ඔස්ට්‍රේලියාවේ පිළිකා රෝගීන්ට ඔස්ට්‍රේලියානු රජයෙන් තවත් සහනයක්.

Pharmaceutical Benefits Scheme

Source: Getty Images

පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල දැමිය හැකි Keytruda නම් ඖෂධය Pharmaceutical Benefits Scheme (PBS)  හෙවත් ඔස්ට්‍රේලියානු සහන මිලට ඖෂධ ලබාදෙන වැඩසටහන සඳහා ඇතුළත් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

Lymphoma රෝගීන් සදහා ප්‍රතිකාර ලබාගැනීමේදී මෙය සුවිශාල පිටිවහලක් වන බව Lymphoma Australia  සංවිධානය පවසයි.

Hodgkins Lymphoma රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන රෝගීන් හට PBS වැඩසටහන යටතේ අදාළ ඖෂධය ලබාගත හැකි වනු ඇති බව සදහන්.

මෙම රෝගී තත්වයට සෑම වසරකම ඔස්ට්‍රේලියානුවන් 600කට ආසන්න සංඛ්‍යාවක් ගොදුරු වන බවත්, ඔවුන්ට රජයේ මෙම තීරණය ඉතා විශාල සහනයක් වනු ඇති බවත් Lymphoma Australia සංවිධානයේ ප්‍රධාන විධායක  Sharon Winton පවසයි.


Share
Published 16 April 2018 1:01pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends