ඔස්ට්‍රේලියාවේ Skilled Migration වීසා Invitations ප්‍රමාණය මැයි මාසයේදී තවත් පහළට. (SBS සිංහල/වාර්තා)

Skilled Migration

Source: SBS Sinhala

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ මැයි 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


 

මෙවර නිකුත් කළ සම්පූර්ණ ආරාධනා පත්‍ර ගණන බරපතල ලෙස පහළ ගොස් ඇති අතර මෙය නිපුණතා සංක්‍රමණික ආරාධනා පත්‍ර වට ඉතිහාසයේ නිකුත් කළ අඩුම ආරාධනා පත්‍ර ප්‍රමාණය ලෙසද සඳහන්.

2018-19 මුල්‍ය වර්ෂයේ සිට සෑම මසකම 11 වන දින ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට හැකි 189 වීසා වලට අදාළ EOI සඳහා ආරාධනා පත්‍ර නිකුත් කරන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ජුනි මාසයේදී පවසා තිබුණි.
Skilled Migration
Source: Department of Home Affairs

මැයි 11 ආරාධනා පත්‍ර වටය

2019 මැයි 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී සමස්ත ආරාධනා පත්‍ර 100 ක් නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

සෑම මසකම 11 වන දින ක්‍රියාත්මක කෙරෙන මෙම ආරාධනා පත්‍ර වටයකදී සාමන්‍යයෙන් ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන අතර මෙවර එය බරපතල ලෙස කප්පාදු කර ඇති බව පෙනීයයි.
මෙම පහත බැසීම පසුගිය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වෙමින් පවතියි.

මේ අනුව මෙවර වටයේදී ප්‍රධාන වෘත්තීන් සඳහා ඉහළ ලකුණු අගයක් ලබාගත් ආරාධනා පත්‍ර වලට පමණක් අවස්ථාව ලැබී ඇති බව පෙනී යයි.
Skilled Migration
Source: SBS

ආරාධනා පත්‍ර 100 දක්වා අඩු කිරීමට හේතු

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 190,000 සිට 160,000 දක්වා 30,000 කින් කප්පාදු කිරීමට පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.

ඒ අනුව නිපුණතා සංක්‍රමණික කෝටාව 25,338 කින් කප්පාදු කරමින් නව සංක්‍රමණික කෝටාවේ අගයන් එළිදැක්විණි.

මෙය මෙවර ආරාධනා පත්‍ර 100 දක්වා අඩු කිරීමට ප්‍රධානතම හේතුව ලෙස දැක්වෙයි.

එමෙන්ම ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය මැයි 18 වන දින පැවැත්වීම ද 2018/19 ඔස්ට්‍රේලියානු මුල්‍ය වර්ෂය අවසන් වීමට තවත් මාස 2 ක පමණ කාලයක් පැවැත්වීමද මෙම කප්පාදුවට හේතු ලෙස සඳහන්.
2019/20 වර්ෂය සඳහා Skill stream යටතේ එක් එක් නිපුණතා වීසා ඛාණ්ඩය සඳහා වෙන් කර ඇති නව කෝටාව පහත පරිදි වේ.

Employer Sponsored - 30,000

Skilled Independent - 18,652

Regional - 23,000

Skilled Employer Sponsored - 9,000

Skilled Work Regional - 14,000

State/Territory Nominated - 24,968

Business Innovation & Investment program - 6,862

Global Talent - 5,000

Distinguished Talent - 200
Skilled Migration
Source: Getty Images

IT සහ Accounting වෘත්තීන්ගේ තත්ත්වය

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ තත්ත්වය සාරාංශගතව පහත පරිදි වේ.

Accountants (Occupation ID - 2211) සඳහා 01/05/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 90 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

Auditors (Occupation ID - 2212) සඳහා සඳහා 28/12/2018 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

ICT Business and System Analysts (Occupation ID - 2611) සඳහා 03/05/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

Software and Applications Programmers (Occupation ID - 2613) සඳහා 10/02/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 80 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

Computer Network Professionals (Occupation ID - 2631) සඳහා 20/03/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 80 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Skilled Migration
Source: Department of Home Affairs
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ මීළඟ ආරාධනා පත්‍ර වටය එළඹෙන ජුනි 11 වන දින ක්‍රියාත්මක වීමට නියමිතය.
Skilled Migration
Source: SBS Sinhala

Share
Published 27 May 2019 1:14pm
By Madhura Seneviratne

Share this with family and friends