ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි, රටවල් නම් ඒවායේ ආර්ථිකය කොහොමද? (SBS සිංහල/වාර්තා)

ඇමෙරිකාව, චීනය, ජපානය, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඉන්දියාව, බ්‍රසීලය, ඉතාලිය, කැනඩාව, කොරියාව සහ රුසියාව දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ ජාත්‍යනතර මුල්‍ය අරමුදලේ නවතම දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවට ඉහළින් සිටින රටවල් 12 වේ.

How Australian state economies rank

Source: SBS

ජාත්‍යන්තරයේ රටවල් අතර දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ ජාත්‍යනතර මුල්‍ය අරමුදලේ නවතම දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 13 වන ස්ථානය වන අතර එහි අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 1,390.1 ක් බව ජාත්‍යනතර මුල්‍ය අරමුදල වාර්තා කරයි.

ඇමෙරිකානු ඩොලර් බිලියන 19,362.1 අගයක් වාර්තා කරමින් මෙම දර්ශකයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 11,937.5 අගයක් ලබා චීනය දෙවනි තැනට පත්ව තිබේ.

ඇමෙරිකානු ඩොලර් බිලියන 4884.4 ක අගයක් ලබා ජපානය දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ ජාත්‍යනතර මුල්‍ය අරමුදල් දර්ශකයේ තුන්වන ස්ථානයට පත්ව තිබේ.
How Australian state economies rank
Source: SBS

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි, රටවල් නම්.....

ඇමෙරිකාව, චීනය, ජපානය, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඉන්දියාව, බ්‍රසීලය, ඉතාලිය, කැනඩාව, කොරියාව සහ රුසියාව දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ ජාත්‍යනතර මුල්‍ය අරමුදලේ නවතම දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවට ඉහළින් සිටින රටවල් 12 වේ.

නමුත් එම ලැයිස්තුවට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි, රටවල් ලෙස ඇතුළත් කල විට ලැබෙන ප්‍රතිඵල පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වෙබ් අඩවියක් වන domain වෙබ් අඩවිය අපූරු සටහනක් තබා ඇත.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි, රටවල් ලෙස ගත් කළ එම දර්ශකයේ ඉහළින්ම වැජඹෙන ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හැඳින්වෙන අතර එහි දළ දේශීය නිෂ්පාදිත අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 447.2 ක් ලෙස දැක්වෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය එම දර්ශකයේ 26 වන ස්ථානය ලබා ඇති අතර තායිලන්තය, ඔස්ට්‍රියාව, නොර්වේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං සහ ඩෙන්මාර්කය වැනි රටවල් එයට පහතින් සිටීම විශේෂත්වයකි.
How Australian state economies rank
Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි අතරින් දෙවැනි තැනට පත්ව ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තය වන අතර එහි දළ දේශීය නිෂ්පාදිත අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 319.8 ක් ලෙස දැක්වෙයි.

මැලේසියාව, සිංගප්පූරුව සහ ෆින්ලන්තය යන රටවල් එහිදී වික්ටෝරියා ප්‍රාන්තයට වඩා පහළින් සිටියි.

ක්වීන්ස්ලන්තය ඇමෙරිකානු ඩොලර් බිලියන 247.4 ක් සටහන් කරමින් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි අතරින් තුන්වන තැනටද ඇමෙරිකානු ඩොලර් බිලියන 186.9 ක් ලබා බටහිර ඔස්ට්‍රේලියාව සිව්වන තැනටද පත්ව තිබේ.

ඇමෙරිකානු ඩොලර් බිලියන 200.8 ක් ලබා ඇති නවසීලන්තය සිටිනුයේද ක්වීන්ස්ලන්තයට පහළින් වීම විශේෂත්වයකි.

එමෙන්ම දළ දේශීය නිෂ්පාදිත අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 83.5 ක් ලබා ඇති ශ්‍රී ලංකාව පසුවන්නේ මෙම දර්ශකයේ බටහිර ඔස්ට්‍රේලියාවටද වඩා පහලිනි.

දකුණු ඔස්ට්‍රේලියාව ඇමෙරිකානු ඩොලර් බිලියන 81.6 ක් සටහන් කරමින් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි අතරින් පස්වන තැනටද ඇමෙරිකානු ඩොලර් බිලියන 30.1 ක් ලබා ACT හයවන තැනටද පත්ව තිබේ.
How Australian state economies rank
Source: AAP
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි අතරින් හත්වන තැනට පත්ව ඇත්තේ ටස්මේනියානු ප්‍රාන්තය වන අතර එහි දළ දේශීය නිෂ්පාදිත අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 22.9 ක් ලෙස දැක්වෙයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි, රටවල් ලෙස ගත් කළ එම දර්ශකයේ පහළින්ම ඇති ප්‍රාන්තය ලෙස Northern Territory හැඳින්වෙන අතර එහි දළ දේශීය නිෂ්පාදිත අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 20.4 ක් ලෙස දැක්වෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 12 September 2018 5:03pm
By Madhura Seneviratne

Share this with family and friends