ඔබ යුරෝපයේ නිවාඩුවක් ගත කරන්නට සැලසුම් කරනවා නම් ඔබ දැන ගත යුතුම දේ මෙන්න.

Amsterdam, Netherlands

Amsterdam, Netherlands Credit: Creative Commons

Get the SBS Audio app

Other ways to listen

ඔබ යුරෝපයට යාමට, ලාභදායීම හොඳම ගුවන් ගමන් මොනවාද යන්න සොයමින් සිටිනවද? දැරිය හැකි මිලකට යුරෝපයට යා හැකි ගුවන් තොටුපළ ලන්ඩනය නොවන බව බව ඔබ දන්නවද?


ගුවන් ගමන් සැසඳීමේ වෙබ් අඩවියක් වන Kayak වෙබ් අඩවිය මගින් මාස හයක කාලයක් තුළ ඔස්ට්‍රේලියාවේ සිට යුරෝපය දක්වා ගුවන් ගමන් සඳහා මිල ගණන් පරීක්ෂා කර තිබේ.
ඒ අනුව පාරිභෝගිකයින් විසින් වඩාත්ම තොරතුරු සොයන ලද එනම්, search කරන ලද යුරෝපීය නගරය ලන්ඩන් වුවද, එය ගුවන් ටිකට් පත් සඳහා වඩාත්ම මිල ගණන් දැරිය හැකි වන යුරෝපීය නගරය නොවේ.

Kayak වෙබ් අඩවිය විසින් ඉස්තාන්බුල් නගරය ගුවන් ගමන් සඳහා වඩාත්ම දැරිය හැකි මිල ගණන් ඇති නගරය බව සොයා ගත් අතර, ඉන් පසුව ගුවන් වියදම දැරිය හැකි නගර රෝමය, ඇම්ස්ටර්ඩෑම් සහ පැරිස් යන නගර වන බව සොයා ගෙන ඇත.


2023 වසරේ යුරෝපයේ ගිම්හාන කාලය පැමිණ අවසන් වී තිබුණත් ඔබ යුරෝපීය සංචාර සඳහා උනන්දුවක් දක්වන කෙනෙක් නම් දැනටමත් ඔබේ ලබන වසරේ යුරෝපයේ ගිම්හාන සංචාරය සැලසුම් කරමින් සිටිනවා හෝ සීතල නත්තලක් සමරන්නට සැලසුම් කරමින් සිටිනවා විය හැකියි.

ඔස්ට්‍රේලියාවේ සිට යුරෝපයට ගුවනින් ගමන් කිරීම ලාභදායී නොවන නමුත්, ඔබ යම් මුදලක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබ යාමට සිටින නගරය වෙනස් කිරීම මගින් ඔබේ වියදමේ විශාල වෙනසක් සිදු කර ගත හැකි වේ.

ගුවන් ගමන් සැසඳීමේ Kayak වෙබ් අඩවිය විසින් 2023 ඔක්තෝබර් සහ 2024 මාර්තු අතර ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපල වල සිට යුරෝපය දක්වා මිල ගණන් පරීක්ෂා කර ඇති අතර ඉදිරි මාස හය තුළ වඩාත්ම දැරිය හැකි මිලකට ලබා ගත හැකි ගුවන් ගමනාන්ත 10 සොයා ගෙන තිබේ.

ගුවනින් ගමන් කිරීමට ලාභදා‍යීම යුරෝපීය නගරය කුමක්ද ?


Kayak වෙබ් අඩවියට අනුව තුර්කියේ ඉස්තාන්බුල් නගරය යනු වඩාත්ම දැරිය හැකි ගුවන් ගමන් වියදම් සහිත යුරෝපීය නගරය වන අතර economy පන්තියේ return ගුවන් ටිකට් පතක ගාස්තුව සඳහා එහි මිලෙහි සාමාන්‍ය ඩොලර් 2,038 ක් වේ.

