ඔස්ට්‍රේලියානු වීසා ලබා ගැනීමට ඔබ සම්පූර්ණ කළ යුතු සෞඛ්‍ය අවශ්‍යතා ගැන දන්නවාද? (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ කුමන අන්දමේ ස්ථිර වීසා සඳහා අයදුම් කරනවිට එහි ප්‍රධාන අයදුම්කරු, ඔහුගේ හෝ ඇයගේ සහකරු හෝ සහකාරිය සහ අයදුම්කරු ගේ කවුරුන්හෝ යැපෙන පුද්ගලයින් අදාළ සංක්‍රමණික රෙගුලාසි වලට යටත්ව අදාළ සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සඳහන් කරයි.

Health requirements for an Australian Visa

Source: Getty Images

ලොව හොඳම මට්ටමේ සෞඛ්‍ය ප්‍රමිතීන් සහ තත්ත්වයන් ඔස්ට්‍රේලියාව තුළ අත් විඳිය හැකිය.

එනිසාම මෙම උසස් තත්ත්වය නොකඩවා එක ලෙස තබා ගැනීමට ඔස්ට්‍රේලියාවට ස්ථිර ලෙස හෝ තාවකාලික ලෙස සංක්‍රමණය කරන උදවිය මෙහි ක්‍රියාත්මක සංක්‍රමණික රෙගුලාසි වලට යටත්ව අදාළ සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු වේ.

එනිසාම ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා ඛාණ්ඩ සඳහා අදාළ සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් වේ.
Australian Visa
Australian Visa Source: SBS

ස්ථිර පදිංචිය (ස්ථිර වීසා) වෙත අයදුම්කරන්නන් සඳහා

ඔස්ට්‍රේලියාවේ කුමන අන්දමේ ස්ථිර වීසා සඳහා අයදුම් කරනවිට එහි ප්‍රධාන අයදුම්කරු, ඔහුගේ හෝ ඇයගේ සහකරු හෝ සහකාරිය සහ අයදුම්කරු ගේ කවුරුන්හෝ යැපෙන පුද්ගලයින් අදාළ සංක්‍රමණික රෙගුලාසි වලට යටත්ව අදාළ සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම වීසා සඳහා අයදුම්කරන අයදුම්කරුවන් සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර වයස අවුරුදු 11 හෝ ඊට වැඩි නම් x-ray පරීක්ෂාවක්ද, වයස අවුරුදු 15 හෝ ඊට වැඩි නම් HIV/AIDS සඳහා පරීක්ෂාවක්ද කළ යුතු වේ.

ඊට අමතරව Medical Officer of the Commonwealth හෙවත් MOC විසින් නිර්දේශ කරනු ලබන කුමන හෝ අමතර පරීක්ෂාවක් වෙත්නම් එයද සිදු කළ යුතු වේ.
Australian visa application.
Australian visa application. Source: Getty Images

තාවකාලික වීසා වෙත අයදුම්කරන්නන් සඳහා

ඔස්ට්‍රේලියාවේ කුමන අන්දමේ හෝ තාවකාලික වීසා සඳහා අයදුම් කරනවිට එහි ප්‍රධාන අයදුම්කරු සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර x-ray පරීක්ෂාවක් ද සිදු කළ යුතු වේ.

එමෙන්ම අදාළ අයදුම්කරුවා කොපමණ කලක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටිනවාද, ඔස්ට්‍රේලියාව තුළ ඔහු හෝ ඇය සිදු කරන ක්‍රියාවන් මොනවාද, ක්ෂය රෝගය වැනි බරපතල සෞඛ්‍ය ගැටළු සඳහා තමන්ගේ රට ඇති අවදානම් මට්ටම අනුව ඉතිරි වෛද්‍ය පරීක්ෂණ සිදු කරනු ඇත.

අදාළ අයදුම්කරුවන් සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙන් වෙන් වශයෙන් ඔවුන්ට අදාළ සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳ දැනුවත් කරයි.
health requirements for an Australian Visa
Source: SBS

තීරණ ගැනීමේ ක්‍රියාවලිය

සාමන්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ x-ray පරීක්ෂාවන් අවශ්‍ය අයදුම්කරුවන් සහ කැපී පෙනෙන සෞඛ්‍ය තත්ත්වයන් හඳුනාගතහොත් MOC විසින් තම මතය (සෞඛ්‍ය අවශ්‍යතා තෘප්තිමත් මට්ටමක තිබෙනවාද නැතිද යන්න) දෙපාර්තමේන්තුව වෙත යොමු කරයි.

ඒ සඳහා ඔවුන් පහත කරුණු පිළිබඳ සළකා බලයි.

  • සාමන්‍ය වෛද්‍ය පරීක්ෂණයේ සහ x-ray පරීක්ෂාවේ ප්‍රතිඵල.
  • අයදුම්කරුගේ සෞඛ්‍ය ඉතිහාසය, වයස සහ ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට අපේක්ෂිත කාලය.
  • වෙනත් සම්බන්ධිත කාරණා.
ඉන් අනතුරුව සංක්‍රමණික රෙගුලාසි වලට අනුව සංක්‍රමණික කටයුතු භාර නිලධාරීන් අදාළ අයදුම්කරු සම්බන්ධව MOC ලබා දුන් තීරණය අනුමත කිරීම සිදු කරයි.

ඔස්ට්‍රේලියානු වීසා සඳහා සැලකිල්ලට ගැනෙන බරපතල සෞඛ්‍ය තත්ත්වයන් මොනවාද?

ඔස්ට්‍රේලියානු වීසා ලබා ගැනීමේදී පවත්වන සෞඛ්‍ය පරීක්ෂණ වලදී බරපතල සෞඛ්‍ය තත්ත්වයන් ලෙස පහත සෞඛ්‍ය ගැටළු පිළිබඳ බරපතල ලෙස අවධානය යොමු කරයි.

  • ක්ෂය රෝගය
  • හෙපටයිටීස්
  • HIV/AIDS
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


 


Share
Published 23 April 2018 5:14pm
By Madhura Seneviratne

Share this with family and friends