ඔස්ට්‍රේලියාවම මොහොතකට නතර කරවන දකුණු අර්ධ ගෝලයේ ජනප්‍රියතම තුරඟ තරඟය - Melbourne Cup හෙටයි. (SBS සිංහල/වාර්තා)

Melbourne Cup

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම තුරඟ තරඟය සහ දකුණු අර්ධ ගෝලයේ දැවැන්තම තුරඟ තරඟය ලෙස විරුදාවලිය ලත් "Melbourne Cup 2018" තුරඟ තරගය හෙට දිනයේ (06/11 ) මෙල්බර්න් නුවර Flemington තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතය.

“රටම මොහොතකට නතර වන තුරඟ තරඟය” ලෙස හැඳින්වෙන මෙම "Melbourne Cup" තුරඟ තරඟය ඔස්ට්‍රේලියානු දිවා සම්මත වේලාවෙන් හෙට පස්වරු 3 ට Flemington තුරඟ තරඟ පිටියේදී පැවැත්වෙන 7 වන තරගය ලෙසට ආරම්භ වෙයි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

හෙට දිනයේදී Flemington තුරඟ තරඟ පිටියේදී තුරඟ තරග 10 ක් පවත්වන අතර පළමු තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙරවරු 10.50 ට වන අතර අවසාන තරගය පැවැත්වෙන්නේ පස්වරු 5.20 ට ය.

මෙවර "Melbourne Cup" තුරඟ තරගය සඳහා පිරිනමන මුළු ත්‍යාග මුදල ඩොලර් මිලියන 7.3 ක් වන අතර Melbourne Cup ඉතිහාසයේ පිරිනැමෙන ඉහළම ත්‍යාග මුදල් ප්‍රමාණය ලෙසද මෙය වාර්තා වේ.

ඒ අනුව "Melbourne Cup" තුරඟ තරගය ජයගන්නා අශ්වයාගේ අසරුවා හට එම ත්‍යාග මුදලෙන් 5% ක මුදලක් හිමිවන අතර එම අශ්වයාගේ පුහුණුකරු හට ත්‍යාග මුදලෙන් 10% ක මුදලක් හිමිවේ.
Melbourne Cup
Source: AAP

Melbourne Cup 2018

"Melbourne Cup" තුරඟ තරඟය මෙවරද මීටර් 3200 ක ධාවනයකින් යුක්ත වන අතර අශ්වයින් 24 දෙනෙකු සහභාගී වීමට නියමිතය.

නමුත් ශරීර සුවතාව මත ඇතැම් අශ්වයින් තරගයෙන් ඉවත් කෙරෙන අතර හෙට පස්වරු 3 ට ස්වල්ප වෙලාවකට පෙර තරගයට සහභාගී වීමට නියමිත අශ්වයින් ගණන අවසාන වශයෙන් තීරණය කෙරේ.

මෙවර "Melbourne Cup" තුරඟ තරඟය සඳහා සහභාගී වන අශ්වයින්ගෙන් සිව් දෙනෙකු ඔස්ට්‍රේලියානු අශ්වයින් වන අතර සෙසු අශ්වයින් බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, ජපානය, ජර්මනිය, නවසීලන්තය සහ ප්‍රංශය වැනි රවටලින් පැමිණි තුරඟුන් වේ.

Youngstar,  Runaway, Sir Charles Road සහ Ace High යන අශ්වයින් මෙවර Melbourne Cup තරඟය සඳහා සහභාගී වන ඔස්ට්‍රේලියානු අශ්වයෝ වෙති.

මෙවර Melbourne cup තරඟය සදහා ඉදිරිපත්වී ඇති තුරඟුන් අතරින් අතිශය ජනප්‍රිය අශ්වයා හෙවත් Most favourite ලෙස අයර්ලන්තයේ Yucatan අශ්වයා හැඳින්වෙන අතර මේ වන විට ඔහුට හිමි ඔට්ටුව ඔස්ට්‍රේලියානු ඩොලරයකට - ඩොලර් 5.50 කි.

අයර්ලන්තයේ Best Solution සහ ඔස්ට්‍රේලියාවේ Youngstar යන තුරඟුන්ද මෙවර තරගයේ ජයග්‍රහණය කිරීමට වඩාත් ඉඩ ඇති ජනප්‍රිය තුරඟුන් බවට මත පළවේ.
Melbourne Cup
Source: AAP

Melbourne Cup 2018 ත්‍යාග මුදල්

ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම ත්‍යාග මුදල් හිමිවන තුරඟ තරඟය ලෙස Melbourne Cup හැඳින්වේ.

