ඔස්ට්‍රේලියාවේ PR හෝ රැකියා වීසා දෙන ටස්මේනියා ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන අලුත් වෙයි

But Home Affairs Minister Clare O’Neil has now confirmed its plan will prioritise skilled applicants from offshore with a focus on health, education and aged care.

But Home Affairs Minister Clare O’Neil has now confirmed its plan will prioritise skilled applicants from offshore with a focus on health, education and aged ca Source: Getty Images

Get the SBS Audio app

Other ways to listen

2022-23 මුල්‍ය වර්ෂය සඳහා ටස්මේනියා ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන අලුත් වන අයුරු පිළිබඳ හෙළිකරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ටස්මේනියා ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහනේ 2022-23 මුල්‍ය වර්ෂය උදෙසා නව අවශ්‍යතා සහ අයදුම්පත් සලකා බැලීමේ ක්‍රියාවලිය නිවේදනය කර තිබේ.

ටස්මේනියා ප්‍රාන්ත රජය මේ වන විට 2022-23 වර්ෂය සඳහා සිය Skilled වීසා කෝටාව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් තහවුරු වන තෙක් බලා සිටී.


Highlights

  • ආචාර්ය උපාධි සිසුන් සඳහා ස්ථිර වීසා සඳහා මාර්ගයක් සකසා දෙනු ඇත.
  • ස්ථිර වීසා බලපත්‍රයක් වන 190 වීසා නාමයෝජනා සඳහා සුදුසුකම් ලබන වෘත්තීන් සහ රැකියා පිළිබඳ පුළුල් ලැයිස්තුවක් ඉදිරිපත් කෙරේ.
  • දිගු කලක් ටස්මේනියාවේ ජීවත් වී රැකියාවක හෝ ව්‍යාපාරයක ස්ථාපිත වූ අයදුම්කරුවන් සඳහා නව nomination මාර්ගයක් විවෘත කෙරේ.

එම කෝටාව ලැබුණු පසු 2022-23 ටස්මේනියානු Skilled Migration State Nomination වැඩසටහන විවෘත වේ.

එම නව වැඩසටහන යටතේ අදාළ අයදුම්කරුවන්ට පහත සඳහන් තොරතුරු සහ අවශ්‍යතා ටස්මේනියා ප්‍රාන්ත රජය විසින් ඉදිරිපත් කර තිබේ.
Living the Life of a Digital Nomad
Source: AAP

උපාධිධාරීන් සඳහා

  • පාඨමාලා සීමාවන් හෝ රැකියා සීමාවන් හෝ අනිවාර්ය රැකියා අවශ්‍යතා නොමැත.
  • ආචාර්ය උපාධි සිසුන් සඳහා ස්ථිර වීසා සඳහා මාර්ගයක්.

පුහුණු ශ්‍රමිකයින් සඳහා

  • ස්ථිර වීසා බලපත්‍රයක් වන 190 වීසා නාමයෝජනා සඳහා සුදුසුකම් ලබන වෘත්තීන් සහ රැකියා පිළිබඳ පුළුල් ලැයිස්තුවක් ඉදිරිපත් කෙරේ.
  • 491 වීසා සඳහා රැකියා අවශ්‍යතා නොමැත.
  • රැකියා පළපුරුද්දට අදාළ අවශ්‍යතා සපුරාලීම සඳහා අර්ධකාලීන රැකියා ද ඇතුළත් කිරීම.
  • නිපුණතා තක්සේරුවක් සහිත උප කොන්ත්‍රාත්කරුවන් skilled employment මාර්ගයට ඇතුළත් කෙරේ.

ව්‍යාපාරිකයින් සඳහා

  • 2022 අප්‍රේල් 15 න් පසු ආරම්භ වූ ව්‍යාපාර මෙහෙයුම් සඳහා සුදුසුකම් ලැබීමේ ව්‍යාපාර මෙහෙයුම් කාලය මාස හයේ සිට දොළහක් දක්වා දීර්ඝ කිරීම.
  • නව පුද්ගලික ව්‍යාපාර ආදායම් අවශ්‍යතාවයක් හඳුන්වාදීම, TSMIT හි අගය අවම වශයෙන් 80% ක් එනම් $43,120 ලෙස සකසා ඇත.
Tasmania announced new requirements and processes for the 2022-23 Skilled Migration Program
Source: Getty Images/mirsad sarajlic

දිගුකාලීන පදිංචිකරුවන් සඳහා

  • දිගු කලක් ටස්මේනියාවේ ජීවත් වී රැකියාවක හෝ ව්‍යාපාරයක ස්ථාපිත වූ අයදුම්කරුවන් සඳහා නව nomination මාර්ගයක් විවෘත කෙරේ.
  • 190 වීසා nomination සඳහා සුදුසුකම් ලැබීමට අවම වශයෙන් වසර තුනක පදිංචි කාලයක්ද, 491 වීසා බලපත්‍රය සඳහා වසර දෙකක පදිංචි කාලයක්ද සලකා බැලේ.
  • ව්‍යාපාර ක්‍රියාකරුවන් වසර දෙකක් ටස්මේනියාවේ ජීවත් වී වසර දෙකක් තම සුදුසුකම් ලත් ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්නේ නම් 190 වීසා nomination  සඳහා සුදුසුකම් ලබයි.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


විදෙස් රටවල සිටින අයදුම්කරුවන් සඳහා

අයදුම්කරුවෙකුට job offer ඇතිනම් අදාළ රැකියාව සඳහා සීමාවන් නොමැත.

ටස්මෙනියා ව්‍යාපාරවලට අවශ්‍ය කුසලතා ඇති අපේක්ෂකයින්ට Skillselect වෙතින් නාමයෝජනා සඳහා අයදුම් කිරීමට වදිපුඅර ආරාධනා පත්‍ර නිකුත් කෙරේ.



Share