ළමුන්ට ජීවත්වීමට ලොව වඩාත් සුරක්ෂිතම රවටල අතරින් ඔස්ට්‍රේලියාව 15 වන තැනට. (SBS සිංහල/වාර්තා)

children

Source: Getty Images

ලෝකයේ ළමුන්ට ජීවත්වීමට වඩාත් සුරක්ෂිතම රවටල අතරින් ඔස්ට්‍රේලියාවට 15 වන ස්ථානය හිමිව තිබේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

නමුත් මෙම ප්‍රතිඵලය පිළිබඳ කණගාටුවන වන බව ඔස්ට්‍රේලියාවේ ළමුන් සම්බන්ධ විශේෂඥයින් පවසයි.
children
Source: WikiCommons

ළමුන්ට ජීවත්වීමට ලොව වඩාත් සුරක්ෂිතම රවටල

ලෝක ප්‍රකට Save the Children සංවිධානය විසින් සිදුකරනලද නවතම සමීක්ෂණයට අනුව ලෝකයේ ළමුන්ට ජීවත්වීමට වඩාත් සුරක්ෂිතම රවටල ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

Save the Children Global Childhood Report වාර්තාව ඔස්සේ මේ තොරතුරු පළවිය.

ලොව බොහෝ රටවල පසුගිය වසර 20 තුළ ළමුන්ට ජීවත්වීම සඳහා සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සුළු වශයෙන් වර්ධනය වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව වසර 2000 සිට මේ දක්වා රවටල 176 කින් රටවල 173 කම ළමුන් සඳහා අවශ්‍ය පරිසරයේ දියුණුවක් දක්නට ලැබෙන බව ඔවුන් පවසයි.

මෙම ලයිස්තුවේ පෙරමුණ ගැනීමට සිංගප්පූරුව සමත්වී ඇති අතර ස්වීඩනය දෙවැනි තැනට පත්ව ඇත.

ෆින්ලන්තය, නෝර්වේ සහ ස්ලෝවේනියාව පිළිවෙලින් තෙවන, සිව්වන සහ පස්වන ස්ථාන හිමිකරගෙන තිබේ.
ජර්මනිය හයවන ස්ථානයත් අයර්ලනත්ය හත්වන ස්ථානයත් ඉතාලිය සහ දකුණු කොරියාව පිළිවෙලින් අටවන සහ නවවන ස්ථානත් හිමිකරගෙන ඇත.

ළමුන්ට ජීවත්වීමට ලොව වඩාත් සුරක්ෂිතම රවටලව ලයිස්තුවේ 10 වන ස්ථානයට දකුණු කොරියාව පත්වී තිබේ.
children
Source: SBS News

ළමුන්ට ජීවත්වීමට ලොව සුරක්ෂිත බවින් අඩු රවටල

ළමුන්ට ජීවත්වීමට ලොව සුරක්ෂිත බවින් අඩු රවටල අතරින් මධ්‍යම අප්‍රිකානු ජනරජය ප්‍රධාන වන අතර Niger, Chad සහ Mali, දකුණු සුඩානය, සෝමාලියාව සහ නයිජීරියාව සෙසු රටවල ලෙස හැඳින්වෙයි.

එම රටවල ළමුන්ගේ සුරක්ෂිත භාවයට මෙන්ම ළමුන්ගේ වර්ධනයට ද විශාල කාර්යභාරයක් සිදුකළ යුතුව ඇතැයි Save the Children සංවිධානය පවසයි.
Children in South Sudan.
Children in South Sudan. Source: AAP

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ළමුන්

ළමුන්ට ජීවත්වීමට ලොව වඩාත් සුරක්ෂිතම රවටල අතරින් ඔස්ට්‍රේලියාවට 15 වන ස්ථානය හිමිවුවද එය සැහීමකට පත්විය නොහැකි කරුණක් බව ඔස්ට්‍රේලියාවේ ළමුන් පිළිබඳ විශේෂඥයින් පවසයි.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ හිරිමල් වියෙහි ගැබ්බර වීමේ අනුපාතය තවමත් ඉතා ඉහළ මට්මක පවතින බව Save the Children Global Childhood Report වාර්තාව පෙන්වා දෙයි.

පූර්ව ළමා වියේදී ස්වද්ශික ඔස්ට්‍රේලියානු දරුවන් මියා යාමේ ප්‍රතිශතය සාමාන්‍ය අගයට වඩා දෙගුණයක් බවත් අනෙක් ඔස්ට්‍රේලියානුවාසී දරුවන් ට සාපේක්ෂව ස්වද්ශික ඔස්ට්‍රේලියානු දරුවන් පාසල් යාමේ අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන බවත් එම වාර්තාව වැඩි දුරටත් පවසයි.
Indigenous Australian children are twice as likely to die during early childhood.
Indigenous Australian children are twice as likely to die during early childhood. Source: AAP
ඔස්ට්‍රේලියාව යනු ලොව ජීවත්වීමට හිතකර රටවල අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නා රටක් බවත් ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතා මැනවින් ක්‍රියාත්මක වන බවත් Save the Children Australia හි ප්‍රධාන විධායක නිලධාරී Paul Ronalds, SBS පුවත් සේවයට පැවසීය.

තත්ත්වය එසේ වුවද ළමුන් සඳහා වන පරිසරය පිළිබඳ ඉතා කණගාටුදායී තත්ත්වයක් පවතින බව ද ඔහු පැවසීය.

මේ අතර ස්වද්ශික ඔස්ට්‍රේලියානු දරුවන් පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය ඉතා අඩු බවත් ඔවුන්ට ඵලදායී හිතකර පරිසරයක් බිහිකිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ක්‍රියාත්මක වීම ප්‍රමාද බවත් Amnesty International සංවිධානයේ ස්වදේශික ජනතාවගේ අයිතවාසිකම් පිළිබඳ උපදේශිකා Joel Clark පැවසුවාය.
children
Source: SBS Sinhala

Share
Published 6 June 2019 10:25am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends