ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පහසුවෙන් ලබා ගත හැකි ප්‍රමුඛතම උපාධි 05 ක්. (SBS සිංහල/වාර්තා)

Top 5 Bachelor Degrees that easily open the door for Permanent Residency in Australia.

Source: Flickr

උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ලොව ප්‍රමුඛතම රටවල් අතරින් ඔස්ට්‍රේලියාවට හිමිවන්නේ ඉහළම ස්ථානයකි.

අධ්‍යාපනයේ ගුණාත්මක භාවය, නවීන අධ්‍යාපනික ක්‍රමවිධි, යාවත්කාලීන වන දැනුම බෙදාදීම සහ පුළුල් රැකියා අවස්ථා හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලොව ප්‍රචලිත වී තිබේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

එමෙන්ම උසස් අධ්‍යාපනය ලැබීමට අනෙකුත් රටවලින් පැමිණෙන ජාත්‍යන්තර සිසුන් තම අධ්‍යාපනික කටයුතු අවසාන කර එම සුදුසුකම් හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමටද අපේක්ෂා කරයි.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය තවත් ජනප්‍රිය වී තිබේ.
Top 5 Bachelor Degrees that easily open the door for Permanent Residency in Australia.
Source: Flickr

සෑම උසස් අධ්‍යාපනික සුදුසුකමකටම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිම්වේද?

එම ප්‍රශ්නයට පිළිතුර "නැත" යන්නය.

මන්ද ඔස්ට්‍රේලියාවේ සෑම මුල්‍ය වර්ෂයක් ආරම්භයේදීම නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළව "නිපුණතා රැකියා ලැයිස්තුවක්" (Skilled Occupation List) පප්‍රකාශයට පත් කරයි.
එම ලැයිස්තුවේ සඳහන් වෘත්තීන් වලට අදාළ උසස් අධ්‍යාපනික සුදුසුකම් දරන පුද්ගලයින්ට පමණක් නිපුණතා වීසා යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකිවේ.
Top 5 Bachelor Degrees that easily open the door for Permanent Residency in Australia.
Source: AAP

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය සහ සමාජය සංවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳ පොළේ පවතින නිපුණතා හිඟය අවම කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන ක්‍රියාත්මක වේ.

ඔස්ට්‍රේලියාවේ සෑම මුල්‍ය වර්ෂයක් සඳහාම නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් එක් එක් රැකියා අංශය සඳහා කොපමණ සංඛ්‍යාවක කෝටාවක් තිබෙනවාද යන්න මෙමගින් ප්‍රකාශ කෙරේ.

ඊට අමතරව අදාළ රැකියා කෝටාව පිරෙන අතරතුරේ එම ලැයිස්තුව යාවත්කාලීන වන අතර තවත් කොපමණ සංඛ්‍යාවක් ඉතිරිද යන්න පිළිබඳවද ඔබට දැනගත හැකිවේ.
සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන යටතේ වාර්ෂිකව සංක්‍රමණිකයින් 190,000 කට ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීම සඳහා අවස්ථාව සලසා දෙයි.

ඒ අතරින් නිපුණතා සංක්‍රමණිකයින් 128,000 කට පමණ ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට අවස්ථාව සැලසෙයි.
Top 5 Bachelor Degrees that easily open the door for Permanent Residency in Australia.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පහසුවෙන් ලබා ගත හැකි ප්‍රමුඛතම උපාධි

ගණකාධිකරණය, තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍ර වලට අදාළ වෘත්තීන් සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන යටතේ එම උපාධි සහිත වූවන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ආරාධනා කිරීම prorata හෙවත් අනුපාතානුකූල ක්‍රමයට සිදු කෙරේ.

එම ඝණයට වැටෙන වෘත්තීන් නිපුණතා රැකියා ලයිස්තුවේ තරු සලකුණකින් සලකුණු කර ඇත.
එසේ prorata ක්‍රමයට අයත් නොවන නමුත් වාර්ෂික කෝටාව සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින රැකියා සඳහා අයදුම් කිරීමෙන් ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පහසුවෙන් ලබා ගැනීමට වැඩි ඉඩක් පවතී.

එම ක්‍රමයට අනුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පහසුවෙන් ලබා ගත හැකි ප්‍රමුඛතම උපාධි 5 ක් වර්තමානය වන විට හඳුනාගත හැකිවේ.

එමෙන්ම මෙම වෘත්තීන් හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම්ක් කරන අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව අවම මට්ටමක පැවතීම හේතුවෙන් සුදුසුකම් ඇත්නම් ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට මේ හරහා ඉතා පහසුවීම තවත් විශේෂත්වයකි.
Top 5 Bachelor Degrees that easily open the door for Permanent Residency in Australia.
Source: SBS

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පහසුවෙන් ලබා ගත හැකි ප්‍රමුඛතම උපාධි 05

Top 5 Bachelor Degrees that easily open the door for Permanent Residency in Australia.
Top 5 Bachelor Degrees that easily open the door for Permanent Residency in Australia. Source: SBS Sinhala
--------------------------------------------------------------------------------------------------------

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 23 October 2018 9:32am
By Madhura Seneviratne

Share this with family and friends