ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම නිසා වැඩි පුරාම අපහසුතාවට පත්වන පිරිස් මෙන්න. (SBS සිංහල/වාර්තා)

Australia’s living costs rising

Source: Getty Images

ලෝකයේ රටවල පවතින උද්ධමනය පිළිබඳ නවතම දත්ත මේ වන විට නිකුත් වී තිබේ.

www.tradingeconomics.com වෙබ් අඩවියට අනුව 2018 තුන්වන කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 1.9 දක්වා පහත බැස තිබේ.

මීට පෙර වසරේ තුන්වන කාර්තුවේදී එම ප්‍රතිශතය 2.1% ක් බවද වාර්තා විය.

මෙලෙස උද්ධමනය පහත වැටීමට ප්‍රධානතම හේතුව නිවාස මිල ගණන් පහත බැසීම බවට අනුමාන කෙරේ.
living costs
Source: AAP

නිවාස මිලෙහි උච්ඡාවචනය

පසුගිය සැප්තැම්බර් මාසයෙන් අවසන්වූ තුන්වන කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යාමේ ප්‍රතිශතය 1.6% ක් ව පැවතුනු බව www.tradingeconomics.com වෙබ් අඩවිය වාර්තා කරයි.

නමුත් ඊට පෙර කාර්තු වලදී එම ප්‍රතිශතය 3.1% මට්ටමේ පැවතුනු බවද සඳහන්.

අලුතින් තැනූ නිවාස වල නිවාස හිමියන්ම පදිංචි වීමේ ප්‍රතිශතය 2 - 2.7% ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බවද පෙනී යයි.
Australia’s living costs rising
Source: AAP

සෞඛ්‍ය සහ මුල්‍ය ක්ෂේත්‍ර

සෞඛ්‍ය සේවා වල ආර්ථික වේගය 3.2% - 3.4% ත් අතර ද රක්ෂණ සහ මුල්‍ය සේවා වල 1.4% - 1.5% අතර ප්‍රතිශතයක වර්ධනයක්ද සිදුව ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.

නමුත් ගෘහ භාණ්ඩ හා නිවාස උපකරණ සහ සේවා වල මිල ගණන් 2% ත් 0.5% ත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇති බවද වාර්තා වේ.
Australia’s living costs rising
Source: AAP

ආහාර පාන වල මිල ඉහළට

පසුගිය කාර්තුව වන විට ආහාර සහ ඇල්කොහොල් රහිත පාන වල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් එම ප්‍රතිශතය 1.6% ක් බවත් වාර්තා වේ.

මෙම මුල්‍ය වසරේ දෙවැනි කාර්තුවට වඩා එය 0.3% ක වේගවත් ඉහළ යාමක් බව පෙනී යයි.

2017 ජුනි මාසයෙන් පසුව ආහාර පාන සම්බන්ධයෙන් වාර්තාවූ ඉහළම උද්ධමන ප්‍රතිශතය මෙය බවද www.tradingeconomics.com වෙබ් අඩවිය වාර්තා කරයි.

එළවළු, පළතුරු, පාන්, සීරියල් නිෂ්පාදන, මස් සහ මුහුදු ආහාර ඒ අතර ප්‍රධාන තැනක් ගනී.
Australia’s living costs rising
Source: Flickr

ගමනාගමන වියදම්ද ඉහළට

පසුගිය කාර්තුව අවසන් වන විට ගමනාගමන වියදම්ද ඉතා ඉහලම අගයක් වාර්තා කළ බව නවතම උද්ධමන දත්ත පෙන්වා දෙයි.

මීට පෙර කාර්තුවේ 5.2% ක ඉහළ යාමක් පෙන්වූ ගමනාගමන වියදම් මෙවර 6% දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ සඳහා මූලිකම හේතුව වී ඇත්තේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම බව www.tradingeconomics.com වෙබ් අඩවිය වාර්තා කරයි.
Australia’s living costs rising
Source: AAP

මේ තත්ත්වය අයහපත් ලෙස බලපාන්නේ කා හටද?

ඔස්ට්‍රේලියාවේ නවතම ආර්ථික රටාව පහත සඳහන් පිරිස් වෙත අයහපත් ලෙස බලපාන බව ආර්ථික විශේෂඥන් පෙන්වා දෙයි.

  • විශ්‍රාමිකයින්ට
  • ළමා සුරැකුම් පහසුකම් ලබන්නන්ට
  • තනි පුද්ගලයෙකු පමණක් රැකියා කරන පවුල් වලට
  • ශිෂ්‍යයින්ට
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 22 November 2018 12:59pm
By Madhura Seneviratne

Share this with family and friends