ඔස්ට්‍රේලියාවේ නිවාස මිල නොකඩවා තවදුරටත් පහතට. (SBS සිංහල/වාර්තා)

පසුගිය අගෝස්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ජාතික මට්ටමින් 0.3% ක පහත බැසීමක් පෙන්වන බව CoreLogic's index හි නවතම දත්ත අනාවරණය කරයි.

Australian home prices

Source: AAP

ඔස්ට්‍රේලියාවේ සමස්ත නිවාස මිල පහත බැස ඇති බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නිවාස මිල දර්ශකයක් වන CoreLogic's index හි නවතම දත්ත පෙන්වා දෙයි.

මේ අනුව ඔස්ට්‍රේලියාවේ සමස්ත නිවාස මිල නොකඩවා මාස 11 ක් පහත බැස ඇති බව එම වාර්තාව අනාවරණය කරයි.

ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ ප්‍රධාන මර්මස්ථාන වන මෙල්බර්න් සහ සිඩ්නි නගර වලද නිවාස මිල පහළ යාම මේ සඳහා ප්‍රධානතම හේතුව බව ඔවුන් පවසයි.
Australian home prices
Source: AAP

මෙල්බර්න් සහ සිඩ්නි

පසුගිය අගෝස්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ජාතික මට්ටමින් 0.3% ක පහත බැසීමක් පෙන්වන බව CoreLogic's index හි නවතම දත්ත අනාවරණය කරයි.

මේ තත්ත්වයත් සමග ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමේ නිවාස මිල මේ වසරේදී 2% කින් පහත බැස තිබේ.

එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේදී මෙල්බර්න් නුවර නිවාස මිල 0.6% කින් පහත බැස ඇති අතර එය වාර්ෂිකව ගත් කළ 1.7% ක පහත බැසීමක් බව අනාවරණය වී තිබේ.

සිඩ්නි නුවර නිවාස මිල පසුගිය අගෝස්තු මාසයේදී 0.3% කින් පහත බැස ඇති අතර එය වාර්ෂිකව ගත් කළ 5.6% ක පහත බැසීමක් බව CoreLogic's index හි නවතම දත්ත පෙන්වා දෙයි.

නිවාස වෙළෙඳපොලේ මිල පහත බැසීමට විවිධ සාධක හේතුවන බවත් පසුගිය සමයේදී ඔස්ට්‍රේලියාවේ නිවාස ණය සහ මුල්‍ය පසුබිම ස්ථාවර මට්ටමක නොතිබීම එයින් ප්‍රධාන සාධකයක් බවත් CoreLogic හි පර්යේෂණ ප්‍රධානී Tim Lawless පැවසීය.
Australian home prices
Source: AAP

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගර වල තත්ත්වය

පසුගිය අගෝස්තු මාසයේදී බ්‍රිස්බන් නුවර නිවාස මිල 0.2% කින් පහත බැස ඇති නමුත් එය වාර්ෂිකව ගත් කළ 0.9% ක ඉහළ නැගීමක් පෙන්වයි.

එමෙන්ම පර්ත් නුවර නිවාස මිල පසුගිය අගෝස්තු මාසයේදී 0.6 % කින් පහත බැස ඇති අතර එය වාර්ෂිකව ගත් කළ 2.1% ක පහත බැසීමකි.

කෙසේනමුත් හෝබාට් නුවර තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් මට්ටමක පවතින බව වාර්තා වේ.

පසුගිය අගෝස්තු මාසයේදී එහි නිවාස මිල 0.1% කින් පහත බැස ඇති නමුත් වාර්ෂිකව ගත් කළ  හෝබාට් නුවර නිවාස මිල 10.7% කින් ඉහළ නැග ඇත.

ඇඩිලේඩ් නුවර පසුගිය මාසයේදී 0.3% ක  නැග්මක් පෙන්වන අතර වාර්ෂිකව 0.1% ක නැග්මක් පෙන්වයි.

ඩාවින් නුවර පසුගිය මාසයේදී නිවාස මිලෙහි 0.1% ක නැග්මක් පෙන්වා ඇති නමුත් වාර්ෂිකව 45 ක විශාල බැස්මක් පෙන්වන බව සඳහන්.

කැන්බරා නුවරද පසුගිය අගෝස්තු මාසයේදී 0.5% ක නැග්මක් පෙන්වා ඇති අතර වාර්ෂිකව එය 2.3% නැග්මක් පෙන්වන බව CoreLogic's index හි නවතම දත්ත පෙන්වා දෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 11 September 2018 10:54am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends