ඔස්ට්‍රේලියාවේ අවම වශයෙන් සතියකට දින දෙකක් හෝ මත්පැන් පානය කරන පිරිස 76% ක් බව හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

alcohol consumption

Source: Press Association

ඔස්ට්‍රේලියාවේ මත්පැන් පානය කරන සෑම දස දෙනෙකුගෙන් 9 දෙනෙකුම තමන් "responsible drinker" හෙවත් "වගකිව යුතු ලෙස මත්පැන් පානය කරන්නෙකු" ලෙස සිතන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


එමෙන්ම අඩුම තරමේ සෑම මාසයකට වරක්ම 25% ක පිරිසක් හොඳට මත්වන තෙක් ඇති පදම් මත්පැන් පානය කරන බවත් එයින් අනාවරණය වී තිබේ.
alcohol consumption
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ 2019 ඇල්කොහොල් සමීක්ෂණය

ඔස්ට්‍රේලියාවේ ඇල්කොහොල් පරිභෝජනය සම්බන්ධයෙන් සිදුකරනු ලබන වාර්ෂික ඇල්කොහොල් සමීක්ෂණය මෙවරත් ඇල්කොහොල් පිළිබඳ පර්යේෂණ හා අධ්‍යාපනික පදනම මගින් සිදුකරනු ලැබීය.

ඔස්ට්‍රේලියාවේ ඇල්කොහොල් පරිභෝජනය කරන පිරිසෙන් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයකට ඔස්ට්‍රේලියාව තුළ නියම කෙරුණු අවදානම් බීමත් මට්ටම පිළිබඳ කිසිදු දැනීමක් නොමැති බව මෙම සමීක්ෂණයෙන් හෙළිවිය.
එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ නිර්දේශ කළ ඇල්කොහොල් මට්ටමට වඩා බොහෝ දෙනා මත්පැන් පානය කරන බවද එහිදී හෙළිවී තිබේ.

පුදගලයෙකු ලබාගත යුතු බවට නිර්දේශ කර ඇති standard drinks මට්ටම නියම වශයෙන් අවබෝධ කරගෙන සිටින්නේ ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් 31% ක ප්‍රතිශතයක් පමණක් බවත් 2019 ඇල්කොහොල් සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
alcohol consumption
Source: SBS

ඔස්ට්‍රේලියාවේ ඇල්කොහොල් පරිභෝජන නිර්දේශ

මත්පැන් පානය කරනවානම්, ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියෙකු තම මත්පැන් පානය දිනකට standard drinks දෙකකට සීමා කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ ඇල්කොහොල් පරිභෝජන නිර්දේශ පවසයි.

ඇල්කොහොල් නිසා සිරුරට ඇතිවන සෞඛ්‍ය අවදානම් අවම කිරීමට මෙය ඉවහල් වන බව සඳහන්.

එමෙන්ම ඔබ මත් පැන් පානය කරන පුද්ගලයෙකු නම් ඇල්කොහොල් සම්බන්ධ රෝගාබාධ වලින් ඈත්වී සිටීමට එක් අවස්ථාවකදී standard drinks 4 කට වඩා ගැනීම යෝග්‍ය බව පැවසෙයි.
中國限葡萄酒原材料出口
中國限葡萄酒原材料出口 Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ඇල්කොහොල් භාවිතය

සාමාන්‍ය අවස්ථාවකදී පවා මත්පැන් පානය කරන ඔස්ට්‍රේලියානුවාසීන් ගෙන් 79% ක් පමණ standard drinks 6 - 10 ත් අතර ප්‍රමාණයක් ගන්නා බව වාර්තා වේ.

නමුත් තමන් "responsible drinkers" හෙවත් "වගකිව යුතු ලෙස මත්පැන් පානය කරන්නන්" බව ඔවුන් සිතා සිතින බව වාර්තා වේ.

64% ක පිරිසක් අවම වශයෙන් සතියකට දෙවරක් හෝ අධික ලෙස මත් පැන් පානය කරන බව හෙළිවී ඇත.

ඔස්ට්‍රේලියාවේ පමණ ඉක්මවා අධික ලෙස මත්පැන් පානය කරන පිරිස 2011 සිට මේ දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි පිරිසෙන් 82% ක් ඇල්කොහොල් පරිභෝජනය කරයි.

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට වඩා පිරිමින් ඇල්කොහොල් පරිභෝජනය කරයි.

අවම වශයෙන් සතියකට දින දෙකක් හෝ මත්පැන් පානය කරන පිරිස 76% කි.

අවම වශයෙන් සතියකට දින 3 හෝ ඊට වැඩි දින ගණනක් හෝ මත්පැන් පානය කරන පිරිස 25% කි.

7% ක පිරිසක් දිනපතාම ඇල්කොහොල් පරිභෝජනය කරයි.
alcohol consumption
Source: AAP

ඇල්කොහොල් භාවිතය නිසා ඔස්ට්‍රේලියාවේ සිදුවන හානි

ඇල්කොහොල් පරිභෝජනය ජීවිතය අහිමි කිරීමේ අවදානම වැඩි කරන රෝග ගණනකට පහසුකම් සපයයි.

ඇල්කොහොල් පරිභෝජනය හේතුවෙන් සෑම වසරකම ඔස්ට්‍රේලියානුවාසීන් 6,000 කගේ පමණ ජීවිත අහිමිවෙයි.

පුද්ගලයින් 144,000 ට වඩා අධික පිරිසක් ඇල්කොහොල් පරිභෝජනය හේතුවෙන් රෝහල් ගත කරයි.

ඇල්කොහොල් පරිභෝජනය නිසා ඇතිවන සෞඛ්‍යය ගැටළු සහ අනෙකුත් අර්බුද විසඳීමට ඔස්ට්‍රේලියාව වසරකට ඩොලර් බිලියන 36 ක් වැයකරයි.
alcohol consumption
Source: SBS Sinhala

Share
Published 24 May 2019 11:14am
Updated 24 May 2019 11:17am
By Madhura Seneviratne

Share this with family and friends