සරණාගතයින්ට ඔස්ට්‍රේලියාවේදී සිදුවන දේ පිළිබඳ ඔබ නොදත් තොරතුරු. (SBS සිංහල/වාර්තා)

දෙවනි ලෝක යුද්ධයෙන් අනතුරුව මේ දක්වා මානුෂීය හේතු මත 880,000 කට අධික පිරිසක් ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.

Refugees in Australia

Source: SBS

ජාත්‍යන්තර සරණාගත දිනය අදට (20/06) යෙදී තිබේ.

ලෝකයේ සරණාගතයින් පිළිබඳ අන් කවරදාටත් වඩා වත්මනයේදී සාකච්ඡා වන්නට පටන් ගෙන තිබේ.

සරණාගතයින් පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඔස්ට්‍රේලියාව යන නමද නිරතුරුවම ඉහළට පැමිණෙන මාතෘකාවකි.

පසුගිය දශකය තුළ ලෝකයේ සරණාගත වැඩසටහන් ක්‍රියාත්මක කරන රටවල් අතරින් ඔස්ට්‍රේලියාවට ද ප්‍රමුඛ ස්ථානයක් හිමිව ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු, අප්‍රිකානු සහ මැද පෙරදිග කලාප වල රටවලින් ව්‍යාජව සහ අව්‍යාජව සරණාගතයින් ලෙස පෙනී සිටිමින් ඔස්ට්‍රේලියාවට විශාල සංඛ්‍යාවක් පසුගිය සමයේදී පැමිණ තිබේ.
Refugees in Australia
Source: AAP

සරණාගතයින් (Refugees) සහ ආරක්ෂාව පතා පැමිණෙන්නන් (Asylum Seekers)

තමා වාසය කරන රටෙහි පවතින දේශපාලන පළි ගැනීම් , ආගම අනුව වෙනස් කොට සැලකීම්, ජාතිවාදය, යුද්ධය වැනි මානව හිමිකම් උල්ලංඝනය වීම මත රැකවරණය පතා වෙනත් රටකට පැමිණෙන පුද්ගලයින් Asylum Seekers හෙවත් ආරක්ෂාව පතා පැමිණෙන්නන් ලෙස ලෝක රතු කුරුස සංවිධානය හඳුන්වයි.

ආරක්ෂාව පතා එසේ වෙනත් රටකට පැමිණෙන පුද්ගලයින් හට අදාළ රටෙහි ස්ථාපිත වීමට අවසර ලැබෙන පුද්ගලයින්  Refugees හෙවත් සරණාගතයින් ලෙස හැඳින්වෙන බව ලෝක රතු කුරුස සංවිධානය පවසයි.

ඔවුන් පැහැදිලි කරන ආකාරයට සෑම ආරක්ෂාව පතා පැමිණෙන්නෙක්ම, සරණාගතයෙක් නොවන නමුත් සෑම සරණාගතයෙක් ගේම ආරම්භය බොහෝ දුරට ආරක්ෂාව පතා පැමිණෙන්නෙක් ලෙස විය හැක.
Refugees in Australia
Source: SBS

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින් සහ ආරක්ෂාව පතා පැමිණෙන්නන්

දෙවනි ලෝක යුද්ධයෙන් අනතුරුව මේ දක්වා මානුෂීය හේතු මත 880,000 කට අධික පිරිසක් ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.

පසුගිය දශකය තුළ සරණාගතයින්ව ස්ථාපිත කරනු ලබන් ලොව ප්‍රමුඛතම රටවල් ත්‍රිත්වයෙන් එකක් ලෙස ඔස්ට්‍රේලියාව සෑම වසරකම පැසසුම් ලබා ඇති බව ද ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරයි.

ඇමෙරිකාව සහ කැනඩාව අනෙක් රටවල් ද්විත්වය වේ.
Refugees in Australia
Source: SBS

සරණාගතයින් සඳහා ක්‍රියාත්මක ඔස්ට්‍රේලියාවේ මානුෂීය වැඩසටහන

සරණාගතයින් සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මානුෂීය වැඩසටහන Humanitarian Program ලෙස නිල වශයෙන් හැඳින්වේ.

සෑම වසරකම ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත කරගැනීමට අවස්ථාව ලබා දෙන සරණාගතයින් සඳහා වාර්ෂික කෝටාවක් මේ ඔස්සේ ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කරනු ලබයි.

2016-17 වසරේ මෙම කෝටාව 13,750 ක් වූ අතර 2017-18 වසරේදී එය 16,250 දක්වා වැඩි කර ඇත.

මේ අතර 2018-19 සඳහා එම සරණාගත කෝටාව 18,750 දක්වා ඉහළ දැමීමට අපේක්ෂිත බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරයි.
Refugees in Australia
Source: Home Affairs

Offshore resettlement සහ Onshore protection

ඔස්ට්‍රේලියාවේ Humanitarian Program හෙවත් මානුෂීය වැඩසටහන Offshore resettlement සහ Onshore protection ලෙස ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ.

