මහ මැතිවරණයේ ප්‍රතිඵල වලින් අනතුරුව ඔස්ට්‍රේලියනුවන් රට හැරදමා නවසීලන්තයට යාමේ වැඩි ප්‍රවනතාවක්. (SBS සිංහල/වාර්තා)

Australian Federal Election 2019

Source: AAP

පසුගිය සෙනසුරාද පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ප්‍රතිඵල වලින් පසුව කැපී පෙනෙන ඔස්ට්‍රේලියානුවාසීන් ඔස්ට්‍රේලියාව හැරදමා නවසීලන්තයට යාමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


 

මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය නොසිතු ලෙස පරාජය වීමත් සමග ලිබරල් සන්ධානයට නොසිතු ජයක් අත්වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි සඳහන්.
Australian Federal Election 2019
Source: AAP

ඔස්ට්‍රේලියානුවන් නවසීලන්තයට

අන් කෙදිනටත් වඩා පසුගිය ඉරිදා නවසීලන්ත ආගමන කටයුතු නිල වෙබ් අඩවියට ඔස්ට්‍රේලියානුවන් පිවිසීම දස ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව නවසීලන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර නවසීලන්ත පදිංචියට යොමු කරන expressions of interest යොමු කිරීම 25 ගුණයකටත් වඩා ඉහළ ගොස් ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.
මේ වන විටත් ඔස්ට්‍රේලියානුවන් 8500 කට අධික පිරිසක් නවසීලන්තය බලා ගොස් ඇති අතර මැතිවරණයෙන් පසුව තවත් 512 ක් නවසීලන්තයට පදිංචියට යාම සඳහා තම expressions of interest යොමුකර තිබේ.

මැයි 12 වන දින යොමු කර තිබූ expressions of interest ප්‍රමාණය 20 ක් බවද නවසීලන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ සිට නවසීලන්තයට යාමට ඇති මාර්ග අන්තර්ජාලය ඔස්සේ සොයන ප්‍රමාණය පසුගිය සති අන්තයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව Google දත්ත ද වාර්තා කරයි.
Australian Federal Election 2019
There was a spike in Australians Googling "moving to New Zealand" on Saturday and Sunday. Source: Google

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පසුව

ඔස්ට්‍රේලියානුවන්ට නවසීලන්තයට යාමට වීසා අවශ්‍ය නොවේ.

ඉහත සඳහන් සියලු දත්ත වලින් පෙන්නුම් කරනුයේ ඔස්ට්‍රේලියනුවන් නවසීලන්තයට ඒමට ඇති කැමැත්ත බව නවසීලන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ සාමාන්‍යධිකාරී Greg Forsythe පැවසීය.
එහිදී ඔස්ට්‍රේලියානු පුරවැසියන් මෙන්ම දැනට ඔස්ට්‍රේලියාවේ සිටින පුද්ගලයින් ද එම දත්ත වලට හසුවී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

නවසීලන්තය යනු ස්ථාපිත වීමට ඉතා සුදුසුම රටක් බවත් ඔස්ට්‍රේලියනුවන් නවසීලන්තයට පැමිණීමට අදහස් කරනවානම් එය ඇත්තෙන්ම හොඳ පුවතක් බවත් නවසීලන්ත ආගමන කටයුතු අමාත්‍ය Iain Lees-Galloway පැවසීය.
Australian Federal Election 2019
Source: Twitter
කෙසේවෙතත්, මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය කැපී පෙනෙන ජයක් ලබනු ඇතැයි බහුතර ඔස්ට්‍රේලියානුවන් අපේක්ෂා කළ නමුදු ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ලිබරල් සන්ධානයට නොසිතු ජයක් හිමිවීම මේ තත්ත්වයට මූලික හේතුව බව ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය ජාලා දෙස බැලු කළ පෙනී යන බව Auckland විශ්ව විද්‍යාලයේ දේශපාලනය පිළිබඳ මහාචාර්යවරියක් වන Jennifer Curtin පැවසුවාය.
Australian Federal Election 2019
Source: SBS Sinhala

Share
Published 22 May 2019 12:55am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends