ඔස්ට්‍රේලියාව තුළ පිහිටා ඇති ලෝක උරුමයන් පිළිබඳ ඔබ දන්නවාද? (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත සහ ටෙරිටරි වල පිහිටා ඇති ප්‍රධාන ලෝක උරුමයන් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

World Heritage Sites in Australia.

Source: Flickr

අප්‍රේල් 18 වන දින ලෝක උරුම දිනය ලෙස නම් කර තිබේ. ලෝක උරුමයන් නම් කරන සහ ලෝක උරුමයන් පිළිබඳ තීන්දු ගන්නා යුනෙස්කෝ සංවිධානය සෑම රටකම පාහේ ඈති ලෝක උරුමයන් පිළිබඳ ලැයිස්තු සකස් කොට ඒවා ප්‍රකාශයට පත් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත සහ ටෙරිටරි වල පිහිටා ඇති ප්‍රධාන ලෝක උරුමයන් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

ඒවායේ ඇතැම් ස්ථාන පාරිසරික බව නිසාත් ඇතැම් ස්ථාන සංස්කෘතිකමය වටිනාකම නිසාත් ලෝක උරුමයන් බවට පත්වී ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

Greater Blue Mountains Area

ඔස්ට්‍රේලියාවේ බහුලව දැකිය හැකි eucalyptus ශාඛ වල විශේෂ ගණනාවක් මෙම ප්‍රදේශයේ දක්නට ලැබීම Greater Blue Mountains ප්‍රදේශය පාරිසරික බැවින් ලෝක උරුමයක් බවට නම් කිරීමට හේතුවී ඇත.

මෙය 2000 වසරේදී ලෝක උරුමයක් ලෙස නම් කෙරුණි.
Greater Blue Mountains Area
Source: Wikipedia

Lord Howe Island Group

වසර මිලියන 7 ක් පමණ පැරණි වූ වැසුණු ගිනි කන්දක් ඇති මෙම දූපත ඒක දේශීය ගණනාවකට නිවහනක් සපයයි.

1982 වසරේදී මෙය පාරිසරික වටිනාකම හේතුවෙන් ලෝක උරුමයක් ලෙස නම් කෙරුණි.
Lord Howe Island Group
Source: Wikipedia

Sydney Opera House

1973 වසරේදී විවෘත කළ මෙම ලෝක ප්‍රකට රඟහලේ අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පය හේතුවෙන්ම එය වසර 2007 දී සංස්කෘතිමය අතින් ලෝක උරුමයක් ලෙස නම් කෙරුණි.
Sydney Opera House
Source: Wikipedia

නොදර්න් ටෙරිටරි

Kakadu National Park

Kakadu ජාතික උද්‍යානයේ පිහිටි Kakadu තෙත් බිම හේතුවෙන් මෙය ලෝක උරුමයක් ලෙස නම් කෙරුණි.

Kakadu ජාතික උද්‍යානයෙන් තුනෙන් එකක ප්‍රදේශයක් පුරාම පැතිරී ඇත්තේ මෙම Kakadu තෙත් බිම් කලාපය වේ.

මෙම භූමියේ වසර 40,000 කට පමණ පෙර සිටම මිනිසුන් වාසය කළ බවට සාක්ෂි ලැබී තිබේ.

Kakadu ජාතික උද්‍යානය සංස්කෘතිමය අතින් මෙන්ම පාරිසරික අතින්ද ලෝක උරුමයක් ලෙසට පත් කෙරුණේ 1981 වසරේදීය.
Kakadu National Park
Source: Wikipedia

Uluṟu-Kata Tjuṯa National Park

ඇබෝර්ජීනියානු වැසියන්ගේ පූජනීය භූමියක් වූ මෙය Uluṟu සහ KataTjuṯa යන කඳු හේතුවෙන් සුවිශේෂී තැනක් ගනී.

Uluṟu හිදී වසර 10,000 කට වඩා පැරණි ලෙන් චිත්‍රද හමුවී ඇත.

මෙය 1987 වසරේදී සංස්කෘතිමය අතින් මෙන්ම පාරිසරික අතින්ද ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණි.
Uluṟu-Kata Tjuṯa National Park
Source: SBS

ක්වීන්ස්ලන්තය

Fraser Island

ලෝකයේ විශාලතම වැලි දූපත ලෙස මෙම Fraser Island හැඳින්වේ.

වසර 750,000 ක පටන් මෙහි වැලි එකතු වන බව පැවසේ.

මෙහි පිරිසිදු ජලය සහිත වැව් 100 ක් පමණ ඇති අතර වැලි මත ලෝකයේ පැල කෙරුණු ප්‍රථම වැසි වනාන්තරය ද ඇත්තේ මෙහි බව සඳහන්.

මෙය 1992 වසරේදී පාරිසරික අතින් මෙය ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණි.
Fraser Island
Source: Wikipedia

Great Barrier Reef

වෙන් වෙන්වූ කොරල් පර 2900 කින් පමණ සැදුම් ලත් මෙය ලොව විශාලතම කොරල් පරය ලෙස හැඳින්වේ.

විවිධ වර්ගයේ කොරල් විශේෂ 400 ක් පමණක් මෙහි අඩංගු වන අතර 1981 වසරේදී පාරිසරික අතින් මෙය ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණි.
Great Barrier Reef
Source: Wikipedia

Australian Fossil Mammal Sites

ක්වීන්ස්ලන්තය සහ දකුණු ඔස්ට්‍රේලියාවට අයත්   සහ යන ෆොසිල කලාප ද්විත්වය ලොව පවතින හොඳම ෆොසිල කලාප 10 අතරට ගැනේ.

ක්ෂීරපායින්ගේ ඉතිහාසය සහ පරිණාමය පිළිබඳ බොහෝ කරුණු මෙම ප්‍රදේශ වලින් හෙළිවී ඇති අතර 1992 වසරේදී මේවා ලෝක උරුමයන් ලෙසට නම් කෙරුණි.
Australian Fossil Mammal Sites
Source: Wikipedia

ටස්මේනියාව

Macquarie Island

මුහුදු මට්ටමට ඉහළින් පෘථිවියේ පිට කබල දිස්වන ලොව ඇති එකම ස්ථානය මෙය ලෙස වාර්තා වන අතර භූගෝලීය ලෙස ඇති සුවිශේෂී ලක්ෂණය හේතුවෙන් මෙය 1997 වසරේදී ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණි.
Macquarie Island
Source: Wikipedia

Tasmanian Wilderness

ලොව අවසාන සමෝෂ්ණ වනාන්තර වලින් එකක් ලෙස හැඳින්වෙන මෙය ටස්මේනියාවෙන් 20% ක් පමණ වසාගෙන පවතී.

මෙයට ලඟා වීම ඉතා දුෂ්කර බව පැවසෙන අතර 1982 දී මෙය ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණි.
Tasmanian Wilderness
Source: Wikipedia

වික්ටෝරියා

Royal Exhibition Building සහ Carlton Gardens

1880 වසරේදී පැවැත්වූ World's Fair සඳහා මෙම ප්‍රදර්ශන ගොඩනැගිල්ල ඉදිකළ අතර 19 වන සියවසේ ලොව ඉදිවූ අවසාන ප්‍රදර්ශන ගොඩනැගිලි වලින් එකක් ලෙස මෙය හැඳින්වේ.

අද්විතීය ගෘහ නිර්මාණ ශිල්ප දැකිය හැකි මෙම ගොඩනැගිල්ලට යාබඳව පිහිටි Carlton උද්‍යානය වික්ටෝරියානු යුගයේ පැවති වතු සැලසුම් වලට ජීවමාන සාක්ෂියකි.

වික්ටෝරියානු ප්‍රාන්තයටම ආවේණික වූ ශාඛ විශේෂ කිහිපයකටම මෙය නිවහනක් වී තිබේ.

2004 වසරේදී මෙය ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණි.
Royal Exhibition Building සහ Carlton Gardens
Source: Wikipedia

බටහිර ඔස්ට්‍රේලියාව

Shark Bay

ලොව ඇති විශාලතම සහ සාරවත්ම seagrass දෙනි මෙහි පිහිටා ඇත.

වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති dugongs හෙවත් මුහුදු ගවයින් හට මෙම ප්‍රදේශය නිවහනක් වී ඇත.

1991 වසරේදී මෙය ලෝක උරුමයක් ලෙසට නම් කෙරුණි.
Shark Bay
Shark Bay Source: Wikipedia
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 17 April 2018 10:45pm
By Madhura Seneviratne

Share this with family and friends