මාර්තු මාසයේ ඕස්ට්‍රේලියානු රජය අපේක්ෂිත රැකියා වර්ධනය ලඟා කරගැනීමට අපොහොසත් වෙයි. (SBS සිංහල / වාර්තා )

Classified advertisements in a newspaper with a pen circling a job

Australia's unemployment rate has edged up to 5.6 per cent as more people seek work. Source: AAP

ගෙවී ගිය මාර්තු මාසය තුල ඕස්ට්‍රේලියාව තුල නව රැකියා අවස්ථා 20,000ක් පමණ නිර්මාණය වනු ඇති බව රජයේ අපේක්ෂාව වුවත්, එම මාසය තුල නිර්මාණය වී ඇත්තේ රැකියා අවස්ථා 4900ක් පමණක් බව දත්ත මගින් පෙන්වා දී තිබේ. පසුගිය වසරේ මාසයකට දල වශයෙන් රැකියා අවස්ථා 35,000ක් පමණ අලුතෙන් නිර්මාණය වූ බව දත්ත පේනවා දෙන අතර, පසුගිය වකවානුව තුල දක්නට ලැබුණු රැකියා අවස්ථා වර්ධනය වීමේ රිද්මයේ පහත වැටීමක් ඒ අනුව පෙන්නුම් කරන බව විද්වත් මතය වී තිබේ.

 

ස්ථිර රැකියා අවස්ථා 19,900ක් ඕස්ට්‍රේලියානු ශ්‍රමිකයින්ට මාර්තු මාසය තුල අහිමි වී ඇති අතර, අර්ධ කාලීන රැකියා අවස්ථා 24,800ක් මාර්තු මාසය තුල නිර්මාණය වී ඇති බව වැඩි දුරටත් සදහන්.

 

මාර්තු මාසය වන විට ඕස්ට්‍රේලියාව තුල විරැකියා ප්‍රතිශතය 5.5% ක් වන අතර පිට පිට මාස තුනක් විරැකියා ප්‍රතිශතය මෙම අගයේ පැවතීම විශේෂ තත්වයක්.

තවද ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අපේක්ෂා කරන ආකාරයට විරැකියා ප්‍රතිශතය 5.25% දක්වා ඉදිරි මාස කීපය තුලදී පහත වැටීමට ඉඩ ඇති බව සදහන්. කෙසේ වෙතත් ආර්ථික විද්වතුන් පවසන්නේ ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අපේක්ෂා කරන ආකාරයට  5.25%  දක්වා විරැකියා ප්‍රතිශතය පහත දැමීම තරමක අභියෝගාත්මක කාරණයක් වනු ඇති බවයි.

 

2017 වසර තුල ඕස්ට්‍රේලියාව  තුල රැකියා අවස්ථා 400,000ක් නිර්මාණය වී තිබු අතර, එය වාර්තාගත අගයක් බව සදහන්.

 

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාව තුල ඉතා ඉහල රැකියා වර්ධන වේගයක් පෙන්නුම් කලද, මේ වසරේ මාර්තු වන විට එය මන්දගාමී වී ඇති බව BIS Oxford ආයතනයේ ආර්ථික විද්‍යාඥ Sarah Hunter පවසනවා. තවද වසරකට ලක්ෂ 400,000 කට වැඩ වැඩි රැකියා සංඛ්‍යාවක් වර්ධනය වීම ප්‍රයෝගිකව බලාපොරොත්තු විය නොහැකි බව ඇය  වැඩි දුරටත් පෙන්වා දී තිබේ. ඇය පෙන්වා දෙන ආකාරයට ඉදිරි වසර තුල මසකට දල වශයෙන් රැකියා අවස්ථා 15,000කට ආසන්න ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාව තුල නිර්මාණය වනු ඇති බව සදහන්.

 

තවද ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකාය පවතින තත්වය මත ඉදිරි මස කීපය තුලදී වේතන වල සැලකිය යුතු වර්ධනයක් බලාපොරොත්තු විය නොහැකි බවද විද්වතුන් පෙන්වා දී තිබේ.


Share
Published 21 April 2018 5:28am
Updated 21 April 2018 5:36am
By Sanjaya Dissanayake


Share this with family and friends