ඔස්ට්‍රේලියාවේ මාර්ග වල වැරදි ලෙස merge කිරීමෙන් ලැබිය හැකි දඩ සහ demerit points මෙන්න. (SBS සිංහල/වාර්තා)

Fines & demerit points if you fail to merge correctly in Aussie roads.

Source: AAP

වත්මන් ඔස්ට්‍රේලියාවේ රිය අනතුරු සිදුවීමේ ප්‍රමාණය පෙරට වඩා ඉහළ ගොස් ඇති බව මාර්ග ආරක්ෂණ දත්ත පෙන්වා දෙයි.

රියදුරන් මාර්ග නීති පිළිබඳ නොදැනීම සහ විනයක් නොමැති කම ඊට ප්‍රධානතම හේතු ලෙස හඳුනාගෙන තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

ඔස්ට්‍රේලියාවේ මහා මාර්ග වල සහ Free Way මාර්ග වල සිදුවන මාරක රිය අනතුරු වලින් ප්‍රධාන අනතුරක් ලෙස merge කිරීමේදී (මාර්ග දෙකක් හෝ මං තීරු දෙකක් ඒකාබද්ධ වීමේදී වාහන යොමු කිරීම) සිදුවන රිය අනතුරු හඳුනාගෙන ඇත.

ඔස්ට්‍රේලියාවේ බොහෝ මාර්ග වල සහ Free Way මාර්ග වල රිය ධාවනය කිරීමේදී merge කිරීම් බහුලව සිදු කළ යුතුව ඇති අතර නිවැරදි ලෙස merge නොකිරීම නිසා විශාල වශයෙන් රිය අනතුරු සිදුවන බවද වාර්තා වේ.
Fines & demerit points if you fail to merge correctly in Aussie roads.
Source: AAP

නිවැරදි ලෙස merge කිරීම

තමන් ගමන් කරන ලකුණු කරන ලද මං තීරුවේ (marked lane) අවසානයට පැමිණ විට අදාළ වාහනය අනෙක් මාර්ගයට හෝ මං තීරුවට merge කළ යුතුය.

නිවැරදි ලෙස merge කිරීම සඳහා රියදුරන් මතක තබා ගත යුත්තේ ඉතා සරළ නීති දෙකක් පමණක් බව මාර්ග ආරක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ Bernard Carlon පැවසු බව www.news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.

01. අවසානයක් සහිත මාර්ගයේ (ending lane) පැමිණෙන රියදුරු අනෙක් මාර්ගයට merge කිරීමට යාමේදී ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් පැමිණෙන වාහන වලට ඉඩ දිය යුතුය.

02. මං තීරු දෙකක් එකට එක්වී එක් මාර්ගයක් නිර්මාණය වන අවස්ථාවේදී (zipper merge) මං තීරු දෙකෙන් කුමන මං තීරුවක හෝ ඉදිරියෙන් පැමිණි වාහනයට පසුපසින් පැමිණෙන වාහන ඉඩ දිය යුතුය.

වැරදි ලෙස merge කිරීමෙන් ලැබිය හැකි දඩ

මාර්ග වල රිය ධාවනයේදී වැරදි ලෙස merge කිරීමෙන් ලැබිය හැකි දඩ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පහත අයුරින් වෙනස් වෙයි.

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - $337 දඩ මුදලක් සහ demerit points 3 ක්.
  • Australian Capital Territory - $292 දඩ මුදලක් සහ demerit points 3 ක්.
  • වික්ටෝරියා - $242 දඩ මුදලක් සහ demerit points 3 ක්.
  • බටහිර ඔස්ට්‍රේලියාව - $100 දඩ මුදලක් සහ demerit points 2 ක්.
  • දකුණු ඔස්ට්‍රේලියාව - $392 දඩ මුදලක් සහ demerit points 3 ක්.
  • ක්වීන්ස්ලන්තය - $391 දඩ මුදලක් සහ demerit points 3 ක්.
  • Northern Territory - $163 දඩ මුදලක් සහ demerit points 3 ක්.
  • ටස්මේනියාව - $163 දඩ මුදලක් සහ demerit points 3 ක්.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 7 March 2019 11:15am
By Madhura Seneviratne

Share this with family and friends