එංගලන්තයෙන් නව පන්දු 100 ක ක්‍රිකට් තරග සංකල්පයක්.(SBS සිංහල/වාර්තා)

දැනට ක්‍රියාත්මක 20-20 තරගයකදී යැවෙන පන්දු සංඛ්‍යාවට වඩා පන්දු 20ක් අඩුවෙන් යැවීමට නියමිත මෙම නව තරග රටාවේදී අවසන් පන්දු වාරයේදී පන්දු 10ක් යැවීමට නියමිතයි. MCC ක්‍රිකට් නීති රෙගුලාසි අනුව පන්දු වාරයකට පන්දු 6ක් ඇතුලත් බව සදහන් බැවින් මෙම නව තරග රටාව ක්‍රියාත්මක වීමට පෙර ඒ සදහා යම් සංශෝධනයක් අවශ්‍ය වීමට ඉඩ ඇති බව වැඩි දුරටත් සදහන්. මෙම යෝජිත නව සංකල්පයට අනුව එක් ඉනිමකදී පන්දුවාර 15ක් යැවීමට නියමිතයි.

ECB say they have talked to Bairstow over alleged incident

Source: Reuters

ඉනිමකට පන්දු 100අඩංගු නව ආරක  ක්‍රිකට් තරගාවලියක් සදහා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත යෝජනාවක් ඉදිරිපත් කල අතර, ඒ සදහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමි වී තිබේ.

අවසන් පන්දු වාරයට පන්දු 10ක්


දැනට ක්‍රියාත්මක 20-20 තරගයකදී යැවෙන පන්දු සංඛ්‍යාවට වඩා  පන්දු 20ක් අඩුවෙන් යැවීමට නියමිත මෙම නව තරග රටාවේදී අවසන් පන්දු වාරයේදී පන්දු 10ක් යැවීමට නියමිතයි. MCC ක්‍රිකට් නීති රෙගුලාසි අනුව පන්දු වාරයකට පන්දු 6ක් ඇතුලත් බව සදහන් බැවින් මෙම නව තරග රටාව ක්‍රියාත්මක වීමට පෙර ඒ සදහා යම් සංශෝධනයක් අවශ්‍ය වීමට ඉඩ ඇති බව වැඩි දුරටත් සදහන්. මෙම යෝජිත නව සංකල්පයට අනුව එක්  ඉනිමකදී පන්දුවාර 15ක් යැවීමට නියමිතයි.



කණ්ඩායම් 8 බැගින් සහභාගී වන තරගාවලි දෙකක්


කණ්ඩායම් 8 බැගින් සහභාගී වන පිරිමි සහ කාන්තා  තරගාවලි දෙකක් පන්දු 100 ක්‍රිකට් තරග ලෙස පැවැත්වීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් කර තිබේ. සති 5ක් පුරාවට එංගලන්තයේදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ තරග, Southampton, Birmingham, Leeds, London, Manchester, Cardiff සහ  Nottingham යන නගර වලදී පැවැත්වීමට නියමිතයි. තවද ලන්ඩන් නුවර ආශ්‍රිත තරග ඕවල් සහ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගන වලදී පැවැත්වීමට නියමිත බව තරග සංවිධායකයින් වැඩි දුරටත් සදහන් කරයි.


තරුණ පිරිස් වල ආකර්ෂණය දිනා ගැනීමටත්, අලුත් ප්‍රේක්ෂක පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාව සදහා ඇති කරගැනීමත් අරමුණු කර ගනිමින් මෙම නව පන්දු 100 ක්‍රිකට් තරගාවලිය හදුන්වාදීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කල බව, ප්‍රධාන විධායක Tom Harrison, Cricinfo වෙබ් අඩවියට සදහන් කර තිබිණි. තවද ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට සහ එහි පැවැත්මට මෙවැනි නව සංකල්ප අවශ්‍ය බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන කාරණයක්.  තවද එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යාපාරික කටයුතු පිළිබද ප්‍රධානී සහ නව තරගාවලියේ කලමනාකර අධ්‍යක්ෂ Sanjay Patel, මෙය නව පරපුර අතරට ක්‍රිකට් ගෙන යාමට හඳුන්වා දෙන සංකල්පයක් බවයි. තවද අවසන් පන්දුවාරයේදී පන්දු 10ක් යැවීම මගින් නව උපාය මාර්ග යොදාගැනීම දක්නට ලැබෙනු ඇති බව ඔහුගේ විශ්වාශය වී තිබේ.

කුඩා ළමුන් සිටින පවුල් වල ආකර්ෂණය දිනා ගැනීම එක් අරමුණක්.

පවුල් සහ කුඩා ළමුන් වැඩියෙන් තරග සදහා ගෙන්වා ගැනීම අරමුණු කරගනිමින්, දැනට ක්‍රියාත්මක 20-20 තරග වලටත් වඩා  කෙටි තරග රටාවක් හදුන්වාදීමට මෙලෙස පියවර ගත්  බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. දිවා  කාලයේ පැවැත්වෙන තරග සවස 2.30 ට ආරම්භ වීමට නියමිත අතර, රාත්‍රී තරග සවස 6.30ට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව කුඩා ළමුන් සිටින පවුල් වලට තරග නැරබීමෙන් අනතුරව පහසුවෙන් නිවෙස් වෙත යාමට කල් වේලා තිබෙන බව තරග සංවිධායකයින් වැඩි දුරටත් සදහන් කරයි.

2020 වසරේ සිට එංගලන්තයේදී මෙම නව පන්දු 100 ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක වීමට නියමිතයි.


2003 විස්සයි විස්ස ක්‍රිකට් තරග  හදුන්වාදීමෙන් පසුව, එංගලන්තය තුල ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්දයෙන් සිදු වූ රැඩිකල්වාදී ක්‍රිකට් තීරණයක් ලෙස ක්‍රිකට් ප්‍රවීනයින් මෙය හදුන්වයි.


Share
Published 28 April 2018 7:27am
Updated 28 April 2018 7:48am
By Sanjaya Dissanayake


Share this with family and friends