ඔබේ විදෙස් ගමන් බලපත්‍රය ඔබේ මුහුණ වන දිනය අත ළඟයි. (SBS සිංහල/වාර්තා)

Facial Recognition

Tsoom hwv Australia xav thom tsim kom tau tsab cai los cim pej xeem Australia tej ntsej muag tab sis pawg rooj saib xyuas tsev tsoom hwv tsis pom zoo (SBS) Source: SBS

රටකින් රටකට ගමන් කිරීමේදී අත්‍යවශ්‍යම වන මෙවලම විදේශ ගමන් බලපත්‍රය බව සැවොම දන්නා කරුණකි.

විදේශ රටකදී ඔබේ අනන්‍යතාව තහවුරු කිරීමට ඇති එකම සහ ප්‍රබලතම සහතිකය ඔබේ විදේශ ගමන් බලපත්‍රය වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


 

ගුවන් තොටුපොලකින් හෝ නැව් තොටුපොලකින් හෝ රටකට ඇතුළුවීම හෝ පිටවීම, ආගමන සහ විගමන කටයුතු අංශ හරහා ගමන් කිරීම, විදෙස් රටක හෝටලයක නවාතැන් පහසුකම් ගැනීම වැනි බොහෝ ක්‍රියාකාරකම් සඳහා සංචාරකයෙකු ඉදිරිපත් කළ යුතු ප්‍රධානතම ලියවිල්ල තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය වේ.

නමුත් දියුණු වන ලෝකයේ විදේශ ගමන් බලපත්‍රය විශ්‍රාම යන කාලය වැඩි ඈතක නොවන බව ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ traveller වෙබ් අඩවිය වාර්තා කරයි.
Facial Recognition
Source: AAP

විදේශ ගමන් බලපත්‍රය වෙනුවට ඔබේ මුහුණ

ලොව බොහෝ රටවල ගුවන් තොටුපොළ වල විදේශ ගමන් බලපත්‍රය වෙනුවට Facial recognition system හෙවත් මුහුණ ආශ්‍රයෙන් හඳුනා ගැනීමේ ක්‍රමවේද හඳුන්වා දෙමින් පවතියි.

ඒ අනුව සංචාරකයන්ගේ විදේශ ගමන් බලපත්‍රය වෙනුවට ඔවුන්ගේ මුහුණු ඇතුළු ජීවමිතික දත්ත සංසන්දනය කිරීමෙන් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමට ඔවුන් සැරසේ.

මේ වන විට ලොව දියුණු රටවල ගුවන් තොටුපොළ වල අදාළ ආගමන සහ විගමන ගේට්ටු විවෘත කිරීමට මුහුණ උපයෝගී කර ගත යුතුව ඇත.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපොල වල ද මෙම Smart Gate ක්‍රමය මේ වන විට ක්‍රියාත්මකය.

නමුත් ඉන් එහාට ගොස් ඔබගේ ගමන් මළු බාර දීමේ පටන්, ආරක්ෂක අංශ හරහා ගමන් කර ගුවන් යානයට ගොඩවී ගමනාන්ත ගුවන් තොටුපොළේ ආගමන සහ විගමන අංශ මෙන්ම ආරක්ෂක අංශ හරහා ගමන් කර තමන්ගේ හෝටලයේ නවාතැන් ගන්නා තෙක්ම විදේශ ගමන් බලපත්‍රය භාවිත නොකර ඔබේ මුහුණ පමණක් භාවිත කිරීමට නුදුරේදීම බොහෝ දියුණු රටවල කටයතු සිදු කෙරෙනු ඇත.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍රය පමණක් නොව ඔබට boarding pass සහ ක්‍රෙඩි කාඩ් පත්ද අවශ්‍ය නොවනු ඇත.

ඇමෙරිකාව ඇතුළු තවත් රටවල තත්ත්වය

මේ වන විට විදේශ ගමන් බලපත්‍ර වෙනුවට සංචාරකයින්ගේ ජීවමිතික දත්ත උපයෝගී කරගනිමින් ඇමෙරිකාවේ ගුවන් තොටුපොළ 15 ක අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතියි.

එහිදී ආගමන සහ විගමන අංශ වල කටයුතු සඳහා මෙන්ම ගුවන් යානයට ගොඩ වීමේ කටයුතු සඳහා ද විදේශ ගමන් බලපත්‍රය වෙනුවට ඔබේ මුහුණ ඇතුළු ජීවමිතික අනන්‍යතා යොදාගනී.

මෙය "seamless travel" යනුවෙන් ඔවුන් හඳුන්වයි.

Atlanta, Boston, LAX සහ JFK ඇතුළු ඇමෙරිකාවේ ගුවන් තොටුපොළ 15 ක මෙය මේ වන විටත් අත්හදා බලමින් සිටියි.
අමෙරිකාවෙන් පිටත Amsterdam Schiphol ගුවන් තොටුපොලේද biometric boarding ගේට්ටු ක්‍රියාත්මක අතර Munich ගුවන් තොටුපොළේ වසර කිහිපයක සිට "biometric bag drop" ක්‍රමය ක්‍රියාත්මක වෙමින් පවතී.

එමෙන්ම මේ වසරේ අග භාගයේදී චීනයේ බීජිං නුවර විවෘත කිරීමට නියමිත නව ගුවන් තොටුපොලේද මුහුණ ඇතුළු ජීවමිතික අනන්‍යතා යොදාගනිමින් ක්‍රියාත්මක වන ආගමන සහ විගමන පද්ධතියක් ස්ථාපනය කර තිබේ.
Facial Recognition
Source: AAP

ඔස්ට්‍රේලියාව

2020 වන විට ඔස්ට්‍රේලියානු ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල වෙත පැමිණෙන 90% ක් පමණ ගුවන් මගීන්ව ඉහළ ආරක්ෂාව සඳහා ස්වයංක්‍රීයව මෙහෙයවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙරටට පැමිණීමේදී භාවිත කරන passenger cards හෙවත් මගී පත්‍රිකාව අවලංගු කර ආගමන විගමන නිලධාරියෙකු විසින් සිදු කරන කාර්යය ඉලෙක්ට්‍රොනික් පද්ධතියකට සිදු කිරීමට පැවරෙනු ඇත.

මෙහි පළමු පියවර ලෙස ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල වෙත පැමිණෙන ගුවන් මගීන් සඳහා “contactless” පද්ධතියක් නිර්මාණය කිරීමට යන බව Fairfax මාධ්‍ය ජාලය වාර්තා කළේය.

ඒ අනුව මෙරටට පැමිණෙන ගුවන් මගීන් ගුවන් තොටුපොළේදී තම විදෙස් ගමන් බලපත්‍රය පෙන්වීම අනවශ්‍ය වන බවත්  ඒ වෙනුවට ඔවුන්ගේ මුහුණ, තාරා මණ්ඩලය (කළු ඉංගිරියාව) හෝ ඇඟිලි සළකුණු පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.

මෙම නව පද්ධතිය පැමිණීමෙන් පසු දැනට ගුවන් බලපත්‍ර ඉලෙක්ට්‍රොනිකව scan කරන SmartGates ඉවත් කරනු ඇති බවද වාර්තා වේ.
Facial Recognition
Source: AAP
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ගුවන් තොටුපළ වල SmartGates පද්ධතිය හරහා මෙම නව පද්ධතියේ යම් යම් කාර්යයන් දැනටමත් අත් හදා බලමින් පවතින බවද වාර්තා වේ.

නමුත් 2020 වන විට මෙය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ හැකි සම්පූර්ණ පද්ධතියක් ලෙස දියත් කිරීමට නොහැකි බවද මේ වන විට ඇතැම් වාර්හා පළවෙයි.
Facial Recognition
Source: SBS Sinhala

Share
Published 23 May 2019 10:41am
By Madhura Seneviratne

Share this with family and friends