ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානයකදී නම්‍යශීලී සේවා මුරයන් ලබා ගන්නේ කෙසේද? (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ වාර්තා වලට අනුව 2017 වසර අග වන විට ඔස්ට්‍රේලියාවේ මිලියන 12.3 ක් රැකියා කරන අතර ඔවුන්ගෙන් මිලියන 2 ක් පමණ සාමන්‍ය සේවා මුර (shift work) ක්‍රමයට සේවය කරන බව සඳහන්.

Flexible working becoming the norm

Source: Getty Images

රැකියා කරන සාම්ප්‍රාදායික වේලාවන් වෙනස් විය යුතු බවට මීට ටික කලකට පෙර සිට බටහිර ලෝකයේ රටවල් අතර මතුවන්නට පටන්ගත් මතයකි.

බොහෝ උදවිය එම අදහස එකහෙලා අනුමත කළ අතර තවත් පිරිසක් එම වෙනස් වීමට බියෙන් ඊට විරෝධය පාන්නට විය.

කෙසේවෙතත්, නම්‍යශීලී සේවා වේලාවන් සහ පැය ගණන් වර්තාමන ආර්ථික ලෝකයේ නවතම ප්‍රවණතාවක් බවට පත්ව ඇත.

ඇත්තෙන්ම මෙම නම්‍යශීලී සේවා වේලාවන් තම සේවා ස්ථානයේදී ලබා ගන්නේ කෙසේද ?
Flexible working becoming the norm
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ වත්මන් තත්ත්වය

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ වාර්තා වලට අනුව 2017 වසර අග වන විට ඔස්ට්‍රේලියාවේ මිලියන 12.3 ක් රැකියා කරන අතර ඔවුන්ගෙන් මිලියන 2 ක් පමණ සාමන්‍ය සේවා මුර (shift work) ක්‍රමයට සේවය කරන බව සඳහන්.

සේවා මුර සේවා යන්න වර්ග කිහිපයකට බෙදිය හැකිය.

පතල් කර්මාන්තයේ නම් පැය 12 ක සේවා මුරය, පුද්ගලික ආරක්ෂක අංශයේ නම් පැය 10 ක සේවා මුරය, රෝහල් වල ඇති විවධ සේවා මුර ඊට උදාහරණ වේ.

ඒ අනුව සේවා මුරයකට සේවය කරනවා යනු සෑම විටම සඳුදා සිට සිකුරාදා තෙක් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා සේවය කිරීම නොවේ.

මේ අතර සේවා මුර වලට සේවය නොකරන උදවියගෙන් 45% ක් පමණ තම සේවා ආරම්භක හා අවසන් වෙලාව පිළිබඳ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වෙත අදහස් දක්වා තිබුණි.
Flexible working becoming the norm
Source: Getty Images

සේවක අදහස්

අත්‍යවශ්‍ය සේවා, පාරිභෝගිකයින් සමග මුහුණට මුහුණ ගනුදෙනු කරන රැකියා සඳහා නිශ්චිත පැය ගණනක් සහිත සේවා මුරයක් පැවතීම සුදුසු බව බොහෝ දෙනා පිළිගෙන තිබේ.

නමුත් මොළය සහ දැනුම වෙහෙසා කටයුතු කරන රැකියා සඳහා මේ ආකෘතිය මුළුමනින්ම නොගැලපෙන බව ඔවුන් පවසයි.

සේවකයින්ගේ සිතීමේ හැකියාව සහ නිර්මාණශීලීත්වයට වැට බැඳීමක් ඒ හරහා සිදුවන බව සමාගම් බොහොමයක් මේ වන විට පිළිගෙන තිබේ.

එනිසාම වතමන් ඔස්ට්‍රේලියාවේ බහුතරයක් විශාල සමාගම් තම සේවකයින් හට නම්‍යශීලී සේවා පැය ගණන් සහ සේවා මුර ලබා දී ඇත්තේ ඔවුන්ගෙන් උපරිම ඵලදායීත්වයක් අපේක්ෂා කරමිනි.

ඇතැම් සේවකයින්ට සතියකට දින කිහිපයක් නිවසේදී පවා රාජකාරී කටයුතු වල යෙදීමට ඇතැම් සමාගම් අවසර ලබා දී තිබේ.
Flexible working becoming the norm
Source: AAP

ඔබටත් නම්‍යශීලී සේවා මුරයක් ලබා ගත හැකිද?

ඔස්ට්‍රේලියාව තුළ ඔබටත් නම්‍යශීලී සේවා මුරයක් ඔබේ සේවා යෝජකයාගෙන් ඉල්ලීමට සාධාරණ හේතු ප්‍රමාණවත් තරම් ඇතිනම් ඒ සඳහා අයිතියක් ඇති බව National employment standards වාර්තා කරයි.

වයස අවුරුදු 55 හෝ ඊට වැඩි වීම, ආබාධිත තත්ත්වයක් තිබීම, පාසල් වියේ හෝ තරුණ දරුවන් සිටී නම් ඔවුන් රැකබලා ගැනීම සඳහා වැනි විවිධ මානුෂීය හේතු මේ සඳහා ඉදිරිපත් කළ හැකිය.

සේවා යෝජකයින්ට නම්‍යශීලී සේවා මුර ලබා දීමට හැකියාව ඇතිවිට දී එවැනි නම්‍යශීලී සේවා මුර ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට සාධාරණ හේතු ලිඛිතව ඉදිරිපත් කළ යුතු වෙයි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් සේව්‍ය හා සේවක දෙපාර්ශවය සුහද ලෙස සාකච්ඡා කළ යුතු බව Fair Work Ombudsman අවධාරණය කරයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 21 August 2018 12:49pm
By Madhura Seneviratne

Share this with family and friends