ඔස්ට්‍රේලියාවේ සමලිංගික නොවන පුද්ගලයින් අතර HIV ආසාදිත ප්‍රමාණය ඉහළ යයි. (SBS සිංහල/වාර්තා)

HIV drug to be far cheaper with subsidies

Source: SBS

ඔස්ට්‍රේලියාවේ සමලිංගික නොවන පුද්ගලයින් අතර HIV ආසාදිත ප්‍රමාණය 10% ක ප්‍රතිශතයකින් පසුගිය වසර 5 තුළදී ඉහළ ගොස් ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.

නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ Kirby ආයතනය විසින් මෙම නවතම දත්ත ඇතුළත් වාර්තාව පසුගිය සතියේදී එළිදක්වනු ලැබීය.

සමලිංගික නොවන පුද්ගලයින්ගෙන් අඩකටත් වඩා පිරිසකට HIV ආසාදනයවී ඇති බවට හඳුනාගැනීමට හැකි වන්නේ ප්‍රමාද වී බැවින් ඔවුන් බොහෝ විට වසර 4 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ව HIV ආසාදනය ඇතිව එය නොදැන දිවි ගෙවන බව මෙම පර්යේෂණය පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ HIV ආසාදනය ශීග්‍රයෙන් සිදුවන ඛාණ්ඩය ලෙස සමලිංගික නොවන පිරිමින් හඳුනාගෙන ඇති අතර එම ප්‍රමාණය පසුගිය පස් වසර තුළ 19% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන බවද Kirby ආයතනයේ මහාචාර්ය Rebecca Guy පැවසුවාය.
HIV rates
Source: SBS

සමස්ත නව HIV ආසාදිතයින්ගේ ප්‍රමාණය පහළට

පසුගිය වසර 7 තුළදී සමස්ත නව HIV ආසාදිතයින්ගේ අඩුම සංඛ්‍යාව මෙවර වාර්තා වී ඇති අතර එය 963 ක් ලෙස සඳහන්.

මෙම පහත බැස්මට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සමලිංගික පිරිමි සහ ද්වි ලිංගික සබඳතා පවත්වන පිරිමි පාර්ශව වල HIV ආසාදනය 15% කින් පමණ පහළ බැසීම බව වාර්තා වේ.

"Prep" pill

HIV ආසාදනය වීමෙන් වැළකීම සඳහා "Prep" නමැති ගිලින පෙති ලබා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති අතර ලිංගිකව එක්වීමට පෙර මෙය ලබා ගත යුතුවේ.

එමෙන්ම මෙය ඔස්ට්‍රේලියාවේ Pharmaceutical Benefits Scheme හෙවත් පහසු මිලට ඖෂධ ලබා දෙන ඖෂධ ප්‍රතිලාභ වැඩසටහන යටතේ පසුගිය අප්‍රේල් මාසයේ සිට ලබා ගත හැකි බවද සෞඛ්‍ය බලධාරීන් පවසයි.

කෙසේනමුත්, HIV ආසාදනය වීම සම්පූර්ණයෙන් වළක්වා ගැනීමට මෙම ක්‍රමය මත පමනක් විශ්වාසය නොතබන ලෙසත් සෑම විටම විශ්වාසවන්ත සහකරුවෙකු සමග පමණක් ලිංගිකව එක්වන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් දැනුම් දෙයි.
HIV rates
Source: SBS

ඔස්ට්‍රේලියාව තුළ HIV ආසාදනය වීම් සම්බන්ධයෙන් සහය ලබා ගත හැකි සංවිධාන පහත පරිදි වේ.

Australian Federation of AIDS Organisations (AFAO):

Phone: (02) 9557 9399

National Association for People Living with HIV Australia (NAPWHA):
Phone: (02) 8568 0300
Free call: 1800 259 666

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 3 October 2018 12:29pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends