ඔස්ට්‍රේලියාවේ බිත්තර පරිභෝජනය කරනවා නම් මේ ලිපිය අනිවාර්යෙන් කියවන්න. (SBS සිංහල/වාර්තා)

යම් නිෂ්පාදකයෙකු තමන්ගේ බිත්තර ඇසුරුමේ free range යනුවෙන් කුමන අන්දමේ සඳහනක් සිදු කර ඇතිමුත් ඒවා free range වර්යේ ප්‍රමිතීන්ට අනුකූල නොවන්න්නේ නම් ඔස්ට්‍රේලියාවේ පවතින පාරිභෝගික නීතියට අනුව ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට හැකි බවද ඔහු පෙන්වා දෙයි.

free range eggs

Source: Getty Images

ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළේ පවතින free range වර්ගයේ බිත්තර නිෂ්පාදනය පිළිබඳ ඔස්ට්‍රේලියානු  පාරිභෝගික විමර්ශන ආයතනයක් වන Australian Competition and Consumer Commission (ACCC)  හෙවත් ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම නව ප්‍රමිතීන් ඉදිරිපත් කර තිබේ.

ඔස්ට්‍රේලියානු බිත්තර වෙළෙඳ පොළේ පවතින free range වර්ගයේ බිත්තර පිළිබඳ පසුගිය කාලයේ පැවති සැක සහ විවධ අපැහැදිලිතා  මගහරවා ගැනීමට මෙසේ නව ප්‍රමිතීන් හඳුන්වා දුන් බව ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම  පවසයි.

මෙම නව නීති වලට අනුව ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම හඳුන්වා දුන් ප්‍රමිතීන් සපුරනු නොලබන බිත්තර සඳහා එහි ඇසුරුමේ "free range" යන නාමය සටහන් කිරීමට බිත්තර නිෂ්පාදකයින්ට අවස්ථාව නොලැබේ.
free range eggs
Source: SBS

නව නීති මොනවාද?

01. බිත්තර දමන කාලය තුළදී අදාළ කිකිළියන්  දිවා කාලය තුළදී කූඩුවලින් පිටතට යාමට නිරන්තරව අවස්තාව සලසා දීම.

02. අදාළ කිකිළියන් හට සැලකිය යුතු වෙලාවක් එළිමහනේ නිදහසේ ගමන් කිරීමට අවස්තාව සැලසීම.

03. හෙක්ටයාරයකට කිකිළියන් 10,000 ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ඇති කිරීම.

04. බිත්තර අසුරණයේ අදාළ සංඛ්‍යාව නිවැරදිව ඒ අයුරින්ම සටහන් කිරීමට වග බලා ගැනීම.
free range eggs
Source: SBS

අප්‍රේල් 26 සිට නීතිය ක්‍රියාත්මකයි.

ඔස්ට්‍රේලියානු වෙළෙඳ සැල් හිමියන්  free range වර්ගයේ බිත්තර සඳහා හොඳ මිලක් ගෙවීමට සූදානම් නමුත් ඒවා ඇත්තෙන්ම  free range වර්ගයේ නියම ප්‍රමිතීන් ට තිබීම අතිශය වැදගත් බව ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසමේ සභාපති  Rod Sims පැවසුවේය.

ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම විසින් free range වර්ගයේ බිත්තර සඳහා හඳුන්වා දුන් නව ප්‍රමිතීන් ඊයේ සිට ක්‍රියාත්මක වන අතර මින් පසුව free range වර්ගයේ බිත්තර වෙළඳ පොළට නිකුත් කිරීමට බලය ඇත්තේ ඉහත සඳහන් ප්‍රමිතීන්ට එකඟව කටයුතු කරන බිත්තර නිෂ්පාදකයින්ට පමණක් බව Rod Sims පවසයි.

යම් නිෂ්පාදකයෙකු තමන්ගේ බිත්තර ඇසුරුමේ  free range යනුවෙන් කුමන අන්දමේ සඳහනක් සිදු කර ඇතිමුත් ඒවා  free range වර්යේ ප්‍රමිතීන්ට අනුකූල නොවන්න්නේ නම් ඔස්ට්‍රේලියාවේ පවතින පාරිභෝගික නීතියට අනුව ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මේ සඳහා පාරිභෝගිකයින්ද සැලකිල්ලෙන් සිටිය යුතු බව ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 27 April 2018 10:22pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends