ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළකදී ඔබේ ජංගම දුරකථනය හෝ පරිගණකය රාජ සන්තක විය හැකි බව ඔබ දන්නවාද? (SBS සිංහල/වාර්තා)

යම් සැක කටයුතු දෙයක් වෙත්නම් ඒවා රාජසන්තක කිරීමට හෝ එම අන්තර්ගතයන් ඔවුන්ගේ පරිගණකයකට පිටපත් කිරීමට ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ අධිකාරිය වෙත බලතල හිමිව ඇත.

 airport

Source: AAP

අන් කවරදාටත් වඩා මේ දින වල ලොව ප්‍රධාන පෙළේ ගුවන් තොටුපොළ වල ආරක්ෂාව දැඩි ලෙස තර කර තිබේ.

ඔස්ට්‍රේලියාවේද ප්‍රධාන ගුවන් තොටුපොළ සෑම එකකම පාහේ මේ තත්ත්වය එසේමය.

ගුවන් මගීන්ගේ ගමන් මළු පරීක්ෂාව, ගුවන් මගීන්ව පරීක්ෂා කිරීම, අහඹු ලෙස මත්ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂා කිරීම වැනි විවිධ පරීක්ෂණ මේ හේතුවෙන් සිදු කෙරේ.

මේ අතර ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළක ඔබ සිටින විට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායේ නිලධාරියෙකු ඔබේ ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගණකය ඔවුන් යටතට ගැනීමට ඇසුවහොත් ඔබ මදක් පුදුම වනු ඇත.

තම පුද්ගලික දුරකතනය හෝ ලැප්ටොප් පරිගණකය විවෘත කර එහි ඇති අන්තර්ගතය පරීක්ෂා කිරීමටත් ඒවා රාජ සන්තක කිරීමටත් ඔවුන්ට බලයක් තිබේද යන්න ඔබට ගැටළුවක් මතුවනු ඇත.

නමුත් ABC පුවත් වෙබ් අඩවිය පවසන පරිදි ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායේ නිලධාරීන්ට එවැනි බලයක් තිබේ.
Can airport authorities search your phone or computer?
Source: AAP

ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායේ නිලධාරීන්ගේ බලය

ඔබ ගුවන් මගියෙකු නම් ඔබේ ජංගම දුරකතනයේ හෝ ලැප්ටොප් පරිගණකයේ ඇති දෑ සියුම්ව පරීක්ෂා කිරීමටත් ඔබගෙන් ඒ සම්බන්ධව ප්‍රශ්න කිරීමටත් ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායේ නිලධාරීන්ට පුළුල් බලයක් ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මුස්ලිම් නීති පද්ධතියේ සභාපති Zaahir Edries, ABC පුවත් වෙබ් අඩවියට පවසා තිබේ.

එමෙන්ම යම් සැක කටයුතු දෙයක් වෙත්නම් ඒවා රාජසන්තක කිරීමට හෝ එම අන්තර්ගතයන් ඔවුන්ගේ පරිගණකයකට පිටපත් කිරීමට ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ අධිකාරිය වෙත බලතල හිමිව ඇත.

ඔබගේ පුද්ගලික දුරකතනය හෝ ලැප්ටොප් පරිගණකය තුළ ඇති අනතර්ගතය පරීක්ෂා කිරීමට හෝ අවශ්‍යනම් ඒවා පිටපත් කිරීමට ඔබ විරෝධය පළ කළහොත් ඒවා ඔවුන්ගේ සන්තකයට ගෙන පරීක්ෂා කිරීමට ඔවුන්ට හැකිය.

මෙය නිතර සිදු වෙනවාද?

මෙවැනි පරීක්ෂණ සිදුවන ආකාරය හෝ ප්‍රමාණය පිළිබද දත්ත ප්‍රසිද්ධියට පත් නොකරන බවත් Zaahir Edries පවසයි.

තමන්ව හිටි අඩියේම නවත්වා ප්‍රශ්න කර තම දුරකතනය හෝ ලැප්ටොප් පරිගණකය තුළ ඇති අනතර්ගතය පරීක්ෂා කිරීමට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායේ නිලධාරීන් කටයුතු කළ බව පවසමින් තම සංවිධානයෙන් බොහෝ දෙන උපකාර ඉල්ලන බව ඔහු පැවසුවේය.
Can airport authorities search your phone or computer?
Source: AAP

ගුවන් මගීන්ගේ දුරකතන අහඹු ලෙස පරීක්ෂා කෙරෙනවාද?

කිසිදු දුරකතන පරීක්ෂාවක් අහඹු ලෙස සිදු නොකරන බවත් ඒ ඒ ගුවන් මගියාගේ හැසිරීම මත අදාළ පරීක්ෂාවන් සිදුවන්නට හැකි බවත් පැවසේ.

ඔබ ගුවන් ගත වීමට සූදානම් වීමේදී ඔබේ සියලු තොරතුරු අදාළ ගුවන් සේවාව මගින් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ලබා දෙන බවත් එහිදී ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායේ නිලධාරීන් එම තොරතුරු පරීක්ෂා කර බලා තීන්දු වලට එළෙඹෙන බවත් සඳහන්.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 15 June 2018 10:47pm
By Madhura Seneviratne

Share this with family and friends