2016 වන තෙක් ඔස්ට්‍රේලියාවේ විශාලතම ත්‍යාග මුදල් හිමිවන තුරඟ තරඟය ලෙස Melbourne Cup වාර්තා වුවද 2017 දී ඇරඹි The Everest තුරඟ තරඟය එම වාර්තාව බිඳ දමන්නට සමත් විය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Randwick තුරඟ තරඟ පිටියේදී පැවැත්වෙන The Everest තුරඟ තරඟයේ පසුගිය වසරේ ත්‍යාග මුදල් වල වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 13 කි.

මෙවර Melbourne Cup තුරඟ තරගය සඳහා ත්‍යාග මුදල් හිමිවන්නේ පහත ආකාරයෙනි.
Melbourne Cup
Source: SBS Sinhala

Melbourne Cup කුසලානය

Melbourne Cup කුසලානය “Loving Cup” ලෙසද හැඳින්වෙන අතර එය කැරට් 18 රත්‍රන් වලින් නිමවා ඇත.

තනිකරම අතින් සාදන ලද මෙම කුසලානය Melbourne Cup තුරඟ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා අශ්වයාගේ හිමිකරුට පිරි නමයි.

ජයග්‍රාහී අශ්වයාගේ අසරුවාට සහ පුහුණුකරුට එම කුසලානයේ ම ක්ෂුද්‍ර ආකෘති දෙකක් පිරිනමන බවද සඳහන්.

Melbourne Cup කුසලානයේ වටිනාකම ඩොලර් 150,000 ක් වන අතර ජයග්‍රාහී අශ්වයාගේ අසරුවාට සහ පුහුණුකරුට හිමීවන කුසලාන වල වටිනාකම ඩොලර් 10,000 කි.

සෑම වසරකම නව කුසලානයක් මෙම තරඟය සඳහා නිර්මාණය කරන බවද වාර්තා වේ.

මෙවර "Melbourne Cup" තුරඟ තරගය නැරඹිමට 100,000 ක පමණ  පිරිසක් Flemington තුරඟ තරග පිටියට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මෙම තරගය රටවල් 160 ක පමණ ප්‍රේක්ෂකයින් පිරිසක් නරඹන බවද වාර්තා වේ.
Melbourne Cup
Melbourne Cup Trophy 2018 Source: Getty Images AsiaPac

Melbourne Cup පාගමන

"Melbourne Cup" තුරඟ තරඟය නිමිතිකොටගෙන සෑම වසරකම ඊට පෙර දිනයේදී Melbourne Cup පාගමන මෙල්බර්න් නගර මධ්‍යයේදී පැවැත්වේ.

ඒ අනුව මෙවර Melbourne Cup පාගමන අද (05/11) මධ්‍යහන 12 ට Swanston වීදියෙන් ආරම්භවී Federation චතුරශ්‍රය වෙත ගමන් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව පස්වරු 2 දක්වා Federation චතුරශ්‍රයේදී Melbourne Cup 2018 සඳහා විශේෂ උත්සවයක් පැවැත්වීමටද නියමිත වේ.

මේ සඳහා බොහෝ ඔස්ට්‍රේලියානුවන් විවිධ ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සහභාගී වන අතර Melbourne Cup කුසලානයද මහජනතාවට ප්‍රදර්ශනය කරමින් මෙම පා ගමෙනේදී රැගෙන යයි.
Melbourne Cup
Source: AAP

Melbourne Cup සඳහා විරෝධය

තුරඟ තරඟ සඳහා යොදාගන්නා අශ්වයින්ව සුරකීමේ සන්ධානය හෙට පැවැත්වෙන Melbourne Cup තුරඟ තරගයට විරෝධය පාන ලෙස ඔස්ට්‍රේලියානු ජනතවගෙන් ඉල්ලා සිටියි.

තුරඟ තරග හේතුවෙන් වසරකට අශ්වයින් 120 ක් පමණ තරග අතරතුරේදී මිය යන බවත් තවත් දහස් ගණනක් බරපතල තුවාල ලබන බවත් එම සන්ධානයේ ප්‍රවර්ධන අධ්‍යක්ෂ Elio Celotto පැවසීය.

Melbourne Cup දිනය ජනතාවට තවමත් වින්දනය කළ හැකි අතරම එම දිනය සතුන්ට උදව් කිරීම සඳහා යොදාගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Melbourne Cup
Source: AAP

Melbourne Cup සැණකෙළිය

Melbourne Cup යනු හුදෙක් තුරඟ තරඟයක්ම පමණක් නොවෙයි.

ඔස්ට්‍රේලියානු සමාජය තුළ ඒවටා ගොඩනැගුණු උප සංස්කෘතියක්ද තිබේ.

ඔස්ට්‍රේලියාවේ Spring හෙවත් වසන්ත සෘතුවේදී පැවැත්වෙන මෙම Melbourne Cup  තුරඟ තරඟය, Spring carnival හෙවත් වසන්ත සැණකෙළියේ ඉතා ජනප්‍රියම අංගය ලස වාර්තා වේ.

මේ සඳහා සහභාගී වන පිරිමින් සහ කාන්තාවන් ඊට විශේෂිතවූ විලාසිතා වලින් සැරසී විනෝද වීමද මෙහිදී කැපී පෙනෙයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ඉතා විශාලතම ඔට්ටු සංඛ්‍යාවක් සඳහා මුදල් හුවමාරු වන දිනය ලෙස ද Melbourne Cup දිනය වාර්තා වේ.

මෙවර "Melbourne Cup" තුරඟ තරගය නැරඹිමට 100,000 ක පමණ  පිරිසක් Flemington තුරඟ තරග පිටියට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මෙම තරගය රටවල් 160 ක පමණ ප්‍රේක්ෂකයින් පිරිසක් නරඹන බවද වාර්තා වේ.
Melbourne Cup
Source: AAP

Melbourne Cup ඉතිහාසයෙන් බිඳක්

ඉතිහාසයේ ප්‍රථම වරට Melbourne Cup තුරඟ තරගයක් පවත්වා ඇත්තේ 1861 වසරේදී වන අතර එවකට 4000කට ආසන්න  ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙම තරගය නැරඹීමට පැමිණි බව සඳහන්.

මංගල Melbourne Cup තුරඟ තරඟය ජයග්‍රහණය කරනු ලැබුවේ Archer නමැති අශ්වයා විසින් වන අතර 1862 වසරේ පැවති දෙවැනි Melbourne Cup තුරඟ තරඟයෙන්ද ඔහු ජය ගත්තේය.

මංගල තරගයේ ජයග්‍රාහක ත්‍යාගය වුයේ පවුම් 170 ක් සහ රත්‍රන් ඔරලෝසුවක් ය.

1875ට පෙර "Melbourne Cup" තුරඟ තරගය බ්‍රහස්පතින්දා දිනයේදී පැවති  අතර, පසුව එය නොවැම්බර් මස පළමු අගහරුවාදා පැවැත් වීමට තරග සංවිධායකයින් තීරණය කළ බව සදහන්.

Melbourne Cup තුරඟ තරඟය පවත්වන දිනය වික්ටෝරියානු ප්‍රාන්තයට ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වන අතර එලෙස එම දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කරනු ලැබුවේ 1877 වසරේදීය.
Melbourne Cup
Source: SBS
Bart Cummings,  "Melbourne Cup"  වැඩිම වාර  ගණනක් ජයග්‍රහණය කර ඇති පුහුණු කරු වන අතර, ඔහු 12 වතාවක් මෙම සුපිරි තුරග තරගය ජයගන්නට සමත් වී තිබේ.

Makybe Diva වැඩිම වාර  ගණනක්  "Melbourne Cup" ජයගත් අශ්වයා වන අතර තුන් වතාවක් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකරගන්නට Makybe Diva සමත් වී තිබේ.

අසරුවන් අතරින් වැඩිම වර ගණනක් "Melbourne Cup" ජයගෙන ඇත්තේ Bobby Lewis සහ Harry White වන අතර ඔවුන් දෙදෙනාම සිව් වතාව බැගින් මෙම සුපිරි තුරග තරගයේ ජය හිමි කරගන්නට සමත් වී තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 5 November 2018 11:38am
By Madhura Seneviratne

Share this with family and friends