ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් සතියකට ඩොලර් 1,000 බැගින් පහළට. (SBS සිංහල/වාර්තා)

Australian House prices ‘falling by $1000 a week’

Source: AAP

පසුගිය මාස කිහිපය දෙස බැලූ කල ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හා මෙල්බර්න් කලාප වල නිවාස මිල ගණන් සතියකට ඩොලර් 1,000 බැගින් පමණ පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ආර්ථික උපදේශක ආයතනයක් වන Deloitte Access Economics ආයතනයේ නවතම වාර්තා වලට අනුව මේ බව අනාවරණය වී ඇතැයි ඔස්ට්‍රේලියාවේ news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.
Australian House prices ‘falling by $1000 a week’
Source: AAP

ඔස්ට්‍රේලියාවේ සමස්ත නිවාස මිල ගණන් පහළ යාම

ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව පසුගිය සැප්තැම්බර් මාසය වන විට ඔස්ට්‍රේලියාවේ නිවාස වල මිල ගණන් ජාතික මට්ටමින් 12 වන වරටත් නොකඩවා පහත බැස තිබේ.

ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනයක් සිදුවුණද නිවාස වල මිල ගණන් මෙලෙස පහත බසින තත්ත්වයක් උද්ගතවී ඇති බව Deloitte Access Economics හි Chris Richardson පවසයි.

නවතම අගයන්ට අනුව සිඩ්නි නිවාස මිල පහත බැසීමේ ප්‍රතිශතය 6.2% ක්ද මෙල්බර්න් නිවාස මිල 4.4% ක ප්‍රතිශතයකින් පහත බැස ඇති බවද වාර්තා වේ.
Australian House prices ‘falling by $1000 a week’
Source: AAP

ඉදිරි පස් වසර තුළ මිල ගණන්.

ඉදිරියටද සිඩ්නි හා මෙල්බර්න් නිවාස වල මිල ගණන් 5% - 10% අතර ප්‍රතිශතයකින් පහත බැසීමට වැඩි ඉඩක් ඇති බව Chris Richardson පවසයි.

කෙසේවෙතත්, ඉදිරි 5 වසර තුළ ඔස්ට්‍රේලියාවේ නිවාස වල මිල ගණන් වල විශාල වෙනසක් සිදු නොවනු ඇති බවත් වර්තාමානයේ පවතින මිල ගණන් වලට භෝ සමාන මිලක් ඉදිරියේද පවතිනු ඇති බවත් ඔහු අනාවැකි පළ කරයි.
Australian House prices ‘falling by $1000 a week’
General view of public housing at Rosemeadow in the south west of Sydney, Wednesday, May 6, 2015. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING Source: AAP

පුද්ගලික ණය අතින් ඔස්ට්‍රේලියාව ලොව දෙවැනි තැනට

තමන්ගේ ආදයාමට අනුව ණය වී ඇති ප්‍රමාණය අතින් ඔස්ට්‍රේලියාව ලොව දෙවැනි ස්ථානයට පත්ව ඇති බවද Deloitte Access Economics හි Chris Richardson පවසයි.

පුද්ගලික මට්ටමින් ණය වීම අතින් මේ වන විට ලොව ඉහළින්ම ඇති රට ලෙස ස්වීඩනය වාර්තා වේ.

මේ තත්ත්වය ඔස්ට්‍රේලියාවේ වාසය කරන පවුල් වලට එතරම් සුබදායී තත්ත්වයක් නොවන බවද ඔහු පෙන්වා දෙයි.
Australian House prices ‘falling by $1000 a week’
Close up of senior woman buying online at home Source: Getty Images

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ණය වීම

වසර 2016 වන විට ඔස්ට්‍රේලියානුවාසීන්ගේ පුද්ගලික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 2ක් පමණ වන බවත් සාමන්‍ය ඔස්ට්‍රේලියානු පවුලක් ඩොලර් 250,000 ක පමණ ණය වී ඇති බවත් finder.com.au වෙබ් අඩවිය පවසයි.

ඔස්ට්‍රේලියානුවාසීන් පුද්ගලිකව ණය වීමට ප්‍රධානතම හේතු කිහිපයක් ඇති බව ඔවුන්  වාර්තා කරයි.

  • නිවාස ණය
  • ආයෝජන ණය
  • පුද්ගලික බැංකු ණය
  • ශිෂ්‍ය හෙවත් අධ්‍යාපනික ණය
  • ක්‍රෙඩිට් කාඩ් පත් ණය
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 29 October 2018 12:56pm
By Madhura Seneviratne

Share this with family and friends