නොවැම්බර් මස වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයෙන් පසුව ප්‍රාන්ත ප්‍රවාහන සේවාවන් වෙනස් වන්නේ මෙහෙමයි. (SBS සිංහල/වාර්තා)

2018 Victorian election

Source: AAP

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය එළඹෙන නොවැම්බර් 24 වන දින පැවැත්වීමට නියමිතය.

එය ඉලක්ක කර පසුගිය සති අන්තයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ ද්විත්වය තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර දියත් කළේය.

එහිදී ඒ සෑම පක්ෂයකම ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වුයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවාවන් වැඩි දියුණු කිරීමය.
ප්‍රධාන දේශපාලන පක්ෂ ද්විත්වය වන කම්කරු සහ ලිබරල් පක්ෂ වික්ටෝරියානු ප්‍රාන්තයේ අනාගත ප්‍රවාහන සේවාවන් සංවර්ධනය කරන්නේ කෙසේදැයි The Age පුවත් පත වාර්තා කර තිබුණේ පහත අයුරිනි.
2018 Victorian election
Source: AAP

කම්කරු පක්ෂය

  • වසර 2022 වන විට West Gate උමග ඉදිකර අවසන් කිරීම.
  • West Gate Freeway මාර්ගයට අමතර මංතීරු 4ක් එක් කිරීම.
  • Southern Cross  දුම්රිය ස්ථානයේ සිට ඩොලර් 20 ක් වැනි මුදලකට මිනිත්තු 20 ක් වැනි කාලයක් ඇතුළත මෙල්බර්න් ගුවන් තොටුපොළට දුම්රියෙන්ම ගමන් කළ හැකිවීම.
  • මෙල්බර්න් ගුවන් තොටුපොළට ඉදි කෙරෙන නව දුම්රිය මාර්ගය හේතුවෙන් Tullamarine Freeway මාර්ගයේ තදබදය සැලකිය යුතු ලෙස අඩු වීම.
  • වසර 2027 දී මෙල්බර්න් කලාපයේ විශාලතම toll මාර්ගය වන North East Link විවෘත කිරීම.
  • මෙල්බර්න් කලාපයේ උප නගර බහුතරයක් යා කරමින් Suburban Rail Loop දුම්රිය මාර්ගය ඉදි කිරීම.
Suburban Rail loop
Source: Facebook
  • බටහිර දුම්රිය මාර්ග සැලැස්ම යටතේ වසර 2032 වන විට Geelong වෙත ධාවනය වන දුම්රිය ගමන මිනිත්තු 35 ක් වේ.
  • බටහිර දුම්රිය මාර්ග සැලැස්ම යටතේ වසර 2032 වන විට Ballarat වෙත ධාවනය වන දුම්රිය ගමන පැයකට අඩු කාලයක් ගනියි.
  • විදුලියෙන් ක්‍රියා කරන දුම්රිය මාර්ග සහ ඩීසල් දුම්රිය මාර්ග වෙන් කිරීම හේතුවෙන් Melton සහ Wyndham Vale වෙත දැනට වඩා වේගයෙන් ගමන් කළ හැකිවීම.
2018 Victorian election
Source: AAP

ලිබරල් පක්ෂය

  • වසර 2025 වන විට ප්‍රධාන මංසන්ධි 35 ක් ඉවත් කිරීමෙන් Springvale Road, Nepean Highway, Ferntree Gully Road, Princes Highway සහ Ballarat Road යන මාර්ග වල තදබදය අඩු කිරීම.
  • Geelong වෙත යන දුම්රිය ගමන මිනිත්තු 58 කින් අඩුවී මිනිත්තු 32ක් දක්වා පහත බැසීම.
  • Ballarat, Bendigo, Shepparton සහ Ararat යන වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය නගර වෙත යන දුම්රිය ගමන මිනිත්තු 20 කින් අඩුවීම.
  • Sunshine හරහා මෙල්බර්න් ගුවන් තොටුපොල වෙත දුම්රිය මාර්ගයක් ඉදිකිරීම.
2018 Victorian election
Mathew Guy Source: AAP
  • Cranbourne දුම්රිය මාර්ගය Cranbourne East සහ Clyde දක්වා දීර්ග කිරීම.
  • වසර 2027 වන විට නැගෙනහිර හා බටහිර මෙල්බර්න් කලාප යා කරන East West Link ඉදි කර අවසන් කිරීම.
*********************************************************************

 

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share
Published 30 October 2018 10:01am
Updated 30 October 2018 5:37pm
By Madhura Seneviratne

Share this with family and friends