නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Orana කලාපයට 489 වීසා සඳහා EOI කැඳවීම ආරම්භ කරයි. (SBS සිංහල/වාර්තා)

Orana region

Source: Flickr

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Orana කලාපයට සංක්‍රමණිකයින් බාරගැනීමට ක්‍රියාත්මක වූ 489 වීසා උප ඛාණ්ඩයේ අයදුම්පත් කැඳවීම නැවත ආරම්භ කර තිබේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


පසුගිය සමයේදී Orana කලාපයට අදාළ 489 වීසා උප ඛාණ්ඩයේ අයදුම්පත් කැඳවීම නවතා තිබුණු අතර මෙහිදී නැවතත් එය ආරම්භ කර ඇත්තේ නව ක්‍රමවේදයකට අනුව බව සඳහන්.
Orana region
Source: Orana region

Orana කලාපයේ 489 වීසා උප ඛාණ්ඩය

2019 ජුනි 01 වන දින සිට Orana කලාපයේ ස්ථාපනය වීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයින් හට ඒ සඳහා අයදුම් කළ යුත්තේ Expression of Interest හෙවත් EOI ක්‍රමය හරහා බව rdaorana නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව ප්‍රථමයෙන්ම EOI එකක් යොමු කර ඒ සඳහා කැඳවීමක් කළහොත් පමණක් සම්පූර්ණ අයදුම්පත යොමු කළ යුතු බව ඔවුන් පවසයි.

මෙම ජුනි මාසයේදී සලකා බැලෙන EOI පිළිබඳ rdaorana නිල වෙබ් අඩවිය පහත කොන්දේසි වාර්තා කර තිබුණි.

01. Orana කලාපයේ අවම වශයෙන් මාස 6 ක් පදිංචිව සිටිය යුතු වීම.

02. Orana කලාපයේ සතියකට පැය 30 කට වැඩි ප්‍රමාණයක් අවම වශයෙන් මාස 6 ක කාලයක් පුරාවට සේවය කර තිබීම.

03. Orana කලාපයට අදාළ Short/ Medium/ Long යන නිපුණතා ලැයිස්තු වල ඔබේ වෘත්තීය ඇතුළත් විය යුතුය.

04. එනම් ඔබේ වෘත්තීය Orana කලාපයේ 482, 489, 187 යන වීසා උප ඛාණ්ඩ සඳහා සුදුසු විය යුතුය. (මෙහිදී Aged Care සේවකයින් පිළිබඳව ද සලක බැලෙයි.)

ඔබට මේ සම්බන්ධයෙන් යම් තොරතුරු දැන ගැනීමට අවශ්‍යනම් ඔබේ EOI එක යොමු කිරීමට පෙරාතුව migration@rdaorana.org.au යන ඊමේල් ලිපිනයෙන් විස්තර ලබාගත හැකි බව ද  rdaorana නිල වෙබ් අඩවිය පවසයි.

ඔබේ EOI එක යොමු කිරීමේදී $300 ක් වැනි ගාස්තුවක් අයකෙරෙන අතර තෝරා ගැනීමේ පටිපාටියට ඔබේ EOI එක අදාළ නොවුණහොත් එය සලකා නොබැලෙන අතර ඔබේ මුදල් ආපසු නොගෙවන බවද ඔවුන් සඳහන් කරයි.
Orana region
Source: Flickr

Orana කලාපයේ 489 වීසා සඳහා EOI යොමු කිරීම

Orana කලාපයේ 489 වීසා සඳහා සුදුසුකම් සපුරන, 489 වීසා සඳහා ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ කොන්දේසි සැපිරිය හැකි Orana කලාපයේ නිපුණතා ලයිස්තුවේ (NSW නිපුණතා ලයිස්තුව නොවෙයි) තමන්ගේ වෘත්තීය සඳහන්ව ඇති ඕනෑම පුද්ගලයෙකු හට Orana කලාපයේ 489 වීසා සඳහා EOI යොමු කිරීමට හැකියාව තිබේ.

එහිදී යම් යම් ප්‍රශ්න ඔබෙන් ඇසීමට හැකි බවත් ඔබට සුදුසු රැකියාවක් Orana කලාපයෙන් සොයාගැනීමට ඔබට කෙතරම් ඉක්මණින් හැකියාව ඇතිද සහ ඒ හරහා Orana කලාපයේ සාමාජිකයෙකු වීමට ඔබ කෙතරම් සූදානම් ද යන ප්‍රශ්න ප්‍රධාන වේ.
Australian Visa
Australian Visa Source: SBS

EOI යොමු කිරීම

2019 ජුනි 01 වන දින සිට සෑම මාසයකම පළමු දින 14 ඇතුළත ඔබට  Orana කලාපය සඳහා EOI යොමු කිරීමට හැකියාව පවතී.

ඒ සඳහා පහත සඳහන් ලේඛන ඔබ ඉදිරිපත් කළ යුතු අතර EOI ගාස්තුව ලෙස $300 ක් මුදලක් ගෙවිය යුතුවේ.

  • NSW Industry Form R (current version)
  • ඔබ සංක්‍රමණික ඒජන්තවරයෙකු හරහා ඔබේ EOI එක යොමු කරනවානම් Form 956
  • Orana කලාපයේ ප්‍රශ්නාවලිය
  • ඔබේ යාවත්කාලීන කළ ජීව දත්ත පත්‍රිකාව
  • ඔබ විසින් අත්සන් කළ Nomination Obligations Declaration පත්‍රය
Visa application
Source: SBS

EOI වලංගු කාලය

Orana කලාපය සඳහා යොමු කෙරෙන EOI මාස 2 ක කාලයක් වලංගුවේ.

ඔබේ EOI එක සලකා බලා ඔබ Orana කලාපය සඳහා වීසා අයදුම් කිරීමට සුදුසු යයි තීරණය කළවිට ඔබට ඒ පිළිබඳ දැනුම් දෙනු ඇත.

එතැන් පටන් දින 07 ක් ඇතුළත ඔබේ සුදුසුකම් සනාථ කෙරන සියලුම ලිපි ලේඛන ඔවුන් වෙත ඉදිරිපත් කළ යුතුය.

ඔබේ EOI එක නුසුදුසු යයි තීරණය වූ විට ඔබට එය දින 35 ක් ඇතුළත දැනුම්දෙන නමුත් ඔබේ $300 ගාස්තුව නැවත ගෙවනු නොලැබේ.
Orana region
Source: SBS Sinhala

Share
Published 10 June 2019 11:16am
Updated 10 June 2019 11:18am
By Madhura Seneviratne

Share this with family and friends