ගමනාගමන පහසුකම් සඳහා සහන ලබා දෙන ලෙස ඉල්ලා ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාතික සිසුන් විරෝධතාවක. (SBS සිංහල/වාර්තා)

2017 වසරේදී ඔස්ට්‍රේලියානු ආර්ථිකයට අන්තර්ජාතික සිසුන් ඩොලර් බිලියන 30 ක දායකත්වයක් සපයා ඇති අතර එය මෙරට අපනයන ක්ෂේත්‍රයේ ඉහළම සේවා සැපයුම ලෙසද වාර්තා වේ.

International students call for end to 'transport discrimination'

Source: AAP

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන අන්තර්ජාතික සිසුන් හට ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත වල විවිධ මට්ටම් වලින් ගමනාගමන පහසුකම් සඳහා සහන සලසා තිබේ.

නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක්  අන්තර්ජාතික සිසුන් හට ගමනාගමන පහසුකම් සඳහා කිසිදු සහනයක් ලබා නොදෙන බව වාර්තා වේ.

මෙයට විරෝධය පාමින් පසුගියදා අන්තර්ජාතික සිසුන් පිරිසක් විසින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට එරෙහිව විරෝධතාවක් ක්‍රියාත්මක කළ බව SBS පුවත් වාර්තා කරයි.

අන්තර්ජාතික සිසුන් ද ප්‍රාන්තයේ අනෙකුත් පුද්ගලයින් මෙන්ම මධ්‍යම රජයට සහ ප්‍රාන්ත රජයට බදු ගෙවන බවත් තම පාඨ මාලා ගාස්තු සම්පූර්ණ වශයෙන් ගෙවන බවත් එනිසාම ඔස්ට්‍රේලියානු සමාජයේ දේශීය සිසුන් හට ඇති සහන සහ හිමිකම් තමන් හට නොලැබෙන්නේ ඇයිදැයි ඔවුන් එහිදී ප්‍රශ්න කළේය.

මෙය හුදෙක් අන්තර්ජාතික සිසුන් හට වෙනස් කොට සැලකීමක් ලෙසද ඔවුන් එහිදී පෙන්වා දුන්නේය.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලක්ෂ 3 ක් පමණ අන්තර්ජාතික සිසුන් සිටින බවත් ඔවුන් ඔස්ට්‍රේලියාවේම සිටින අන්තර්ජාතික සිසුන්ගෙන් 40% ක් පමණ වන බවත් ඔවුන් එහිදී වැඩි දුරටත් පැවසීය.

2017 වසරේදී ඔස්ට්‍රේලියානු ආර්ථිකයට අන්තර්ජාතික සිසුන් ඩොලර් බිලියන 30 ක දායකත්වයක් සපයා ඇති අතර එය මෙරට අපනයන ක්ෂේත්‍රයේ ඉහළම සේවා සැපයුම ලෙසද වාර්තා වේ.

එයින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉගෙනුම ලබන අන්තර්ජාතික සිසුන් ඩොලර් බිලියන 11 ක දායකත්වයක් සපයා තිබුණි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දත්ත වලට අනුව පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව පුරා විවිධ පාඨ මාලාවන් සඳහා අන්තර්ජාතික සිසුන් 786,000 ක් ලියා පදිංචි වී ඇත.
International students call for end to 'transport discrimination'
Source: SBS

කරුණු සැකෙවින්

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ශිෂ්‍යත්ව හිමි සිසුන් හට හෝ අධ්‍යාපනික හුවමාරු වැඩසටහන් යටතේ පැමිණ ඇති සිසුන් හට පමණක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගමනා ගමන කටයුතු සඳහා සහන සැලසේ.

වික්ටෝරියා ප්‍රාන්තයේද අන්තර්ජාතික සිසුන් හට ගමනාගමන කටයුතු සඳහා පූර්ණ සහන නොලැබෙන නමුත් iUSEpass හරහා ඔවුන්ට 50% ක වට්ටම් හිමි කරගත හැකිය.

Australian Capital Territory, ක්වීන්ස්ලන්තය, ටස්මේනියාව, දකුණු ඔස්ට්‍රේලියාව සහ බටහිර ඔස්ට්‍රේලියාව යන ප්‍රාන්ත වල අන්තර්ජාතික සිසුන් හට ගමනාගමන කටයුතු සඳහා සහන සලසා ඇත.

සියලුම පූර්ණ කාලීන සිසුන් (අන්තර්ජාතික සිසුන් ද ඇතුළුව) හට Northern Territory හි පොදු ප්‍රවාහන සේවා නොමිලයේ සපයයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 17 August 2018 6:32pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends