ඔස්ට්‍රේලියානු රජයේ යකඩ ගැහැණිය විදේශ ඇමැතිධුරයට සමු දෙයි.

Julie Bishop resigned as AUS Foreign Minister

Source: AAP

ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Julie Bishop සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කළාය.

2013 වසරේ සිට මේ දක්වා Julie Bishop විසින් ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය හොබවන ලදී.

මෑත කාලයේ ඔස්ට්‍රේලියාවේ සිටි දක්ෂතම සහ හොඳම විදේශ කටයුතු ඇමති ලෙස දේශපාලන විචාරකයින් ඇයව හඳුන්වයි.

විදේශ කටයුතු පිළිබඳ ඇමැතිධුරයෙන් ඉවත්වුවද තමන් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරියක් ලෙස සිටින බවත් බටහිර ඔස්ට්‍රේලියානු ජනතාව වෙනුවෙන් තම හඬ අවදි කරන බවත් ඇය පැවසුවාය.

නමුත් මීළඟ මැතිවරණයට බොහෝ දුරට තමන් තරග නොකරන බවටද ඇය ඉඟි සපයා ඇත.
Julie Bishop resigned as AUS Foreign Minister
Source: AAP
62 හැවිරිදි වියේ පසුවන Julie Bishop තම දේශපාලන ජීවිතයේ 20 වසරක කඩ ඉම පසුකරමින් සිටියි.

කලක SBS ආයතනයේද අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කළ ඇය දේශපාලනයට පිවිසෙන්නේ 1998 වසරේ බටහිර ඔස්ට්‍රේලියාවේ Curtain ආසනය නියෝජනය කරමින්ය.

එතැන් පටන් මේ දක්වා පැවති සෑම මැතිවරණයකදීම බටහිර ඔස්ට්‍රේලියාවේ Curtain ආසනය, ලිබරල් පක්ෂයට දිනා දීමට ඇය උත්සුක විය.

ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති John Howard ගේ රජය සමයේ වැඩිහිටි සහ අධ්‍යාපන කටයුතු පිළිබඳ ඇමතිධුරය දැරූ ඇයට 2013 වසරේදී එවකට අගමැතිව සිටි  Tony Abbott විසින් ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍යධුරය පිරිනැමීය.

එතැන් පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍යධුරය හෙබවූ Julie Bishop, ඔස්ට්‍රේලියාවේ පළමු විදේශ ඇමතිනිය ලෙසද ඉතිහාසගත වේ.
Julie Bishop resigned as AUS Foreign Minister
Source: AAP

මෙතෙක් ඔස්ට්‍රේලියාවේ සිටි හොඳම විදේශ ඇමතිනිය ලෙස ඇයව නම් කළ හැකි බව හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් පැවසීය.

එමෙන්ම වෙනම දේශපාලන මත තිබුණද විදේශ ඇමතිනිය ලෙස  Julie Bishop ඔස්ට්‍රේලියාවට ලෝකය හමුවේ කළ සේවය අපමණ බව විපක්ෂයේ විදේශ කටයුතු පිළිබද නියෝජිත මෙන්ම වත්මන් සෙනට් සභාවේ විපක්ෂයේ නායක  Penny Wong පවසා තිබේ.

Julie Bishop ඇමති ධුරයට සමුදීම ලිබරල් පක්ෂයට, රජයට මෙන්ම සමස්ත ඔස්ට්‍රේලියාවටම විශාල පාඩුවක් බව හිටපු අගමැති  John Howard, Sky  පුවත් වෙත පැවසීය.



--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share
Published 27 August 2018 10:14am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends