ඉදිරි වසර කිහිපය තුළ ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් තවත් පහළට යද්දී නිවාස කුලිය තවත් ඉහළ යන ලකුණු. (SBS සිංහල/වාර්තා)

House Prices

Source: AAP

එළඹෙන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් මේ වන විට ප්‍රධාන දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති එළිදක්වමින් පවතියි.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


 

එම එක් එක් ප්‍රතිපත්ති සහ සංශෝධන හේතුවෙන් අදාළ ක්ෂේත්‍රයන්හි අනාගත වෙනස්කම් සිදුවන්නේ කෙසේදැයි මේ වන විටත් එම ක්ෂේත්‍රවල ප්‍රවීණයින් සහ විශ්ලේෂක ආයතන තොරතුරු විමර්ශනය කරමින් සිටියි.
Housing Prices
Housing Prices Source: Getty Images

නිවාස මිල ගණන් තවත් පහළට යද්දී නිවාස කුලිය තවත් ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොල සම්බන්ධ negative gearing ප්‍රතිපත්ති සඳහා කම්කරු පක්ෂය යෝජනා කළ සැලැස්ම ක්‍රියාත්මක කළහොත් අඩුවන නිවාස මිල ගණන් හමුවේ නිවාස කුලිය තවත් ඉහළ යනබවත් ඩොලර් බිලියන 2.3 ක මුද්දර ගාස්තු ආදායමක් අහිමි වන බවත් domain වෙබ් අඩවිය වාර්තා කරයි.

එහිදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස කුලිය 12% දක්වා ඉහළ යනු ඇතැයි SQM පර්යේෂණ ආයතනය ගණන් බලා තිබේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ද ක්‍රමිකව තවත් පහළ බසිනු ඇතැයි  විශ්වාස කරයි.

එහිදී මෙල්බර්න් හා සිඩ්නි නිවාස මිල ගණන් වල සැලකිය යුතු ඉහල නැගීමක් දක්නට අපහසු බවද සඳහන්.
Housing Prices
Source: AAP

නව යෝජිත negative gearing ප්‍රතිපත්ති සමග නිවාස වෙළෙඳ පොළ වෙනස්වන හැටි.

කම්කරු පක්ෂය විසින් යෝජිත නව negative gearing ප්‍රතිපත්ති ඔවුන් බලයට පත් වුවහොත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වන්නේ වසර 2020 ජූලි මාසයේදීය.

එහිදී නිවාස හා දේපළ වෙළෙඳාම් අලෙවිය 15% කින් පමණ පහත බසිනු ඇතැයිද අනාවැකි පළවෙයි.

ඊට අමතරව වසර 2022 ජුනි මාසය වන විට ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් කටයුතු ද 30% කින් පමණ පහත බසිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නමුත් මෙම වාර්තාවේ ඉදිරිපත් කරන තොරතුරු කම්කරු පක්ෂයේ භාණ්ඩාගාරික ඡායා අමාත්‍ය Chris Bowen තරයේ ප්‍රතික්ෂේප කරයි.

කම්කරු පක්ෂය විසින් යෝජිත negative gearing ප්‍රතිපත්ති හරහා ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ දී සාමාන්‍ය ජනයාට සිදුවන අකටයුතුකම් අවම වන බව ඔහු පැහැදිලි කරයි.
Housing Prices
Source: AAP

2020 - 2022 ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස මිල ගණන් අනාවැකි

  • පර්ත් :  -1% සිට  +3% දක්වා වෙනස් වීමට හැකිය.
  • බ්‍රිස්බර්න් :     -2% සිට  +2% දක්වා වෙනස් වීමට හැකිය.
  • ඩාවින් : -8% සිට  -4% දක්වා වෙනස් වීමට හැකිය.
  • මෙල්බර්න් : -9% සිට -6% දක්වා වෙනස් වීමට හැකිය.
  • සිඩ්නි : -9% සිට  -6% දක්වා වෙනස් වීමට හැකිය.
  • ඇඩිලේඩ් : -1% සිට  +3% දක්වා වෙනස් වීමට හැකිය.
  • හෝබාර්ට් : +5% සිට  +9% දක්වා වෙනස් වීමට හැකිය.
  • කැන්බරා : +2% සිට  +5% දක්වා වෙනස් වීමට හැකිය.
House in Australia: Should you build or buy?
Source: AAP

2020 - 2022 ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස කුලී මිල ගණන් අනාවැකි

  • පර්ත් :  +3% සිට  +5% දක්වා වෙනස් වීමට හැකිය.
  • බ්‍රිස්බර්න් :     +3% සිට  +4% දක්වා වෙනස් වීමට හැකිය.
  • ඩාවින් : -10% සිට  -6% දක්වා වෙනස් වීමට හැකිය.
  • මෙල්බර්න් : 0% සිට +2% දක්වා වෙනස් වීමට හැකිය.
  • සිඩ්නි : -6% සිට  -3% දක්වා වෙනස් වීමට හැකිය.
  • ඇඩිලේඩ් : +3% සිට  +5% දක්වා වෙනස් වීමට හැකිය.
  • හෝබාර්ට් : +5% සිට  +8% දක්වා වෙනස් වීමට හැකිය.
  • කැන්බරා : +5% සිට  +9% දක්වා වෙනස් වීමට හැකිය.
----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------

Share
Published 27 March 2019 7:15pm
By Madhura Seneviratne

Share this with family and friends