අලුත් අගමැති යටතේ පත් කළ ඔස්ට්‍රේලියාවේ නව කැබිනට් මණ්ඩලය මෙන්න. (SBS සිංහල/වාර්තා)

කැබිනට් මණ්ඩලයේ හිටපු ඇතැම් අමාත්‍යවරුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමිව ඇති අතර ඇතැමුන්ට කැබිනට් අමාත්‍ය ධුර අහිමිව ගොස් තිබේ.

Scott Morrison's new ministry

Scott Morrison First Press Conference Source: AAP

ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමත්‍යවරයා ලෙස තේරී පත්වූ Scott Morrison තම කැබිනට් මණ්ඩලය ඊයේ (26/08) පස්වරුවේ නම් කරනු ලැබීය.

ඒ අනුව කැබිනට් මණ්ඩලයේ හිටපු ඇතැම් අමාත්‍යවරුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමිව ඇති අතර ඇතැමුන්ට කැබිනට් අමාත්‍ය ධුර අහිමිව ගොස් තිබේ.

මීට අමතරව ඇතැම් කැබිනට් මන්ත්‍රීධුර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කොට තිබේ.

නව කැබිනට් මණ්ඩලය

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමත්‍ය Josh Frydenberg, භාණ්ඩාගාරික අමාත්‍යවරයා ලෙස නම් කෙරුණු අතර Christian Porter නීතිපතිවරයා ලෙස නම් කර තිබේ.

ඔස්ට්‍රේලියානු රජයේ නව පාරිසරික කැබිනට් ඇමතිවරිය ලෙස Melissa Price නම් කර ඇති අතර නව බලශක්ති අමාත්‍යවරයා ලෙස Angus Taylor නම් කර තිබේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

එමෙන්ම සහකාර කැබිනට් ඇමැතිවරියක ලෙස කටයුතු කරමින් සිටි Karen Andrews කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ කැබිනට් ඇමතිවරිය ලෙස නම් කෙරුණු අතර ආගමන කටයුතු, පුරවැසිභාවය සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ කැබිනට් ඇමති ලෙස David Coleman නම් කර තිබේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ නව විදේශ ඇමතිනී ලෙස හිටපු ආරක්ෂක ඇමතිනී Marise Payne නම් කර ඇති අතර Christopher Pyne ආරක්ෂක ඇමති ලෙස නම් කෙරුණි.
Scott Morrison's new ministry
Marise Payne will take over from Julie Bishop as the new Foreign Affairs Minister. Source: AAP
සුළු හා පවුල් ව්‍යාපාර, නිපුණතා හා වෘත්තීය පුහුණු ඇමතිවරිය ලෙස හිටපු රැකියා කටයුතු ඇමතිනිය Michaelia Cash නම් කෙරුණු අතර හිටපු පුරවැසිභාවය සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ කැබිනට් ඇමති Alan Tudge, නව නගර, යටිතල පහසුකම් සහ ජනගහනය පිළිබඳ කැබිනට් ඇමතිවරයා ලෙස නම් කර තිබේ.

රැකියා, කාර්මික සම්බන්ධතා සහ කාන්තා කටයුතු පිළිබඳ නව ඇමතිනී ලෙස Kelly O'Dwyer නම් කෙරුණු අතර නව අධ්‍යාපන ඇමති ලෙස Dan Tehan  නම් කෙරිණි.

පවුල් හා සමාජ සේවා නව අමාත්‍යවරයා ලෙස Paul Fletcher නම් කෙරුණු අතර වෙළෙඳ, සංචාරක සහ ආයෝජන නව අමාත්‍යවරයා ලෙස හිටපු අධ්‍යාපන ඇමති Simon Birmingham පත් කර තිබේ.
Mitch Fifield, සන්නිවේදන කටයුතු සහ කලා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යධුරයට පත් කෙරුණු අතර Mathias Cormann මුල්‍ය හා රාජ්‍ය සේවා කැබිනට් ඇමැතිධුරයට පත් කර ඇත.

එමෙන්ම හිටපු සෞඛ්‍ය ඇමති Greg Hunt හට එම කැබිනට් අමාත්‍යධුරයම පිරි නමා තිබේ.
Scott Morrison's new ministry
Peter Dutton has retained the Home Affairs portfolio. Source: AAP

Peter Dutton නැවතත් ස්වදේශ කටයුතු අමාත්‍යධුරයට.

මේ අතර හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් හට නායකත්ව අභියෝගය එල්ල කළ හිටපු ස්වදේශ කටයුතු ඇමති Peter Dutton හට නැවතත් එම ධුරයම ලබා දී තිබේ.

නමුත් ඔහුගේ යටතේ තිබු ආගමන කටයුතු විෂයය David Coleman හට ලබා දී තිබේ.

David Coleman හට ආගමන කටයුතු පිළිබඳ පැතිකඩයන් කිහිපයකින්ම අවබෝධයක් තිබෙන හෙයින් තමන් ආගමන කටයුතු විෂයය ස්වදේශ කටයුතු ධුරයෙන් වෙන්කරමින් David Coleman හට ලබා දීමට තීරණය කළ බව ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමත්‍ය Scott Morrison පැවසීය.
Scott Morrison's new ministry
David Coleman will have the new responsibilities of immigration and citizenship. Source: AAP

කැබිනට් ඇමති ධුර අහිමිවූවන්.

මේ අතර හිටපු කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුට මෙවර කැබිනට් අමාත්‍යධුර අහිමිව තිබීමද සුවිශේෂී කරුණකි.

Michael Sukkar, James McGrath සහ Concetta Fierravanti-Wells ඒ අතර වෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 27 August 2018 11:35am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends