2018 ජූලි 01 වන දින සිට ඔස්ට්‍රේලියාවේ වීසා වලට සිදුවන වෙනස්කම් මෙන්න. (SBS සිංහල/වාර්තා)

ඊයේ (01/07) දිනයෙන් ආරම්භ වූ ඔස්ට්‍රේලියාවේ නව මුදල් වර්ෂය සඳහා බල පැවැත්වෙන සංක්‍රමණික වැඩසටහනේ හා වීසා වෙනස්කම් කිහිපයක්ම ඔස්ට්‍රේලියානු රජය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

visa

Source: SBS

ඔස්ට්‍රේලියාවේ සෑම මුදල් වර්ෂයක් ආරම්භයේදීම ඔස්ට්‍රේලියානු සංක්‍රමණික වැඩසටහනේ සහ ඔස්ට්‍රේලියානු වීසා වල යම් යම් වෙනස්කම් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු රජය පෙළඹෙයි.

ඊයේ (01/07) දිනයෙන් ආරම්භ වූ ඔස්ට්‍රේලියාවේ නව මුදල් වර්ෂය සඳහා බල පැවැත්වෙන සංක්‍රමණික වැඩසටහනේ හා වීසා වෙනස්කම් කිහිපයක්ම ඔස්ට්‍රේලියානු රජය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

එම වෙනස්කම් වල සාරාංශ ගත සටහනක් SBS සිංහල වැඩසටහන මෙම ලිපියෙන් ඉදිරිපත් කරයි.
A new study has found Australia ranks as one of the most inclusive nations in the world.
Source: SBS

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා යොමු කළ යුතු EOI ලකුණු මට්ටම ඉහළ දැමීම.

නිපුණතා වීසා හරහා ඔස්ට්‍රේලියාවට ස්ථිර ලෙස සංක්‍රමණය වීමට පෙර හෝ ඔස්ට්‍රේලියාව තුළ සිට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට පෙර ඔබ ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට (වත්මනයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට) යොමු කළ යුතු expression of interest හෙවත් EOI හි ලකුණු මට්ටම එළඹෙන ජූලි 01 වන දින සිට ඉහළ දමන බව www.legislation.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව මෙතෙක් EOI එකක් යොමු කිරීමට සුදුසු අවම ලකුණු මට්ටම 2018 ජූලි 01 වන දින සිට ලකුණු 65 ක් බවට පත්වේ.

මෙම ලකුණු සංඛ්‍යාව මීට පෙර පැවතියේ ලකුණු 60 ක් ලෙසිනි.
පහත සඳහන් General skilled migration visaහෙවත් සාමාන්‍ය නිපුණතා වීසා සඳහා මෙම වෙනස බලපාන බව www.legislation.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.

  • Skilled—Independent (Permanent) (Class SI) visa;
  • Skilled—Nominated (Permanent) (Class SN) visa;
  • Skilled—Regional Sponsored (Provisional) (Class SP) visa.
changes to Australian visas since 01 July 2018
Source: Getty Images

Global Talent වීසා වැඩසටහන

ලොව අන් රටවල් සමග කරට කර තරග කිරීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියානු රජය විසින් හඳුන්වාදුන් Global Talent වැඩසටහන 2018 ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.

මෙය අත්හදා බැලීමක් ලෙස පළමුව මාස 12 ක් ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වේ.

ඒ අනුව මෙරට සමාගම් වෙත ඉහළ නිපුණතා වලින් සපිරි විදෙස් ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාවේ සේවයට ගෙන්වා ගැනීමට මේ අනුව හැකි වේ.

නමුත් වසරකට ඩොලර් 180,000 කට වඩා වැඩියෙන් වැටුප් ගෙවනු ලබන රැකියා සඳහා පමණක් මෙම ක්‍රමයට ඇතුළත් බවද රජය පවසයි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

මෙතෙක් කලක් විදේශ ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාවේ සේවා ආයතන සඳහා ගෙන්වා ගැනීමට සකසා තිබු 457 වීසා ක්‍රමය පසුගිය මාර්තු 18 දින සිට අවසන් වූ බැවින් මෙම නව වීසා වැඩසටහන රජය විසින් ආරම්භ කර ඇත.

