රි ලංකාවේ කැළණියට වැඩම කිරීම.
  • කැළණියට වැඩම කළ පසු  සුමන සමන් දෙවියන්ගේ ආරාධනය පිළිගෙන සමනළ කන්ද මුදුනෙහි සිරිපත්ල සටහන් කිරීම.
  • විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීම.
  • ධර්මාශෝක රජු විසින් දෙවන පෑ තිස් රජුට දෙවන වරට අභිෂේක ලබා දීම.
  • දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයේ වැඩ ආරම්භ කිරීම.
Is Sri Lanka has the largest Buddhist proportion in the world?
Source: SBS

ලොව පුරා බුදු දහම

ලොව පුරා බෞද්ධයින් මිලියන 500 ක් පමණ මේ වන විට සිටින බවට ලෝක ප්‍රසිද්ධ Pew පර්යේෂණ ආයතනය වාර්තා කරන අතර ඉගැන්වීම් සහ පිළිපැදීම් මූලික කොටගෙන බුදු දහම ප්‍රධාන ආකාර තුනකට ලොව පුරා පැතිරී තිබේ.

1. ථේරවාදී බුදු දහම.

2. මහායාන බුදු දහම.

3. වජ්‍රයාන බුදු දහම.
Is Sri Lanka has the largest Buddhist proportion in the world?
Source: Flickr

ලෝකයේ වැඩිම බෞද්ධයින් වෙසෙන රටවල්

ලොව පුරා වැඩිම බෞද්ධයින් වාසය කරන රට ලෙස චීනය වාර්තා වන අතර livepopulation වෙබ් අඩවියට අනුව මේ වන විට චීනයේ බෞද්ධයින් 249,984,513 ක් වෙසෙන අතර එය චීන ජනගහනයෙන් 18.2% ක් ලෙස සඳහන්.

ලොව දෙවැනි ඉහළම බෞද්ධයින් වෙසෙන රට ලෙස ජපානය සැලකෙන අතර මේ වන විට ජපානයේ බෞද්ධයින් 84,637,025 වාසය කරයි. එය ජපාන ජනගහනයෙන් 66.8% කි.

එම ලයිස්තුවේ තුන්වන තැන උසුලන්නේ වියට්නාමය වන අතර මේ වන විට වියට්නාමයේ බෞද්ධයින් 8,859,275 වාසය කරයි. එය වියට්නාමයේ ජනගහනයෙන් 9.3% කි.

තායිලන්තය ලොව පුරා වැඩිම බෞද්ධයින් වාසය කරන රටවල් අතරින් සිව්වන තැනට පත්ව ඇති අතර මේ වන විට එහි බෞද්ධයින් 6,383,597 ක් වාසය කරයි.

බෞද්ධයින් 5,063,246 ක් වෙසෙන මියන්මාරය හෙවත් බුරුමය ලොව පුරා වැඩිම බෞද්ධයින් වාසය කරන රටවල් අතරින් පස්වන තැනට පත්ව තිබෙන්නේ මුළු ජනගහනයෙන් 89% ක් බෞද්ධ වෙමිනි.

ශ්‍රී ලංකාවට මෙම ලැයිස්තුවේ හිමිව ඇත්තේ පස්වන ස්ථානය වේ. ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණන වෙබ් අඩවියට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ බෞද්ධයින් 14,272,056 ක් වෙසෙන අතර එය ශ්‍රී ලංකා ජනගහනයෙන් 70.1% ක් ලෙස සඳහන්.
Is Sri Lanka has the largest Buddhist proportion in the world?
Source: Wikipedia

ජනගහනයට සමානුපාතිකව ඉහළම ප්‍රතිශතයකින් බෞද්ධයින් වෙසෙන රටවල්

ජනගහනයට සමානුපාතිකව ලොව ඉහළම ප්‍රතිශතයකින් බෞද්ධයින් වෙසෙන ප්‍රමුඛ රටවල් 5 පහත පරිදි වන අතර ශ්‍රී ලංකාව එහි පස්වන ස්ථානයේ පසුවෙයි.

  1. කාම්බෝජියාව - 96.9%
  2. තායිලන්තය - 93.6%
  3. මියන්මාරය - 89.0%
  4. භූතානය - 75.3%
  5. ශ්‍රී ලංකාව - 70.1%
Is Sri Lanka has the largest Buddhist proportion in the world?
Source: Wikipedia

ලොව ප්‍රධාන බෞද්ධ රටවල සිදු කෙරෙන ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් සහ පිළිපැදීම්

මහායාන බුදු දහම ක්‍රියාත්මක රටවල්

  • චීනය
  • ජපානය
  • නේපාලය
  • භූතානය
  • වියට්නාමය
  • තායිවානය
  • කොරියාව
  • මැලේසියාව
  • සිංගප්පූරුව

ථේරවාදී බුදු දහම ක්‍රියාත්මක රටවල්

  • කාම්බෝජියාව
  • තායිලන්තය
  • මියන්මාරය
  • ශ්‍රී ලංකාව
  • ලාඕසය

වජ්‍රයාන බුදු දහම ක්‍රියාත්මක රටවල්

  • ටිබෙටය
  • මොන්ගෝලියාව
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


 


Share
Published 30 April 2018 11:31am
By Madhura Seneviratne

Share this with family and friends