Offshore resettlement

මානුෂීය හේතු මත සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් සඳහා මෙම Offshore resettlement හෙවත් ඔස්ට්‍රේලියාවෙන් පිටත ස්ථාපිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මේ කොටස යටතේ Refugee category සහ Special Humanitarian Program (SHP) category යනුවෙන් ඛාණ්ඩ දෙකක් ඇත.

Refugee category

තම් මව් රටෙහි වධ හිංසා වලට ගොදුරුවන එම රටෙන් බැහැරව වෙනත් රටක ස්ථාපිත වීමට කැමැත්තෙන් පසුවන පුද්ගලයින් සඳහා මේ ඛාණ්ඩය අදාළ වේ.

මේ ඛාණ්ඩය යටතේ පහත සඳහන් වීසා වර්ග නිකුත් කෙරේ.

  • Refugee Visa (Subclass 200)
  • In-country Special Humanitarian (Subclass 201)
  • Emergency Rescue Visa (Subclass 203)
  • Woman at Risk (Subclass 204)
Special Humanitarian Program (SHP) category

තම මව් රටෙහි තමන්ගේ මානව හිමිකම් කඩවීමක් හෝ වෙනස් කොට සැලකීමකට ලක්වන පුද්ගලයින් හට මේ ඛාණ්ඩය වෙන් කර තිබේ.

මේ සඳහා අයදුම් කරන ලබන් පුද්ගලයින්ද ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටිය යුතුය.

මේ ඛාණ්ඩය යටතේ පහත සඳහන් වීසා වර්ගය නිකුත් කෙරේ.

  • Global Special Humanitarian Program Visa (Subclass 202)

Onshore protection

රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණ ඔස්ට්‍රේලියාව තුළ සිටිනා පුද්ගලයින් හට Onshore protection හෙවත් ඔස්ට්‍රේලියාව තුළ ආරක්ෂාව ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

නමුත් මෙහිදී ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණි අයුරු සලකා බැලේ.

මේ ඛාණ්ඩය යටතේ පහත සඳහන් වීසා වර්ගය නිකුත් කෙරේ.

  • Protection Visa (Subclass 866)
නමුත් ඔබ 2017 වසරේ ඔක්තෝබර් 01 වන දිනට පෙර Protection වීසා සඳහා අයදුම් නොකළහොත් ඔබට ඕස්ට්‍රේලියාවෙන් පිට වීමට සිදුවන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.
Refugees in Australia
Source: AAP
2015 -16 කාලය තුළ Offshore resettlement වීසා පිරිනමා ඇති ප්‍රධාන ජාතිකයින් 10.
Refugees in Australia
Source: Home Affairs

ශ්‍රී ලංකාවෙන් පැමිණි පිරිස

Refugee Council of Australia හි දත්ත වලට අනුව 2018 අප්‍රේල් 26 වන විට ශ්‍රී ලංකාවේ සිට සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ ඔස්ට්‍රේලියාවේ  රඳවා තබාගෙන ඇති පිරිස පහත පරිදි වේ.

  • වැඩිහිටි පිරිමි - 12
  • වැඩිහිටි ගැහැණු - 10
  • ළමුන් - 20
  • මුළු පිරිස - 42
Refugees in Australia
Source: Facebook

දීමනා

රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණි පිරිස් හට විවිධ දීමනා ලබා දෙන අතර එම දීමනා වලින් 89% ක් Newstart හෝ Youth Allowance දීමනා වන බව  Refugee Council of Australia පෙන්වා දෙයි.

මේ අතර සරණාගත පවුල් සඳහා Family Tax Benefit ලබා ගත හැකි අතරම කුලී නිවාස වල සිටින පිරිස් හට rental assistance ද ලබා ගත හැකිය.

එම ගෙවීම් වල අගය ඔවුන්ගේ තත්ත්වය මත වෙනස් වේ.

සරණාගතයින් හට ලබා දෙන Newstart හා SRSS දීමනා පහත වගුවෙන් දැක්වේ.
Refugees in Australia
Source: Refugee Council of Australia

උපකාර

ඔස්ට්‍රේලියාවේ සරණාගතයින්ට සහ රැකවරණය පතා එන්නන්ට ඔස්ට්‍රේලියාවේ විවිධ සංවිධාන උපකාර කරනු ලබයි.

ඒ අතරින් Refugee Council of Australia, Amnesty, World Vision වැනි සංවිධාන ප්‍රධාන තැනක් ගනී.

සේවය කිරීමේ අයිතීන්

2014 දෙසැම්බර් මාසය වන තෙක් යාත්‍රා මගින් රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණි පිරිස් හට ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමේ අයිතීන් ලැබුණේ නැත.

නමුත් ඉන් අනතුරුව ඔවුන් හට පූර්ණ කාලීන රැකියා කිරීමේ අයිතීන් ලැබුණි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 20 June 2018 8:57am
By Madhura Seneviratne

Share this with family and friends