එලෙසම රෝමය සඳහා ඩොලර් 2,044 ක් වැය වන අතර එය දැරිය හැකි ගුවන් ගමන් වියදම් සහිත නගර ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් ව තිබේ. ඇම්ස්ටර්ඩෑම් තුන්වන ස්ථානයට පත්ව ඇති අතර ඒ සඳහා වියදම වන්නේ ඩොලර් 2,150 ක් වේ.

ඩොලර් 2,200 ක වියදමක් පෙන්වන පැරිස් නගරය සිව්වන ස්ථානයට පත් වූ අතර මිලාන් සහ ස්කොප්ජේ සඳහා ගුවන් ගමන් වියදම පිළිවෙලින් ඩොලර් 2,292 ක් සහ ඩොලර් 2,318 ක් බව වාර්තා වී තිබේ.

පාරිභෝගිකයින් විසින් වැඩිපුරම සෙවූ ගමනාන්තය වන ලන්ඩන් නගරය මෙම ලැයිස්තුවේ හත්වන ස්ථානයේ පසු වන අතර ලන්ඩන් සඳහා economy class return ගුවන් ටිකට් පතකට වැයවන මුදල ඩොලර් 2,338 ක් වේ.

Rome
Rome Source: Flickr / Flickr/uwebraunuk

පර්යේෂණ සහ නම්‍යශීලී බව මගින් ගමන් කරන්නේ කොහේද සහ කවදාද යන්න පිළිබඳව දක්ෂ ලෙස තීරණ ගැනීමෙන් ගුවන් ගාස්තු සඳහා විශාල ලෙස මුදල් ඉතිරි කර ගත හැකි වන බව Kayak වෙබ් අඩවියේ ඔස්ට්‍රේලියාව සඳහා අධ්‍යක්ෂ Abhijit Mishra පවසයි.

ඒ අනුව මේ වන විට ඉස්තාන්බුල්, රෝමය සහ ඇම්ස්ටර්ඩෑම් යන නගර ඔස්ට්‍රේලියානුවන්ට ගමන් කළ හැකි වඩාත්ම ලාභදායී යුරෝපීය ගමනාන්තයන් වන අතර ඉදිරි මාස හය තුළ ගුවන් වියදම් වඩාත්ම දැරිය හැකි කාලය වන්නේ පෙබරවාරි මාසයයි.


මූල්‍ය කටයුතු සංසන්දනය කරන වෙබ් අඩවියක් වන Finder හි සංස්කාරක සහ සංචාරක විශේෂඥ Angus Kidman විසින් ඔස්ට්‍රේලියානුවන්ට යුරෝපීය සංචාර සැලසුම් කිරීමේදී සැලකිය යුතු කරුණු ගණනාවක් අනාවරණය කර තිබේ.

ඔහුට අනුව, යුරෝපීය සංචාරයක් සැලසුම් කිරීමේදී කුමන ගුවන් තොටුපළට පියාසර කළ යුතුද යන්න තීරණය කිරීමට පෙර ඔබේ නිවාඩු සැලසුම් කිරීම සහ ඔබට සංචාරය කිරීමට අවශ්‍ය ස්ථාන සලකා බැලීම වැදගත් වේ.

උදාහරණයක් ලෙස මේ දිනවල වඩාත් දැරිය හැකි ගුවන් ගමන් සහිත ඉස්තාන්බුල් නගරය යුරෝපයේ මායිමේ පිහිටි බැවින් ඔබ බටහිර යුරෝපයට යාමට අදහස් කළොත් ඔබට ඉස්තාන්බුල් සිට වැඩිදුර ගමනාගමනය සඳහා වැඩි කාලයක් සහ මුදල් වැය කිරීමට සිදු වේ.

____________________________________________________________________________________________________

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න - 

SBS Aadio APP එකෙන් (Free download)
____________________________________________________________________________________________________________

එවැනි අවස්ථාවකදී මිල අඩු ගුවන් ගමන් ඇති නගරයක් වන ඇම්ස්ටර්ඩෑම් වෙත යාම හොද විකල්පයක් වේ.එය ඇත්තෙන්ම කාර්යබහුල ගුවන් තොටුපලක්, වන බැවින් විවිධ ගුවන් සමාගම් සහ විවිධ ගුවන් ගමන් සම්බන්ධතා රාශියක් එහි තිබෙන එනිසා යුරෝපයේ වෙනත් නගරයකට යාමට ගුවන් යානයක් හෝ දුම්රියක් ලබා ගැනීමට ඇම්ස්ටර්ඩෑම් හොද කේන්ද්‍රස්ථානයක් වේ.

