ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව සීමා කරන්න හතර වටෙන් යෝජනා. (SBS සිංහල/වාර්තා)

මෙම වසරේ කුමන කාලයකදී හෝ ඔස්ට්‍රේලියානු ජනගහනය මිලියන 25 වෙත ළඟා වනු ඇති බවද වාර්තා වේ.

Migration in Australia.

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වර්ධනය වීම මෙන්ම සංක්‍රමණිකයන් ප්‍රමාණය වැඩි වීම පිළිබඳව මේ දින වල නිරතුරුවම ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සහ ඔස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කතා බහකට ලක්වී තිබේ.

ඒ අතරින් මේ සම්බන්ධව කෙරුණු නවතම ප්‍රකාශය වාර්තා වන්නේ නිව් සවුත්  වේල්ස් ප්‍රාන්තයෙනි.

ඔස්ට්‍රේලියාවේ මුළු සංක්‍රමණික ප්‍රමාණය සීමා කිරීමට නිව් සවුත්  වේල්ස් ප්‍රාන්තයේ විපක්ෂ නායක Luke Foley ඉල්ලීමක් කර තිබේ.

එසේ නොමැති වුවහොත් ශීග්‍රව වර්ධනය වන සිඩ්නි නුවරට එය මහත් පීඩනයක් ගෙන දෙන බව ඔහු ප්‍රකාශ කරයි.

සිඩ්නි නුවර ඇති ආර්ථික සාර්ථකත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් තුනෙන් එකක් පමණ සිඩ්නි නුවර වෙත පැමිණෙන බව ඔහු පැවසීය.
මේ අතර ඔස්ට්‍රේලියාවට බාරගන්නා සංක්‍රමණික ප්‍රමාණය ඉදිරි වසර 5 තුළ යම් සීමා කිරීමක් හෝ නිශ්චිත අගයකට ගෙන ආ යුතු බව Luke Foley පසුගිය සතියේදී The Australian පුවත් පතට පවසා තිබුණි.
ඔස්ට්‍රේලියාවේ මේ වන විට වසරකට ස්ථිර පදිංචිය සඳහා සංක්‍රමණිකයින් 190,000 ක් බාරගන්නා අතර මෙම ප්‍රමාණය 2001 වසරේදී තීරණය කෙරුණි.

නමුත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සහ රැකියා සඳහා පැමිණෙන්නන් ඇතුළු තාවකාලික වීසා රැගත් සංක්‍රමණිකයින් ප්‍රමාණයේ සීමාවක් දක්වා නොමැති බවද වාර්තා වේ.

පසුකලෙක ඔවුන්ට ද ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි වීම හේතුවෙන් ඔවුන්ද මෙරට ස්ථිර සංක්‍රමණික ප්‍රජාවට අයත් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ.
The latest ACT Skilled Visa Invitation round was released
Source: AAP
වසරකට ඔස්ට්‍රේලියානු ජනගහනයට ඔස්ට්‍රේලියාවේ ශුද්ධ සංක්‍රමණික ප්‍රමාණයෙන් 250,000 ක් දායකත්වයක් ලැබෙන බව රජයේ දත්ත පෙන්වා දෙයි.

දිනෙන් දින වැඩි වන සංක්‍රමණික ප්‍රමාණය හේතුවෙන් ඔවුන් සඳහා යටිතල පහසුකම් ඇතුළු අනෙක් පහසුකම් සැපයීම ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් වෙත පැටවෙන බව ද නිව් සවුත්  වේල්ස් ප්‍රාන්තයේ විපක්ෂ නායක Luke Foley පවසා ඇත.

Luke Foley ගේ මේ අදහස් වලට සමාන අදහසක් නිව් සවුත්  වේල්ස් ප්‍රාන්තයේ හිටපු ප්‍රාන්ත අගමැති කම්කරු පක්ෂයේ Bob Carr ඊයේ (12/03) පැවති ABC Four Corners වැඩසටහනට සහභාගී වෙමින් පැවසීය.

වර්තමානයේ පවතින සංක්‍රමණික වර්ධන වේගය එලෙසම පවත්වාගෙන ගියහොත් නුදුරේදීම සිඩ්නි නුවර විශාල ජනගහන පීඩනයක් ඇතිවන බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

මේ අතර මෙම වසරේ කුමන කාලයකදී හෝ ඔස්ට්‍රේලියානු ජනගහනය මිලියන 25 වෙත ළඟා වනු ඇති බවද වාර්තා වේ.
Migration in Australia.
Source: SBS

වාර්ෂික සංක්‍රමණික ප්‍රමාණය 80,000 කින් අඩු කරන්න ඔස්ට්‍රේලියානු හිටපු අගමැතිත් ඉල්ලයි.

මීට අමතරව ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් ද ඔස්ට්‍රේලියාවට වසරකට බාරගන්නා සංක්‍රමණික ප්‍රමාණය 190,000 සිට 110,000 දක්වා 80,000 කින් අඩු කළ යුතු බව මීට සති කිහිපයකට පෙර පැවසුව නමුත් ලිබරල් සන්ධාන රජයෙන්ම ඊට විරුද්ධත්වය ප්‍රකාශ කෙරිණී.
Migration in Australia.
Source: SBS

සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනයට රුකුලක්.

ඔස්ට්‍රේලියාවට එලෙස බාරගන්නා සංක්‍රමණික සංඛ්‍යාවෙන් බහුතරයක් නිපුණතා සංක්‍රමණික වීසා යටතේ මෙරට ස්ථිර පදිංචිය ලබා පැමිණෙන පුද්ගලයින් බවත් ඔවුන් රටේ ආර්ථිකයට මහත්වූ දායකත්වයක් සපයන අතර බදු ගෙවීමෙන් රජයේ ආදායමට ද සහය වන බවත් භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison පෙන්වා දුන්නේය.
Migration in Australia.
Source: AAP
සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ස්ථිර පදිංචිය හිමි සංක්‍රමණික කෝටාව 190,000 වන නමුත් 2016 – 17 වසරේදී එය 183,000 ක් දක්වා අඩුවුනු  බවද සඳහන්.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 13 March 2018 10:27pm
Updated 12 August 2022 3:48pm
By Madhura Seneviratne, James Elton-Pym
Source: SBS News

Share this with family and friends