නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Northern Inland 489 වීසා වල කොන්දේසි වෙනස් කරයි. ලකුණු මට්ටම ඉහළට. (SBS සිංහල/වාර්තා)

489 visa

Source: Getty Images

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය සංවර්ධන කලාපයක් වන Northern Inland (RDANI) කලාපය සඳහා යොමු කෙරෙන 489 Skilled Regional (Provisional) වීසා අයදුම්පත් වල අවම ලකුණු මට්ටම 65 බවට පත් කර ඇති බව Regional Development Australia වෙබ් අඩවිය වාර්තා කරයි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

මෙතෙක් කලක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Northern Inland ප්‍රාදේශීය කලාපය සඳහා expression of interest හෙවත් EOI එකක් යොමු කිරීම හෝ පෙර අනුමත කිරීමේ ක්‍රියාවලියක් හෝ නොතිබුණි.

නමුත් පසුගිය ඔක්තෝබර් 11 වන දින සිට Northern Inland කලාපයේ 489 වීසා සඳහා අයදුම් කිරීමට තිබිය යුතු අවම ලකුණු මට්ටම 65 ක් බවට පත් කර ඇත.

එම ලකුණු 65 ට regional state nomination ක්‍රමය යටතේ පිරිනැමෙන ලකුණු 10 ද ඇතුළත් බව www.rdani.org.au වෙබ් අඩවිය නිවේදනය කරයි.
489 visa
Source: Getty Images

Northern Inland කලාපයේ 489 වීසා

Northern Inland කලාපයේ 489 වීසා හරහා වසර 4 ක කාලයක් ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට අවස්ථාව හිමිවෙන අතර ඒ සඳහා පහත කොන්දේසි සැපිරිය යුතු වේ.

01. අවම වශයෙන් වසර 2 ක් Northern Inland කලාපයේ වාසය කිරීම.

02. මාස 12 ක කාලයක් පූර්ණ කාලීන ලෙස රැකියා කිරීම.

03. ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයක සිට මෙම වීසා සඳහා අයදුම්කර එය ලැබුණු විට එම දිනයේ පටන් මාස 3 ක් ඇතුළත Northern Inland කලාපයේ පදිංචියට පැමිණීම.
Northern Inland Region 489 Visa
Source: www.rdani.org.au

Northern Inland රැකියා ලැයිස්තුවෙන් ඉවත් කළ රැකියා.

ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පසුගිය ඔක්තෝබර් 11 වන දින පස්වරු 5 සිට Northern Inland රැකියා ලැයිස්තුවෙන් පහත රැකියා ඉවත් කර තිබේ.
Removed occupations from RDA Northern Inland Occupation List.
Removed occupations from RDA Northern Inland Occupation List. Source: SBS Sinhala

Northern Inland යාවත්කාලීන කළ වර්තාමන රැකියා ලැයිස්තුව

Northern Inland Occupation List
Source: www.rdani.org.au
Northern Inland Occupation List
Source: www.rdani.org.au

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල 489 වීසා

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක වන නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අමතරව ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමෙන්ද  නිපුණතා සංක්‍රමණික වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරිවල අවශ්‍යතාවන්ට අනුව ප්‍රාන්ත නිපුණතා රැකියා ලැයිස්තු ප්‍රකාශයට පත් කෙරේ.

එම රැකියා ලැයිස්තුවල අඩංගු යම් වෘත්තියකට ඔබට අයදුම් කිරීමට සුදුසුකම් ඇත්නම් ඒ සඳහා ඔබට 190 වීසා (Skilled Nominated visa - subclass 190) යටතේ අයදුම් කළ හැකි වන අතර ඒ හරහා ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමටද හැකියාව පවතී.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමෙන් 489 වීසා (Skilled Regional (Provisional) visa - subclass 489) ක්‍රමයක්ද හඳුන්වා දී තිබේ.

මේ සඳහා වෙනමම වෘත්තීන් ලැයිස්තු ක්‍රියාත්මක වන අතර මෙමගින් ද ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට මග සලසා දෙයි.

489 වීසා යටතේ ඔබට වසර 4 ක කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට හැකියාව ලැබෙන අතර ඔබට පූර්ණ කාලීනව රැකියා කිරීමටද අවකාශය සලසා දෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 26 October 2018 11:22am
By Madhura Seneviratne

Share this with family and friends