ඔස්ට්‍රේලියාවේ අත්පිට මුදල් ගෙවීම් වලට සිදුවුණු අලුත්ම වෙනස මෙන්න. (SBS සිංහල/වාර්තා)

2017 වසරේදී ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් ඩොලර් බිලියන 8.3 ක කාඩ් පත් ගෙවීම් සිදු කර ඇති බව ත් එය දිනකට ඩොලර් මිලියන 23 ක ගනුදෙනු බවත් AusPayNet වාර්තාව දක්වයි.

AAP

Source: AAP

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් සාම්ප්‍රදායික මුදල් ගෙවීමෙන් ඩිජිටල් ගෙවීම් වෙත ක්‍රමයෙන් නැඹුරු වන බව ඔස්ට්‍රේලියානු ඉලෙක්ට්‍රොනික් ගෙවීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන ආයතනයක් වන AusPayNet සමාගමේ නවතම වාර්තාව පෙන්වා දෙයි.

ATM හෙවත් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වෙත මුදල් ගැනීමට කිහිප වරක් ගමන් කරනවාට වඩා තම කාඩ් පතින් මුදල් ගෙවීම ඉතා පහසු බව ඔස්ට්‍රේලියානු වාසීන්ගෙන් බහුතරයක් අවබෝධ කරගෙන ඇති බව එම වාර්තාව දක්වයි.

මේ අනුව මුදල් (cash) පමණක් නොව චෙක් පත් ගෙවීම් වලින්ද ඔවුන් ක්‍රමයෙන් බැහැර වන ලකුණු පෙනෙන බව එම වාර්තාව වැඩි දුරටත් පැහැදිලි කරයි.
Cash is no longer king in Australia.
Source: SBS

2017 ගනුදෙනු

2017 වසරේදී ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් ඩොලර් බිලියන 8.3 ක කාඩ් පත් ගෙවීම් සිදු කර ඇති බව ත් එය දිනකට ඩොලර් මිලියන 23 ක ගනුදෙනු බවත් AusPayNet වාර්තාව දක්වයි.

ඉහත ඩොලර් බිලියන 8.3 ක ගෙවීම් වලින් ඩොලර් බිලියන 5.6 ක ගෙවීම් සිදු කර ඇත්තේ debit කාඩ් පත් මගින් වන බවද සඳහන්.

එමෙන්ම ක්‍රෙඩිට් කාඩ් පත් ගෙවීම්ද ක්‍රමයෙන් වැඩි වන බව එම වාර්තාව පෙන්වා දෙයි.

ඊට අමතරව චෙක් පත් වලින් සිදු කළ ගෙවීම් ඩොලර් මිලියන 89.7 දක්වා 20% කින් පහළ බැස ඇති බවත් ATM යන්ත්‍ර වලින් මුදල් ආපසු ගැනීම් ඩොලර් මිලියන 610.1 දක්වා 5.9% කින් පහත වැටී ඇති බවත් එම වාර්තාව අනාවරණය කරයි.
Cash is no longer king in Australia.
Source: SBS

සාම්ප්‍රදයික මුදල් හා චෙක්පත් ගනුදෙනු පහත බැසීමට හේතු

ඉහළ තාක්ෂණය සමාජගත වීමත් අන්තර්ජාලය ජන ජීවිතයේ කොටසක් බවට පත්වීමත් මෙසේ සාම්ප්‍රදයික මුදල් හා චෙක්පත් ගනුදෙනු වලින් ඔස්ට්‍රේලියානු ජනතාව බැහැර වීමට ප්‍රධාන සාධක බව AusPayNet හි ප්‍රධාන විධායක නිලධාරිනී Leila Fourie පැවසුවාය.

මේ තත්ත්වයට 90% ක්ම වගකිව යුත්තේ smart ජංගම දුරකතන වල ඇති බැංකු සහ මුදල් ගෙවීම් සිදු කරන App බවද ඇය සඳහන් කළාය.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ගෙන් 60% ක් පමණ තම ගෙවීම් කටයුතු තම smart ජංගම දුරකතනය හරහා සිදු කරන බවද AusPayNet ආයතනය පවසයි.
Cash is no longer king in Australia.
Source: SBS

EFTPOS සහ ATM

ලොව අන් රටවල් සමග සංසන්දනය කිරීමේදී ඔස්ට්‍රේලියාවේ ATM යන්ත්‍ර සංඛ්‍යාව අඩු බවත් ඊට සාපේක්ෂව EFTPOS පර්යන්ත වැඩි මට්ටමක පවතින බවත් වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ මිලියනයක වාසස්ථාන සඳහා EFTPOS පර්යන්ත 39,337 ක් ඇති බවත් ATM යන්ත්‍ර 1,355 ක් ඇති බවත් AusPayNet ආයතනය පවසයි.

කැනඩාවේ එම අගයන් පිලිවෙලින් 38,892 ක් සහ 1,888 ලෙස දැක්වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 26 June 2018 10:56pm
By Madhura Seneviratne

Share this with family and friends