ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩු යටිකුරු කරමින් අගමැති ධුරයට පොර ඇල්ලූ දැවැන්ත කරනම. (SBS සිංහල/වාර්තා)

කැන්බරා නුවර පාර්ලිමේන්තු සංකීර්ණයේ ලිබරල් පක්ෂ කාර්යාලයේ දී මෙම රහස් ඡන්ද විමසීම පැවති අතර එයින් 48 - 35 ක් ලෙස වැඩි ඡන්ද 13 කින් ජයගැනීමට අගමැති ටර්න්බුල් සමත් විය.

Leadership turmoil continues for Australian PM

Source: AAP

ඔස්ට්‍රේලියානු දේශපාලන වේදිකාවේ ඊයේ (21/08) දිනයේදී විශාල ලෙස පිපිරී ගියේය.

ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය මැල්කම් ටර්න්බුල් ගේ ලිබරල් පක්ෂ නායකත්වයට සහ අගමැති ධුරයට පසුගිය දින කිහිපයේ පටන්ම ලිබරල් පක්ෂය තුළින්ම අභියෝග එල්ල වන්නට විය.

අගමැති ටර්න්බුල්ගේ යෝජිත “ජාතික බලශක්ති වැඩසටහන” ත් සමග තත්ත්වය තවත් උණුසුම් වන්නට විය.
Leadership turmoil continues for Australian PM
Source: AAP

අගමැති ටර්න්බුල් පක්ෂ නායකත්වය පුරප්පාඩු කරයි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය මැල්කම් ටර්න්බුල් තම ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත්වී එය වෙනත් අයෙකු සඳහා පිරිනැමීමට ඊයේ (21/08) උදෑසන තීරණය කළේය.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

කැන්බරා නුවර පාර්ලිමේන්තු සංකීර්ණයේ ලිබරල් පක්ෂ කාර්යාලයේ ඊයේ උදෑසන ආරම්භ වූ ලිබරල් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී ඔහු මේ බව දැනුම් දුන්නේය.

ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton, ලිබරල් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවූ අතර ඔහු ලිබරල් නායකත්ව ගැටුමේදී  ටර්න්බුල්ගේ ප්‍රතිවාදියා බවට පත්විය.
Leadership turmoil continues for Australian PM
Source: AAP

ටර්න්බුල් නැවතත් පක්ෂ නායකත්වයට

ලිබරල් පක්ෂ නායකත්වය සඳහා අභියෝග කරමින් ඉදිරිපත් වුයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පමණි.

මෙනිසාම Peter Dutton සහ මැල්කම් ටර්න්බුල් අතරින් මීළඟ ලිබරල් නායකයා තෝරාගැනීමට පක්ෂ මන්ත්‍රීන් අතර රහස් ඡන්දයක් පැවැත්වුණි.

කැන්බරා නුවර පාර්ලිමේන්තු සංකීර්ණයේ ලිබරල් පක්ෂ කාර්යාලයේ දී මෙම රහස් ඡන්ද විමසීම පැවති අතර එයින් 48 - 35 ක් ලෙස වැඩි ඡන්ද 13 කින් ජයගැනීමට අගමැති ටර්න්බුල් සමත් විය.

ලිබරල් පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායිකා Julie Bishop නැවතත් එම තනතුර සඳහා තේරී පත් විය.

කෙසේවෙතත්, වෙනත් පුද්ගලයෙකු ලිබරල් පක්ෂයේ නායකයා ලෙස  පත්වුවහොත් ඔහු ඔස්ට්‍රේලියාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා වනු ඇත.

Peter Dutton ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙයි.

පක්ෂ නායකත්ව ඡන්දය හමුවේ අගමැති ටර්න්බුල් හට පරාජයට පත්වූ Peter Dutton තමන් දරමින් සිටි ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු (Home Affairs) පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය.

එමෙන්ම තමා දරමින් සිටි ඉදිරිපෙළ මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වන බව Peter Dutton ප්‍රකාශ කළේය.

ඒ අනුව ඊයේ සිට ඔහු පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ඇත.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


 

ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු, මධ්‍යම පොලීසිය, බුද්ධි අංශය වැනි අතිශය තීරණාත්මක කේන්ද්‍රස්ථාන වල ප්‍රධාන ආයතනය ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හැඳින්වේ.

මේ අනුව වත්මන් රජයේ අගමැතිවරයාට පසුව සිටි ප්‍රබලම ඇමතිවරයා ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය දරමින් සිටි Peter Dutton ව හැඳින්විණි.

ඔහු මීට පෙර ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු සම්බන්ධ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ නව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා තවමත් නම් කර නොමැති අතර ඉක්මනින්ම කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.

මේ වන විට වැඩබලන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස භාණ්ඩාගාරික අමාත්‍ය ස්කොට් මොරිසන් කටයුතු කරමින් සිටියි.
Leadership turmoil continues for Australian PM
Source: AAP

තවත් ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වෙයි.

Peter Dutton ගේ ඉල්ලා අස්වීමත් සමග ඊයේ රාත්‍රිය වන විට තවත් ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු තම අස්වීමේ ලිපි අගමැති ටර්න්බුල් වෙත යොමු කර ඇති බව වාර්තා විය.

සහකාර භාණ්ඩාගාරික අමාත්‍ය ධුරය දරමින් සිටි Michael Sukkar, සෙනට් සභිකයින් වන James McGrath සහ Concetta Fierravanti-Wells, නීති බලාත්මක කිරීමේ සහ සයිබර් ආරක්ෂක අමාත්‍ය Angus Taylor සහ විද්‍යා, රැකියා සහ නවෝත්පාදන කටයුතු පිළිබඳ සහාකාර අමාත්‍ය Zed Seselja ඒ අතර වේ.

ටර්න්බුල්ගේ අගමැති ධුරය තවමත් අනතුරේ

ඔස්ට්‍රේලියානු දේශපාලන වංශ කතාවේ අගමැතිවරයෙකු ප්‍රථම ඡන්දයේදී ජය ගත් නමුත් දෙවැනි ඡන්දයේදී පරාජය වන බවට ඕනෑතරම් සාක්ෂි තිබේ.

මැල්කම් ටර්න්බුල් එවකට විපක්ෂ නායක ධුරය දරන සමයේ ඔහුට විරුද්ධව ගෙනා විශ්වාස භංගය ජයගත් නමුත් පසුව Tony Abbott හමුවේ පරාජයට පත්විය.

කම්කරු පක්ෂයේ හිටපු අගමැතිවරුන් වූ Julia Gillard සහ Bob Hawke හටද එම ඉරණමම අත්විය.

මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව මෙම සතියේ දී රැස්වී නැවත එළඹෙන සැප්තැම්බර් 10 තෙක් කල් තැබීමට නියමිතය.

එනිසා ගෙවී යන සතියේ තව තවත් දේශපාලන පෙරළි ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව තුළ දැක බලාගත හැකි බව විචාරකයින් පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 22 August 2018 10:01am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends