ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට නොමිලේ ඉංග්‍රීසි උගත හැකි වැඩසටහනක්. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට Adult Migrant English Program වෙතින් නොමිලයේ පැය 510 ක ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දෙයි.

Adult Migrant English Program

Source: Getty Images

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට හට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අධ්‍යාපනයක් ලබා දීමට ඔස්ට්‍රේලියානු රජය විසින් Adult Migrant English Program (AMEP) නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.

Adult Migrant English Program සම්බන්ධ වැදගත් තොරතුරු කිහිපයක් SBS සිංහල වැඩසටහන මෙම ලිපිය හරහා ඔබ වෙත ගෙන එයි.
Migrants Australia
Source: Getty Images

Adult Migrant English Program

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට Adult Migrant English Program වෙතින් නොමිලයේ පැය 510 ක ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දෙයි.

ඇතැම් තාවකාලික වීසා ලාභීන් ඇතුළු නව සංක්‍රමණිකයන්ට  මෙම වැඩසටහනට ඇතුලත් විය හැකිය.


SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Adult Migrant English Program
Source: SBS

මේ සඳහා සුදුසකම් ලත් තාවකාලික වීසා ලැයිස්තුව

  • Bridging F (Class WF)
  • Business Skills (Provisional) (Class UR)
  • Business Skills (Provisional) (Class EB)
  • Interdependency (Provisional) (Class UG)
  • Partner (Provisional) (Class UF)
  • Partner (Temporary) (Class UK)
  • Resolution of Status (Temporary) (Class UH)
  • Safe Haven Enterprise (Class XE)
  • Skilled – Designated Area-sponsored (Provisional) (Class UZ)
  • Skilled – Independent Regional (Provisional) (Class UX)
  • Skilled – Regional Sponsored (subclass 475)
  • Skilled – Regional Sponsored (subclass 487)
  • Skilled – Regional Sponsored (subclass 489)
  • Temporary (Humanitarian Concern) (Class UO); and
  • Temporary Protection (Class XD).
Adult Migrant English Program
Adult Migrant English Program Source: SBS

ලියා පදිංචි වීම.

ඔස්ට්‍රේලියාවට පැමිණ පළමු මාස 6 තුලදී අයදුම්කරුවන් මේ සදහා ලියා පදිංචි විය යුතුය.

වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ට වසරක කාලයක් ලියා පදිංචි වීමට අවස්ථාව ලැබේ.

ලියාපදිංචියෙන් පසුව මාස 12 ක් ඇතුළත පාඨ මාලාව ආරම්භ කළ යුතුය.

පාඨ මාලාව සම්පුර්ණ කිරීමට වසර 5ක් ලැබේ.
Adult Migrant English Program
Source: SBS

පිළිගැනීම සහ පාඨ මාලා ආකෘතිය

මෙම පාඨ මාලාව, ඔස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් පිළිගත් ඉංග්‍රීසි කතාව හා ලිවීම පිලිබඳ සහතිකයක් ලබා දෙයි.

ඔස්ට්‍රේලියාව පුරා මධ්‍යස්ථාන 307 කදී මෙම වැඩසටහන පැවැත්වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව පන්ති වලට සහභාගී විය හැකියි.

ඉංග්‍රීසි දැනුම් මට්ටම් 6කින් මෙහි පන්ති පැවැත්වේ.

  • Pre - Beginner
  • Beginner
  • Post Beginner
  • Preliminary Course in Spoken and Written English
  • Intermediate
  • Settlement Language Pathways to Employment and Training
Adult Migrant English Program
Source: SBS

අමතර පහසුකම්

දුරස්ථ මාධ්‍යයෙන් හෝ අන්තර්ජාලය ඔස්සේ හෝ නිවෙසට පැමිණෙන උපදේශකයෙකු සමගද ඔබට මේ හරහා ඉංග්‍රීසි උගත හැකිය.

මෙම වැඩසටහන ඔස්සේ නොමිලයේ ළමා සුරැකුම් පහසුකම් ලබා දෙයි.

වැඩි විස්තර 13 38 73 යන දුරකතන අංකයෙන් ලබා ගත හැකිය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 28 June 2018 1:30pm
By Madhura Seneviratne

Share this with family and friends