ඔස්ට්‍රේලියාවේ බහුලව පවතින ආසාත්මිකතා පිළිබඳ ඔබ දන්නවාද? (SBS සිංහල/වාර්තා)

2018 වසරේ අප්‍රේල් 22 සිට 28 දක්වා World Allergy Week හෙවත් ලෝක අසාත්මිකතා පිළිබඳ සතිය ලෙස නම් කර තිබේ.

common allergies in Australia

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයින් හට විවිධ වර්ගයේ ආසාත්මිකතාවන් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව වාර්තා වේ.

එම ආසාත්මිකතා ඇතිවීමට ප්‍රධාන සාධකයක් ලෙස ආහාර හඳුනාගෙන තිබේ.

දැනට පවතින වාර්තා වලට අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිහියන්ගෙන් 1-2% ප්‍රමාණයක් ද වයස අවුරදු 5 ට අඩු දරුවන්ගෙන්  4-8% ක ප්‍රමාණයක්ද මෙලෙස ආහාර ආසත්මිකතාවන්ට ගොදුරු වන බව allergyfacts වෙබ් අඩවිය පවසයි.

මීට  අමතරව වයස අවුරුදු 1ට අඩු කුඩා දරුවන්ගෙන් 10% ක් සඳහා ආහාර ආසාත්මිකතාවන් ඇතිවීමේ සම්භාවිතාවක් පවතින බවද නවතම දත්ත හෙළිදරව් කරයි.

දරුවන්ට ඇතිවන බොහෝ ආහාර ආසාත්මිකතාවන් එතරම් දරුණු නොවන අතර ඒවා කාලයත් සමග නැතිවී යයි.
common allergies in Australia
Source: Getty Images

දරුවන්ට ආසාත්මිකතාවන් ඇති කරන ප්‍රධාන සහ සුලබ ආහාර පාන වර්ග

  • බිත්තර
  • රට කජු
  • tree nuts
  • එළ කිරි
common allergies in Australia
Source: Getty Images

වැඩිහිටියන්ට ආසාත්මිකතාවන් ඇති කරන ප්‍රධාන සහ සුලබ ආහාර පාන වර්ග

  • මාළු
  • ඉස්සන්, පොකිරිස්සන්, බෙල්ලන් වැනි කබලු මුහුදු ආහාර
  • තල
  • සෝයි
  • තිරිඟු
  • රටකජු
  • tree nuts
common allergies in Australia
Source: AAP
ඇතැම් ආහාර ආසාත්මිකතාවන් ඉතා දරුණු තත්ත්වයන් ඇති කිරීමට සමත් වන අතර ඒවා ජීවිතයට තර්ජනයක් එල්ල කරන ප්‍රතික්‍රියා පවා දක්වන්නට යෙදෙන බව වාර්තා වේ.

එම අවස්තාවන් anaphylaxis හෙවත් අසංරක්ෂණත්වය ලෙස හැඳින්වේ.

දරුවන් අතර ඇතිවන ආසත්මිකතා බහුල ලක්ෂණයක් වන අතර බරපතල ආසාත්මිකතාවන් හට ප්‍රතිකාර කිරීමට ඔස්ට්‍රේලියාවේ රෝහල් වල හදිසි ප්‍රතිකාර දෙපාර්තමේන්තු සූදානමින් සිටියි.

ආහාර ආසාත්මිකතා හේතුවෙන් ඇතිවන මරණ ඉතා කලාතුරකින් වාර්තා වන අතර ඖෂධ හේතුවෙන් මෙන්ම කෘමීන් සපා කෑම් හේතුවෙන් ඇතිවන ආසාත්මිකතා, ආහාර ආසාත්මිකතා  වලට වඩා මාරාන්තික බව හෙළිවී ඇත.
common allergies in Australia
Source: Getty Images

ආහාර ආසාත්මිකතා වල ලක්ෂණ

  • සමේ ලප ඇතිවීම
  • තොල්, මුහුණ සහ ඇස් ඉදිමීම්
  • දිව ඉදිමීම
  • වමනය
  • උදරීය වේදනාව
  • ශ්වසන අපහසුතා
  • නොනවත්වා පවතින කැරකිල්ල හෝ ක්ෂණික කලන්තය
අදාළ ආසාත්මිකතාවන් හට නිසි ප්‍රතිකාර නොකළහොත් මෙම ලක්ෂණ මාරාන්තික වීමට ඉඩ ඇති බවද සඳහන්.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 24 April 2018 11:44am
By Madhura Seneviratne

Share this with family and friends