බොහෝ ඔස්ට්‍රේලියානුවන් ලන්ඩනයට යාම සහ ලන්ඩනයේ සිට ආපසු ඒම පදනම් කර ගනිමින් සිය යුරෝපීය සංචාර සැලසුම් කරයි. නමුත්, මෙය වඩාත්ම ලාභදායී හෝ ප්‍රායෝගික විකල්පය නොවේ.එමෙන්ම ලන්ඩන් නගරයේ ගුවන් තොටුපළ වලට ප්‍රවේශ වීමට යන වියදම වැඩි වීම හේතුවෙන් ලන්ඩන් වෙත වියදම් අඩු ගුවන් ටිකට් පත් සොයා ගැනීමට හැකි වන්නේ ඉතාම කලාතුරකිනි.

ඔබේ ගමනාන්තය එක්සත් රාජධානිය නම්, ඔබට අනිවාර්යයෙන්ම ගොඩ බැසීමට අවශ්‍ය එකම ස්ථානය ලන්ඩන් නගරය පමණක් නොවේ. මැන්චෙස්ටර් හෝ එඩින්බරෝ වැනි ස්ථානවලට ගොඩබසින ජාත්‍යන්තර ගුවන් යානා ඕනෑ තරම් සොයා ගැනීමට ඔබට හැකියාව තිබේ.

COVID-19 වසංගතයෙන් පසු මිල ඉහළ ගොස් තිබූ ගුවන් ගමන් ගාස්තු ස්ථාවර වීමට පටන් ගෙන ඇත. ඒ අනුව යුරෝපය සඳහා ද ගුවන් ගමන් ගාස්තු වල මිල මේ වන විට පහත වැටී තිබේ.

යුරෝපීය සංචාරයක් සඳහා හොඳම කාලය කුමක්ද?


යුරෝපයේ ගිම්හානය,සංචාරයන් සඳහා සුදුසුම කාලය වන අතර එම ගුවන් ගමන් කල්තියා වෙන්කරවා ගැනීම වඩාත් සුදුසු වේ.

බොහෝ ගුවන් ගමන් ටිකට් පත් වසරක් වසරකට පමණ පෙර විකිණීමට ඇතත් ඉහළ ඉල්ලුමක් ඇති කාලය සඳහා ඒවායේ මිල අඩු වීමක් දක්නට නොලැබේ.

යුරෝපයේ ගිම්හානය අත්විඳීමට කැමති අතරම ගුවන් ගමන් ටිකට් පත් අඩු මිලට ලබා ගැනීමට කැමති අයට ජූලි සහ අගෝස්තු මාස තම සංචාරය සඳහා තෝරා ගත හැකියි.
සති මැද ගුවන් ගමන් ගැන සලකා බැලීමට ද ගුවන් ගමන් ගාස්තු අඩු කර ගැනීමට තවත් විකල්පයක් වේ.

Kayak වෙබ් අඩවියට අනුව, 2024 පෙබරවාරි මාසය යනු ඉදිරි මාස හය තුළ යුරෝපයට යාමට වඩාත්ම දැරිය හැකි වියදමක් ඇති මාසය වන අතර, ඒ සඳහා economy class ගුවන් ටිකට් පතක සාමාන්‍ය මිල වන්නේ ඩොලර් 1,904 ක් වේ.

දෙසැම්බර් මාසය යනු යුරෝපයට ගමන් කිරීමට වඩාත්ම මිල අධික මාසය වන අතර ඒ සඳහා economy return ගුවන් ටිකට් පතක සාමාන්‍ය මිල ඩොලර් 2,943 ක් වේ.

—————————————————————————————————————————————
SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන්

93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

 රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

පිවිසෙන්න SBS Sinhala Facebook පිටුවට

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 




Share