ඔස්ට්‍රේලියාවේ බහුතරයක් දෙමාපියන් වාහන වල Child Booster Seats පිළිබඳ නීති සහ නිර්දේශ නොදන්නා බව හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

Child Booster Seats

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙමාපියන් තම දරුවන්ගේ නිසි වයස එළඹීමට පෙරාතුව ඔවුන් තම මෝටර් රථ වල ඇති Child Booster Seats හෙවත් දරුවන් සඳහා පැනවිය යුතු විශේෂ වාහන අසුන් වලින් ඉවත් කර ඔවුන්ව සාමාන්‍ය පරිදි වාහනයේ පිහිටි අසුන් වල අසුන් ගන්වන බව හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියාවේ Child Booster Seats සම්බන්ධයෙන් සිදුකළ නවතම සමීක්ෂණයකින් මේ බව හෙළිවී තිබේ.
Child Booster Seats
Source: Flickr

Child Booster Seats සමීක්ෂණය

ඔස්ට්‍රේලියාවේ Royal Children's රෝහල මෙම Child Booster Seats සම්බන්ධයෙන් සිදුකළ නවතම සමීක්ෂණය මෙහෙයවා තිබේ.

වයස අවුරුදු 7 ත් 10 ත් අතර ළමුන්ගෙන් 63% ක් Child Booster අසුනක් නොමැතිව වාහන වල ඇති ආසන පටි පැළඳ සාමාන්‍ය අසුන් වල ගමන් කරන බව මේ සමීක්ෂණයේදී හෙළිවී ඇත.

නමුත් එය නිර්දේශිත වයස් සීමාවෙන් පහළ බව ද ඔවුන් පෙන්වා දෙයි.

සාමන්‍යයෙන් දරුවෙකු වැඩිහිටියකු සේ වාහනයේ සාමාන්‍ය ආසන පටි පැළඳ සාමාන්‍ය අසුන් වල ගමන් කිරීමට සුදුසුකම් ලබන්නේ ඔවුන් අවම වශයෙන් 145cm ක උසකින් යුක්ත වනවානම් පමණි.

මේ බව ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගෙන් දැන සිටියේ 3% පමණ ඉතාමත් අඩු ප්‍රතිශතයක් බව Royal Children's රෝහල සිදුකළ මෙම සමීක්ෂණයේදී හෙළිවී ඇත.

ඒ අනුව ළමුන්ව මෝටර් රථ තුළ රැගෙන යාමේදී සහ ඔවුන්ට ආසන පැනවීමේදී සම්මත නීති රීති පිළිබඳ ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙමාපියන් නොදන්නා බව මේ සමීක්ෂණයෙන් අනාවරණය වූ බව මෙම සමීක්ෂණයේ අධ්‍යක්ෂ වෛද්‍ය Anthea Rhodes පැවසුවාය.
Child Booster Seats
Source: Flickr

Child Booster Seats නීති සහ නිර්දේශ

සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියාව තුළ වයස මාස 6 තෙක් දරුවන් අනුමත rearward facing restraint නිර්දේශයට යටත්ව අසුන්ගත කළ යුතුය.

වයස මාස 6 ත් අවුරුදු 4 ත් අතර දරුවන් Child Booster Seats උපයෝගී කරගනිමින් rear or forward facing restraint නිර්දේශයට යටත්ව අසුන්ගත කළ යුතුය.

අසුන් පේලි දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් සහිත වාහන වල වයස අවුරුදු 4 ට අඩු දරුවන්ට ඉදිරි ආසනයක ගමන් කිරීමට නොහැකිය.

වයස 4 - 7 අතර දරුවන් Child Booster Seats උපයෝගී කරගනිමින් forward facing නිර්දේශයට යටත්ව අසුන්ගත කළ යුතුය.

වයස අවුරුදු 7 ට වැඩි නමුත් අවුරුදු 16 ට අඩු වූ ආසන පටි පැලඳීමට නොහැකි හෝ අපහසු දරුවන් සඳහා ද Child Booster Seats අනිවාර්ය වේ.

කෙසේනමුත් සාමන්‍යයෙන් හැදී වැඩෙන ළමයෙකු වයස අවුරුදු 11 ක් යනතුරු Child Booster Seats උපයෝගී කරගන්නා ලෙස බලධාරීන් නිර්දේශ කර තිබේ.
Child Booster Seats
Source: SBS Sinhala

Share
Published 7 June 2019 12:18pm
By Madhura Seneviratne

Share this with family and friends