ඔස්ට්‍රේලියාවේ 457 වීසා අවසන් වේ. ඒ වෙනුවට හඳුන්වා දුන්න අලුත්ම වීසා ක්‍රමය මෙන්න. (SBS සිංහල/වාර්තා)

SAF levy

Australian businesses will be required to pay up to $5000 levy effective August 12 Source: SBS

ඔස්ට්‍රේලියාවේ සේවා යෝජකයින්ට ඉහළ නිපුණතා වලින් සපිරි විදෙස් ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාවේ සේවයට ගෙන්වා ගැනීම සඳහා නව වීසා වැඩසටහනක් ඔස්ට්‍රේලියානු රජය විසින් හඳුන්වා දී තිබේ.

මෙතෙක් කලක් විදේශ ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාවේ සේවා ආයතන සඳහා ගෙන්වා ගැනීමට සකසා තිබු 457 වීසා ක්‍රමය ඊයේ (18/03) දිනයේ සිට අවසන් වූ බැවින් මෙම නව වීසා වැඩසටහන රජය විසින් ආරම්භ කර ඇත.

මේ අනුව තාක්ෂණික, විද්‍යා සහ ඉංජිනේරු යන අංශ සඳහා වූ Global Talent Scheme වැඩසටහන යටතේ මෙම වීසා නිකුත් කෙරෙන අතර  එහිදී අදාළ සේවකයා හට වසරකට ඔස්ට්‍රේලියානු ඩොලර් 180,000 ක වැටුපක් ගෙවීමට කැමති සේවා ආයතන සඳහා මෙම පහසුකම සැලසෙනු ඇත.

එමෙන්ම ජෛව වෛද්‍ය විද්‍යාව, කෘෂිකාර්මික විද්‍යාව වැනි විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු හා ගණිතය අංශවල අලුතින් ආරම්භ කළ සමාගම් සඳහා ද සේවකයින් බඳවා ගැනීමේදී විදෙස් ශ්‍රමිකයින් සඳහා අනුග්‍රහය සැපයීමට අදාළ වීසා වැඩසටහනක්ද හඳුන්වා දී තිබේ.

මෙම වීසා ඛාණ්ඩ ද්විත්වය සඳහා ම අයදුම් කරන අයදුම්කරුවන් හට අදාළ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 3 ක හෝ පළපුරුද්දක් තිබීම සහ අනුග්‍රහය සපයන සමාගම පළමුව ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රමිකයින් ව බඳවා ගැනීමට උත්සාහ දරා ඇති බව පෙන්වීම වැනි අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුව තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීව සහ පසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

 කෙසේවෙතත්, මෙම නව වීසා වැඩසටහන හඳුන්වා දීමේ ක්‍රියාවලියක් ලෙස ප්‍රථමයෙන් මාස 12 ක කාලයකට සීමා කර ඇති බවද සඳහන්.


Share
Published 19 March 2018 4:18pm
Updated 19 March 2018 4:51pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends