ඔස්ට්‍රේලියානු රජය ගත් නවතම තීන්දුවක් හේතුවෙන් parent visa සඳහා බලා සිටීමේ කාලය තවත් දිගු වෙයි. (SBS සිංහල/වාර්තා)

parent visa

Representative image Source: SBS

ඔස්ට්‍රේලියාවේ parent visa සඳහා බලා සිටීමේ කාලය තවත් දිගු වනු ඇති බවට සංක්‍රමණික කටයුතු පිළිබඳ විශේෂඥයින් අපේක්ෂා කරයි.

Parent visa හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය වෙත යාමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමත් සමගම මෙසේ parent visa සඳහා බලා සිටීමේ කාලය තවත් දිගු වනු ඇති බවට සැක කෙරේ.
Parent visa
Source: Department of Home Affairs

Parent visa

ඔස්ට්‍රේලියාව තුල parent visa වර්ග 2ක් ඇති අතර ඒවා පහත පරිදි වේ.

01. Non-contributory Parent Visa (subclass 103)

02. Contributory Parent Visa (subclass 143)


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට Contributory Parent Visa  (subclass 143) අයදුම්පතක් විමසා බලා ඒ පිළිබඳ අවසන් තීන්දුවක් පැමිණීමට වසර 4 ක උපරිම කාලයක් බල සිටීමට සිදුවනු ඇත.

Non-contributory Parent Visa (subclass 103) සඳහා එම බලා සිටීමේ කාලය වසර 30 ක් බව දැක්වෙයි.
Parent visa
Source: Pixabay

Parent visa ලැබීම ප්‍රමාද වීම තවත් දීර්ග වන්නේ කෙසේද?

මේ මස සිට ඔස්ට්‍රේලියාවේ Retirement (subclass 410) හෝ Investor Retirement (subclass 405) visa වල සිටින හෝ සිටි පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේ නව ක්‍රියාවලියක් ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.

ඒ අනුව ඉහත සඳහන් Retirement සහ Investor Retirement වීසා වල සිටින හෝ සිටි පුද්ගලයින්ට Parent visa සඳහා අයදුම් කරමින් ඉහත සඳහන් කල ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේ නව ක්‍රියාවලියට ඇතුළත් විය හැකිය.

මේ හේතුවෙන් මේ වන විට Parent visa සඳහා ලැබෙන අයදුම්පත් ප්‍රමාණයට වඩා ඉතා ඉහළ අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරියේදී ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

එනිසාම Parent visa අයදුම්පත් සලකා බැලීමේ දැනට පවතින කාලය තවත් දීර්ග වනු ඇති බවද පෙනී යයි.

මේ වන විට Non-contributory Parent Visa (subclass 103) අයදුම්පත් සලකා බැලීමේ කාලය වසර 30 ක් පමණ වන බවත් Contributory Parent Visa (subclass 143) අයදුම්පත් සලකා බැලීමේ කාලය වසර 4ක් පමණක් වන බවත් ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.
Parent visa
Source: Getty Images

Retirement වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට හඳුන්වා දුන් නවතම මාවත

ඔස්ට්‍රේලියාවේ Retirement (subclass 410) හෝ Investor Retirement (subclass 405) visa වල සිටින හෝ සිටි පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේ නව ක්‍රියාවලියක් 2018 නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කරන බව පසුගිය මැයි මාසයේදී 8 වන දින පැවති මධ්‍යම රජයේ අය වැයේදී ප්‍රකාශයට පත් විය.

මෙම නව ක්‍රියාවලිය සඳහා සුදුසුකම් ලැබීමට පහත පුද්ගලයින්ට හැකිය.

01. Retirement (subclass 410) හෝ Investor Retirement (subclass 405) වීසා එකක සිටින පුද්ගලයින්.

02. ඔබේ පසුගිය වීසා එක Retirement (subclass 410) හෝ Investor Retirement (subclass 405)  වීසා එකක් වීම.

03. ඉහත වීසා එකක සිටියද 2018 මැයි 08 දින සිට මෙම නව ක්‍රියාවලියට අයදුම්පත් දමන දිනය දක්වා කාලයේදී Retirement (subclass 410) හෝ Investor Retirement (subclass 405)  වීසා එකක නොසිටීම.
Parent visa
Source: Flickr

මෙම නව ක්‍රියාවලියට ඇතුළත් වන්නේ කෙසේද?

ඔබ සුදුසුකම් ලැබූ විශ්‍රාමිකයෙකු නම් ඔබ ප්‍රථමයෙන්ම ඔස්ට්‍රේලියාවේ  Parent (subclass 103) හෝ Contributory Parent (subclass 143) වීසා සඳහා අයදුම් කළ යුතුය.

ඒ සඳහා අදාළ අයදුම්පත් සම්පූර්ණ කර පර්ත් නුවර පිහිටි Parent Visa මධ්‍යස්ථානය වෙත එවිය යුතු වේ.

මේ වන විට Retirement (subclass 410) හෝ Investor Retirement (subclass 405) visa සඳහා අලුතින් අයදුම්පත් කැඳවීම අත්හිටුවා ඇති බවද වාර්තා වේ.

2017-18 වසර තුළ ඔස්ට්‍රේලියානු වාර්ෂික සංක්‍රමණික ලයිස්තුවේ Parent Visa 8,675 ක් සඳහා අවස්ථාව සලසා දී තිබූ අතර 2018-19 වසර සඳහාද එම ප්‍රමාණයම වෙන් කර තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 1 November 2018 2:14pm
Updated 1 November 2018 4:26pm
By Madhura Seneviratne

Share this with family and friends