අප්‍රේල් 01 සිට මෙල්බර්න් නුවර නගරාන්තර දුම්රිය මාර්ග 8 ක් තාවකාලිකව වසා දැමෙයි. (SBS සිංහල/වාර්තා)

Melbourne Metro Trains

Source: Flickr

මෙල්බර්න් නුවර ප්‍රධාන නගරාන්තර දුම්රිය මාර්ග 8 ක් නඩත්තු සහ ඉදිකිරීම් කටයුතු සඳහා සති තුනක කාලයක් අර්ධ ලෙස වසා දමන බව වාර්තා වේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


ලබන සතියේ සිට එම නඩත්තු සහ ඉදිකිරීම් කටයුතු ආරම්භ වන බැවින් එම දුම්රිය මාර්ග නවයේ දුම්රිය කටයුතු අතර මගදී නවතා දමන බවටත් ඉතිරි ගමන් මග සඳහා බස් රථ හෝ ට්‍රෑම් රථ වැනි විකල්ප ප්‍රවාහන ක්‍රම මගීන් විසින් යොදා ගත යුතු බවත් Public Transport Victoria පවසයි.
Melbourne Metro Trains
Source: Flickr

අතර මග වසා දැමෙන දුම්රිය මාර්ග

නඩත්තු සහ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් 2019 අප්‍රේල් 01 සිට අප්‍රේල් 23 දක්වා මෙල්බර්න් නුවර ප්‍රධාන නගරාන්තර දුම්රිය මාර්ග 9 ක් අතර මග වසා දැමෙන බව Public Transport Victoria වාර්තා කරයි.

එලෙස බාධා සිදුවන දුම්රිය මාර්ග 8 පහත පරිදි වේ.

  • Cranbourne
  • Pakenham
  • Frankston
  • Sandringham
  • Mernda
  • Gippsland
  • Geelong
  • Warrnambool
Alamein, Belgrave සහ Lilydale යන දුම්රිය හැරුණු කොට Richmond දුම්රිය ස්ථානය හරහා ගමන් කරන සියලු දුම්රිය මෙම බාධාවට හසුවන බව සඳහන්.

ඇතැම්විට Glen Waverley දුම්රිය මාර්ගය ද විටින් විට වසා දැමීමට හැකි බව ඔවුන් පවසයි.
Frankston, Cranbourne සහ Pakenham දුම්රිය මාර්ග දීර්ගතම කාලයක් වසා දැමෙන දුම්රිය මාර්ග බව වාර්තා වන අතර අප්‍රේල් 01 සිට 23 දක්වා එම බාධා කිරීම සිදු කෙරේ.

Mernda දුම්රිය මාර්ගය Richmond දුම්රිය ස්ථානය හරහා නොවැටී තිබුණද මහා මාර්ග හරහා වැටී ඇති දුම්රිය මාර්ග ඉවත් කිරීමේ කටයුතු නිසා (Removing  level crossing) එය එක් සති අන්තයක් වසා දැමෙයි.
Melbourne Metro Trains
Source: Flickr

වසා දැමීමට හේතු

මෙල්බර්න් නුවර අලුතින් ඉදිවන භූගත දුම්රිය උමං මාර්ග වන Metro Tunnel ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සහ දුම්රිය මාර්ග වල සංඥා සහ විදුලිය සැපයීම් යාවත්කාලීන කිරීම සඳහා මෙම බාධා කිරීම් සිදුවන බව Public Transport Victoria පුවත්පත වාර්තා කරයි.

Sandringham සහ Frankston දුම්රිය මාර්ග Metro උමං දුම්රිය මාර්ගයට ඈඳීමේ කටයුතු South Yarra දුම්රිය ස්ථානය ආශ්‍රිතව මේ දිනවල සිදු කෙරෙමින් පවතී.
එමෙන්ම William සහ Chapel වීථි අතර පවතින දුම්රිය මාර්ග පුළුල් කිරීමේ කටයුතුද William වීථියේ පාලම කඩා දමා Metro උමං දුම්රිය මාර්ග පද්ධතියේ දුම්රිය මාර්ග 2 ක් ඉදිකිරීමද ඒ අනුව සිදුවෙමින් පවතී.

ඒ අනුව Metro උමං දුම්රිය මාර්ගයට පිවිසෙන නැගෙනහිර දොරටුව ලෙස මෙය සකස් වෙයි.

නමුත් Metro උමං දුම්රිය මාර්ග ව්‍යාපෘතියට අනුව South Yarra දුම්රිය ස්ථානය භූගත දුම්රිය ස්ථානයක් බවට පත් නොවෙයි.
Melbourne Metro Trains
Source: Flickr

මෙල්බර්න් මෙට්‍රෝ උමං දුම්රිය පද්ධතිය

මෙල්බර්න් නුවර මෙට්‍රෝ උමං දුම්රිය ව්‍යාපෘතිය හා සම්බන්ධව නවතම දුම්රිය ස්ථාන 5 ක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ.

ඒවායේ සැලසුම් ඡායාරූප පසුගිය වසරේ මැයි මාසයේදී වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් එළි දැක්වීය.

වසර 2025 වන විට අවසන් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය හරහා North Melbourne, Parkville, State Library, Town Hall සහ Anzac යන දුම්රිය ස්ථාන මෙසේ නවීන පන්නයට සැලසුම් කර තිබේ.
මේ සියලු දුම්රිය ස්ථාන භූගත දුම්රිය ස්ථාන ලෙස ඉදිවන අතර මේවා මගින් මෙල්බර්න් City Loop දුම්රිය පද්ධතියේ හි ඇතිවන තද බදය ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

එමෙන්ම, එම දුම්රිය ස්ථාන මෙල්බන් නුවර ප්‍රධාන මංසලකුණු බවට පත්වනු ඇති බවද වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

මෙල්බන් නුවර මෙට්‍රෝ උමං ව්‍යාපෘතිය සම්බන්ධව ඉදි කෙරෙන නවතම දුම්රිය ස්ථාන පහේ  සැලසුම් පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria
97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

 


Share
Published 29 March 2019 10:44am
Updated 29 March 2019 12:48pm
By Madhura Seneviratne

Share this with family and friends