2019/20 නව මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ රැකියා ලැයිස්තු යාවත්කාලීන කෙරේ. (SBS සිංහල/වාර්තා)

South Australia Occupation Lists

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ State Nominated Occupation List (SNOL) සහ  Supplementary Skilled List (SSL) යන ලැයිස්තු ද්විත්වය අදින් (01/07) ආරම්භ වූ නව මුල්‍ය වර්ෂය සඳහා යාවත්කාලීන කිරීම ආරම්භ වී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

මේ පිළිබඳව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව සිය නිල වෙබ් අඩවියේ වාර්තා කර ඇත.
South Australia Occupation Lists
Source: Wikimedia

දකුණු ඔස්ට්‍රේලියානු රැකියා ලැයිස්තු යාවත්කාලීන කිරීම

සාමාන්‍යයෙන් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ State Nominated Occupation List (SNOL) සහ  Supplementary Skilled List (SSL) යන ලැයිස්තු ද්විත්වය සෑම මුල්‍ය වර්ෂයක් ආරම්භයේදී මෙන්ම මුල්‍ය වර්ෂය ආරම්භ වී මාස 6 ක් හෝ 8 ක් ගතවූ තැන ප්‍රධාන වශයෙන් යාවත්කාලීන කිරීම් සිදු කෙරේ.

ඒ අනුව 2019/20 නව මුල්‍ය වර්ෂය සඳහා වන දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ රැකියා ලැයිස්තුවල Accommodation and Hospitality Managers nec (ANZSCO 141999) යන වෘත්තීය  Low Availability හෙවත් අඩු උපයෝජ්‍යතාවක් සහිත වෘත්තියක් ලෙස නම් කර තිබේ.
මීට අමතරව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ශ්‍රම වෙළෙඳපොළ සහ ඔස්ට්‍රේලියානු ජාතික සංක්‍රමණික වැඩසටහනට අනුව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ State Nominated Occupation List (SNOL) සහ  Supplementary Skilled List (SSL) යන ලැයිස්තු වල සෙසු වෘත්තීන් සහ ඒවායේ කෝටාවන් තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය පෙබරවාරි මාසයේදී  දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ State Nominated Occupation List (SNOL) ලැයිස්තුවට පහත වෘත්තීන් අලුතින් එක් කරනු ලැබීය.
South Australia Occupation Lists
Occupations added to the South Australia SNOL. Source: www.migration.sa.gov.au
ඊට අමතරව  State Nominated Occupation List (SNOL) ලැයිස්තුවේ පහත සඳහන් වෘත්තීන් සඳහා "" ඉවත් කිරීමටද දකුණු ස්ට්‍රේලියාවේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
South Australia Occupation Lists
Occupations on the South Australia SNOL with “Special conditions” status to be removed Source: www.migration.sa.gov.au

දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන තාවකාලිකව වසා දැමෙයි

දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා අයදුම්පත් බාරගැනීම ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පසුගිය ජුනි 24 වන දින පෙරවරු 9 සිට වසා දැමුණු බව දකුණු ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ 190 සහ 489 යන වීසා ඛාණ්ඩ සඳහා අයදුම්පත් 2019 ජුනි 24 වන දින පෙරවරු 9 න් අනතුරුව බාර නොගනී.
දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන මෙලෙස වසා දැමුනේ එළඹෙන නව මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ සමස්ත පද්ධතියම යාවත්කාලීන කිරීම සඳහා බව වාර්තා වේ.

මෙසේ තාවකාලිකව වසා දැමුණු මෙම නිපුණතා සංක්‍රමණික වැඩසටහන මෙම මාසයේදී නැවත විවෘත කරන බව ද දකුණු ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

නමුත් එලෙස විවෘත කරන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත්කොට නොමැත.
South Australia Occupation Lists
Source: SBS Sinhala

Share
Published 1 July 2019 10:50am
By Madhura Seneviratne

Share this with family and friends