තාක්ෂණික, විද්‍යා සහ ඉංජිනේරු යන අංශ ප්‍රධාන කොටගෙන මෙම වීසා නිකුත් කිරීමට ඔස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරයි.

Global Talent Scheme වැඩසටහන යටතේ මෙම වීසා නිකුත් කෙරෙන අතර  ඔස්ට්‍රේලියාවේ සමාගම් වෙත ඉහළ දක්ෂතා වලින් පිරිපුන් විදෙස් ශ්‍රමිකයින් අනියුක්ත කරගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.
changes to Australian visas since 01 July 2018
Source: SBS

වීසා ගාස්තු ඉහළ දැමීම.

2018 ජූලි 01 වන දින සිට ඇතැම් ඔස්ට්‍රේලියානු වීසා ගාස්තු ඉහළ යන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන හා ජනප්‍රියතම වීසා වර්ග කිහිපයක ගාස්තු ඉහළ යන්නේ පහත අයුරිනි.
changes to Australian visas since 01 July 2018
Source: SBS Sinhala

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වූ නිපුණතා වීසා වල සහකරුගේ වයස් මට්ටම පහත දමයි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වූ නිපුණතා වීසා වල Skilled partner හෙවත් නිපුණතා සහකරුගේ වයස් මට්ටම වයස අවුරුදු 45 දක්වා පහත දමා තිබේ.

ප්‍රසාද ලකුණු ක්‍රමය යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා නිපුණතා වීසා හරහා අයදුම් කිරීමේදී තම සහකරුගේ හෝ සහකාරියගේ නිපුණතා සඳහා අමතර ලකුණු 5 ක් පිරි නැමේ.

මීට පෙර එම නිපුණතා සහකරුගේ වයස් මට්ටම පැවතියේ වයස අවුරුදු 50 ක් ලෙසිනි.

ඒ අනුව මෙම වෙනස Skilled Independent (Subclass 189), Skilled State Nominated (Subclass 190) සහ Skilled Regional Provisional (Subclass 489) යන වීසා වලට අදාළ වේ.
changes to Australian visas since 01 July 2018
Source: Getty Images

Nomination Training Contribution බද්ද

Employer Nomination වීසා යටතේ යම් ව්‍යාපාරයක් හෝ යම් ආයතනයක් යම් කිසි පුද්ගලයෙකු හට අනුග්‍රහය සපයා බඳවා ගැනීමට යාමේදී ඒ සඳහා යම්කිසි බද්දක් (Nomination Training Contribution Charge) ගෙවිය යුතු වේ.

එම බද්ද පහත සඳහන් වීසා ඛාණ්ඩ සඳහා ගෙවිය යුතු වේ.

  • Temporary Skill Shortage (TSS) (Subclass 482)
  • Employer Nomination Scheme (ENS) (Subclass 186
  • Regional Sponsored Migration Scheme (RSMS) (Subclass 187)
වාර්ෂික පිරිවැටුම ඩොලර් මිලියන 10 ට වඩා අඩු ව්‍යාපාර හෝ ආයතන යම් කිසි පුද්ගලයෙකු හට Temporary Skill Shortage යටතේ අනුග්‍රහය සපයා බඳවා ගැනීමට යාමේදී එක් පුද්ගලයෙකු හට ඩොලර් 1,200 ක බද්දක් ගෙවිය යුතු වේ.

එමෙන්ම ස්ථිර නිපුණතා වීසා (186 and 187 visa) සඳහා ඩොලර් 3,000 ක බද්දක් ගෙවීමටද සිදුවේ.
changes to Australian visas since 01 July 2018
Source: SBS
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 2 July 2018 12:57pm
By Madhura Seneviratne

Share this with family and friends