ඔස්ට්‍රේලියාවේ family visa සඳහාත් නීති වෙනස් වෙයි. අප්‍රේල් 01 සිට පෙන්විය යුතු මුදල් ප්‍රමාණයත් ඉහළට. (SBS සිංහල/වාර්තා)

පැරණි සීමාවට අනුව තම දෙමාපියන්ට මුල්‍ය අනුග්‍රහය දැක්වීම උදෙසා යුවලකගේ මුළු ආදායම් එකතුව වසරකට $45,185 ක් වූ නමුත් නව සීමාවට අනුව එය වසරකට $115,475 දක්වා ඉහළ දමා ඇත.

Australia family visa

Source: Getty Images

තම දෙමාපියන් හෝ පවුලේ නෑ හිතවතුන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේදී අදාළ වීසා අයදුම්පත්‍රය සමග පෙන්විය යුතු මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන තම පවුලේ හිතවතුන් හට මුල්‍ය අංශයෙන් සහය දැක්වීම උදෙසා The Assurance of Support scheme වැඩසටහන හරහා අදාළ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ ආදායම යම් මට්ටමක තිබිය යුතු බවට තීරණය කර තිබුණි.

නමුත් ඔස්ට්‍රේලියානු රජයේ මෙම තීරණය සමග අදාළ ආදායම් සීමාව සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇත.

පැරණි සහ නව ආදායම් සීමාවන්.

පැරණි සීමාවට අනුව තම දෙමාපියන්ට මුල්‍ය අනුග්‍රහය දැක්වීම උදෙසා යුවලකගේ මුළු ආදායම් එකතුව වසරකට $45,185 ක් වූ නමුත් නව සීමාවට අනුව එය වසරකට $115,475 දක්වා ඉහළ දමා ඇත.

මේ අතර තම දෙමාපියන්ට මුල්‍ය අනුග්‍රහය දැක්වීම උදෙසා තනි පුද්ගලයෙකුගේ ආදායමේ නව සීමාව $86,606 ක් ලෙසද ඉහළ දමා තිබෙන බව ඔස්ට්‍රේලියාවේ සාමාජ සේවා දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

නමුත් තනි පුද්ගලයෙකුගේ ආදායමේ පැරණි සීමාව වසරකට $45,185 ක් වූ බව සඳහන්.
Australia family visa
Source: SBS

මුල්‍ය අනුග්‍රහය දැක්විය යුත්තේ කුමන වීසා ඛාණ්ඩ සඳහාද?

පවුලේ හිතවතුන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේදී අදාළ අයදුම්කරුවන් සඳහා මුල්‍ය අනුග්‍රහය දැක්විය යුතු වීසා ඛාණ්ඩ කිහිපයක් පවතින අතර ඉන් ප්‍රධාන ඛාණ්ඩ පහත පරිදි වේ.

  • Parent
  • Aged dependant
  • Contributory parent and remaining relative
අදාළ පවුලේ හිතවතුන් ඔස්ට්‍රේලියාව තුළ ගත කරන කාලයේ ඔවුන්ගේ ජීවන සහ සෞඛ්‍ය කටයුතු සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් තිබීම තහවුරු කිරීමේ අරමුණින් මෙලෙස මුල්‍ය අනුග්‍රාහක සීමාවන් ඉහළ දැමීමට ප්‍රධානතම හේතුව ලෙස ඔස්ට්‍රේලියාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නියෝජිතවරියක් පැවසුවාය.

මේ අතර පසුගිය දශකය තුළ මෙම වැඩසටහනෙහි  මෙවැනි වෙනස්කමක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද වාර්තා වේ.
Australia family visa
Source: SBS Dateline

අයහපත් තීරණයක්.

ඔස්ට්‍රේලියානු රජය ගත් මෙම තීරණය ඉතා අයහපත් තීරණයක් බව  Federation of Ethnic Communities Councils of Australia හෙවත් FECCA සංවිධානය පවසයි.

රජය විසින් ඉහළ දමන ලද ආදායම් සීමාවේ අමතර මුදල් ප්‍රමාණය ඔස්ට්‍රේලියාවේ වෙසෙන පවුල් වලට මහත් වූ පීඩනයක් ගෙන දෙන බව ඔවුන් පෙන්වා දෙයි.

පවුලේ උදවිය නැවත එක්වීම සමාජ ඒකාබද්ධතාවට මහත්වූ රුකුලක් බවත් එය ප්‍රවර්ධනය කළ යුතු බවත් FECCA සංවිධානය පවසයි.

කම්කරු පක්ෂයෙන් රජයට චෝදනා

මෙම වෙනස්කම් සමග කෝපයට පත් විවිධ පවුල් තම කාර්යාලයට විද්‍යුත් ලිපි ගණනාවක් යොමු කළ බවත් චීන ප්‍රජාවේ පවුල් ඒ අතරින් විශේෂ බවත් සමාජ සේවා කටයුතු පිළිබඳ විපක්ෂයේ නියෝජිතවරිය  වන කම්කරු පක්ෂයේ Jenny Macklin පවසයි.

ටර්න්බුල් රජයේ මෙම තීරණය ඉතාමත් අයුක්ති සහගත සහ වැරදි තීරණයක් බවත් පාර්ලිමේන්තු විවාදයක් හෝ අවම වශයෙන් මාධ්‍ය නිවේදනයක් නොමැතිව හෝ මෙම වෙනස්කම් ක්‍රියාත්මක කිරීම අනුමත කළ නොහැකි බවත් ඇය පෙන්වා දෙයි.

කෙසේනමුත් The Guardian පුවත් අඩවිය වාර්තා කරන අන්දමට සමාජ සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය Dan Tehan මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් දක්වා නොමැති නමුත් ඔස්ට්‍රේලියාවේ සමාජ ආරක්ෂණ පද්ධතියේ තිරසාර බව රැකීමට මෙම වෙනස්කම් පිටිවහලක් සපයන බව සමාජ සේවා කටයුතු පිළිබඳ  දෙපාර්තමේන්තුවේ නියෝජිතවරිය පවසා ඇත.
A passport with Australian immigration stampand visa
australian immigration passport with passport and visa Source: Getty Images

බල පැවැත්වෙන්නේ කවදා සිටද?

මෙම වෙනස්කම් පසුගිය මාර්තු 26 වන දින සිදු කර ඇති අතර 2018 අප්‍රේල් 01 වන දින සිට ඒවා බල පැවැත්වේ.

කෙසේනමුත් The Guardian පුවත් අඩවියට අනුව 2018 අප්‍රේල් 01 වන දිනට ප්‍රථම ව යොමු කළ අයදුම්පත් සඳහා මෙම නව වෙනස්කම් බල නොපානු ඇත.

*****************************************************************************

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) - (select radio 2)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

********************************************************************************

Share
Published 16 April 2018 10:38am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends