පදිකයින්ට ප්‍රමුඛත්වය දෙමින් මෙල්බන් නගරයට යෝජිත නවතම ප්‍රවාහන සැලසුම මෙන්න. (SBS සිංහල/වාර්තා)

මෙල්බන් නුවර පදිකයින්ට ප්‍රමුඛ ස්ථානයක් ලබා දීමේ මෙම යෝජනා අතරේ පදික මාරු වල සංඥා එළි කාලය දීර්ග කිරීමට අදහස් කෙරේ.

Melbourne CBD

Source: Flickr

මෙල්බන් නුවර පදිකයින්ට වැඩි ඉඩක් සැලසීමේ අරමුණින් මෙල්බන් නගර සභාව මෙල්බන් නගරයට නව නාගරික සැලසුමක් යෝජනා කරයි.

මේ අනුව මෙල්බන් මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය (CBD) තුළ ඕනෑම ස්ථානයකට පා ගමනින් ඉතා පහසුවෙන් ළඟා වීමට හැකි වන බවත් එමගින් මෙල්බන් ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ ආර්ථිකය වසරකට ඩොලර් බිලියන 2.1 කින් ඉහළ දැමිය හැකි බවත් මෙල්බන් නගර සභාව පෙන්වා දෙන බව The Age පුවත්පත වාර්තා කරයි.
Melbourne CBD
Source: Flickr

පදිකයින් පළමු තැනට

පදික මාරු සංඥා එළි කාලය දීර්ග කිරීම

මෙල්බන් නුවර පදිකයින්ට ප්‍රමුඛ ස්ථානයක් ලබා දීමේ මෙම යෝජනා අතරේ  පදික මාරු වල සංඥා එළි කාලය දීර්ග කිරීමට අදහස් කෙරේ.

එමගින් පාරවල් මාරු වීම සඳහා පදික මාරු ස්ථාන වල වැඩි කාලයක් රැදී නොසිටීමට පදිකයින්ට අවස්ථාව සැලසෙනු ඇත.
Melbourne CBD
Source: SBS

මෙල්බන් ප්‍රවාහන පද්ධතිය

වර්තමානය වන විට මෙල්බන් නගරයේ දෛනික ජනගහනය 911,000 ක් පමණ වන අතර එය වසර 2036 වන විට මිලියන 1.4 දක්වා ඉහළ යනු ඇති බව The Age පුවත්පත වාර්තා කරයි.

මේ තත්ත්වය හේතුවෙන් මෙල්බන් නුවර ප්‍රවාහන කටයුතු දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි මෙල්බන් නගර සභාව අපේක්ෂා කරයි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

මේ නිසාම මෙල්බන් නගරයේ ප්‍රවාහන පද්ධතිය සඳහා අවශ්‍ය ප්‍රතිසංසකරණ කටයුතු මොනවාද යන්න පිළිබඳ මහජනතාවගෙන් අදහස් ලබා ගැනීමට මෙල්බන් නගර සභාව කටයුතු කරමින් සිටියි.

එම ක්‍රියාවලිය "pedestrian priority CBD" හෙවත් "පදිකයින්ට පළමු තැන ලබා දෙන මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය" ලෙස නම් කර තිබේ.
Melbourne CBD
Source: Flickr

ආර්ථික ප්‍රතිලාභ

පදිකයින් හට පා ගමනින් නගරයේ ස්ථාන වෙත ළඟා වීම 10% කින් වැඩි කිරීමෙන් Hoddle Grid හෙවත්  Flinders Street, Spring Street, La Trobe Street, සහ Spencer Street වලින් වටවූ කලාපය ආශ්‍රිතව ආර්ථික ප්‍රතිලාභය වාර්ෂිකව ඩොලර් බිලියන 2.1 කින් ඉහළ දැමිය හැකි බව වාර්තා වේ.

එමෙන්ම Spencer සහ Collins වීථි අතර ක්‍රියාත්මක පදික මාරු සංඥා එළි වල පදිකයින් රැදී සිටින කාලය තවත් තත්ත්පර 38 කින් අඩු කිරීමට හැකි බවත් එමගින් පදිකයින් රතු සංඥා එළි වලදී පවා පාර මාරුවීම් වැනි අනතුරුකාරී ක්‍රියා මග හරවාගත හැකි බවත් ඔවුන් පවසයි.

පොදු ස්ථාන වලට රථ වාහන ඇතුළු වීම අඩු කිරීම

මෙල්බන් නගරයේ පොදු ස්ථාන වලට රථ වාහන ඇතුළු වීම අඩු කිරීම මෙම යෝජනා අතර තවත් ප්‍රධානතම යෝජනාවක් වේ.

මෝටර් රථ අධික වේගයෙන් යුතුව ධාවනය කර බලහත්කාරයෙන් පදිකයින්ව යට කිරීමේ අනුතුරු පිළිබඳ පසුගිය කාලයේදී මෙල්බන් නුවරින් වාර්තාවූ අතර මේ යෝජනාව හේතුවෙන් එවැනි අනතුරු ඇතිවීම සීමා වනු ඇති බව මෙල්බන් නගර සභාව විශ්වාස කරයි.

එමෙන්ම වාහන රහිත පොදු ස්ථාන වැඩි කිරීම, Southern Cross සහ Flinders Street වැනි මෙල්බන් නුවර කාර්ය බහුල දුම්රිය ස්ථාන ආශ්‍රිතව පවතින පදික වීථි වල පළල වැඩි කිරීමද මේ යටතේ සිදු කිරීමට යෝජනා කර තිබේ.
Melbourne CBD
Source: Flickr

වාහන වල වේගය අවම කිරීම

වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම පදික අනතුරු සංඛ්‍යාවක් වාර්තා වන්නේ මෙල්බන් නගරයෙන් බව මෙල්බන් නගර සභාව පවසයි.

පසුගිය වසර 5 තුළදී මෙල්බන් නගරයේ සිදුවූ අනතුරු වලින් පදිකයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 234 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

මේ හේතුවෙන්ම Hoddle Grid ආශ්‍රිතව වාහන වල වේගය පැයට කිලෝ මීටර් 30 දක්වා අඩු කළ යුතු බවටද යෝජනා වී තිබේ.

මේ අතර Hoddle Grid හි ඇතැම් මාර්ග තනි මන්තීරුවක් බවට පත් කිරීමටත් දකුණට හා වමට වාහන හැරවීම සීමා කිරීමටත් යෝජනා වී ඇත.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 25 June 2018 11:44am
By Madhura Seneviratne

Share this with family and friends