ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සහ පුරවැසි වැඩසටහන් ගැන නවතම තොරතුරු මෙන්න.

Visa Application

Visa Application Source: Getty / Getty Images

Get the SBS Audio app

Other ways to listen

ආගමන වැඩසටහන් , ආගමන ප්‍රතිපත්ති , මානුෂීය වීසා වැඩසටහන ඇතුළු නවතම වීසා තොරතුරු දැන ගන්න SBS සිංහල ගුවන් විදුලියේ මේ විශේෂාංගයට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංක්‍රමණ සහ පුරවැසි වැඩසටහන් පරිපාලනය ලේඛනය සඳහා අතිරේක තොරතුරු පත්‍රිකාවක් නිකුත් කරන ලදී.

වෙනස්වන ජාත්‍යන්තර පරිසරයක් තුළ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනේ සංයුතිය සහ කළමනාකරණය පිළිබඳ පැහැදිලි කිරීමක් මෙම අතිරේක තොරතුරු පත්‍රිකාව මගින් සපයයි.

සංක්‍රමණ සහ පුරවැසි වැඩසටහන් පරිපාලන ලෙඛනයේ 11 වන සංස්කරණයට අදාළ අතිරේක තොරතුරු පත්‍රිකාව (.ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවියට පිවිස දැන් ලබා ගත හැකිය.ි

එහි ඇතුළත් තොරතුරු පිළිබඳ දළ විශ්ලේෂණයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

ආගමන වැඩසටහන්


2023 වසරේ අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියානු රජය විසින් Pandemic event visa බලපත්‍රය ලබා දීම නවත්වන බව නිවේදනය කර තිබේ. ඒ අනුව මෙම වීසා බලපත්‍රය 2024 පෙබරවාරි මස සිට නවතා දමනු ලැබේ.

2023 වසරේ මැයි මාසයේදී ඔස්ට්‍රේලියානු රජය විසින් Aged care Industry Labour ගිවිසුම ස්ථාපිත කිරීම පිළිබඳව නිවේදනය කරන ලදී. අගෝස්තු 31 වන විට, මේ සම්බන්ධ ගිවිසුම් අටක් ක්‍රියාත්මක වන අතර, වසර පහක් පුරා direct Care workers හෙවත් සෘජු සාත්තු සේවකයන් 6,000කට වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමට ඉන් අවස්ථාව හිමි වේ.

මෙම ගිවිසුම යටතේ පළමු වීසා ඉල්ලුම්පත්‍ර තොගය ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මේ වන විට භාරගෙන ඔවුන්ගේ වීසා සකස් කරමින් පවතී.

ආගමන ප්‍රතිපත්තිය


2023 ජනවාරි මාසයේදී ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතියේ සූරාකෑම් පිළිබඳ කඩිනම් සමාලෝචනයක් කිරීමට ක්‍රිස්ටීන් නික්සන්,AO, APM මහත්මිය පත් කරනු ලැබීය.එය නික්සන් සමාලෝචනය නමින් හදුන්වනු ලබයි.

වර්ගීකරණය කරන ලද නික්සන් සමාලෝචන වාර්තාව මෙන්ම එහි නිර්දේශ 34 ක් සඳහා රජයේ ප්‍රතිචාරය ද 2023 ඔක්තෝබර් 4 දින නිකුත් කර තිබේ.

මෙම Nixon සමාලෝචනය මගින් සංක්‍රමණ පද්ධතියේ හිදැස් සහ දුර්වලතා ඇති ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර සංක්‍රමණ පද්ධතියේ සිදු විය යුතු ප්‍රතිසංස්කරණ සහ ගත යුතු විචාරශීලී පියවරන් යන දෙකම නිර්දේශ කර තිබේ.

රජය සිය ප්‍රතිචාරය දැනුම් දීම සඳහා Nixon සමාලෝචනයේ සොයාගැනීම් හොඳින් සලකා බලා ඇති අතර නිර්දේශ 34 න් 24 කට එකඟ වීම, නිර්දේශ වලින් කොටසකට පමණක් එකඟ වීම හෝ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වීම සිදු කර තිබේ. එමෙන්ම රජය මෙම නිර්දේශ අටක් සටහන් කර ගෙන ඇති අතර නිර්දේශ දෙකක් සමඟ පමණක් එකඟ නොවේ.

Nixon සමාලෝචනය සඳහා රජයේ ප්‍රතිචාරය මගින් සංක්‍රමණ පද්ධතියේ හඳුනාගත් හිදැස් පිරවීමට සහ වීසා ක්‍රමයේ අඛණ්ඩතාව යළි ගොඩනැගීමට බලාපොරොත්තු වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: 

SBS සිංහල Facebook පිටුව: 

SBS Audio App: 
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

පුරවැසිභාවය


ඔස්ට්‍රේලියාවේ වෙසෙන නවසීලන්ත ජාතිකයින් 22,500කට වැඩි පිරිසක් 2023 ජූලි 1 සහ අගෝස්තු 31 අතර නව ඍජු මාර්ගය හරහා ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ.එම අයදුම්පත් මගින් මෙම කාල සීමාව තුළ පුරවැසි භාවය සඳහා යොමු කරන ලද සම්පූර්ණ අයදුම්පත්‍ වලින් 45%ක් නියෝජනය වේ. 2023 අගෝස්තු 31 වන විට, එම අයදුම්පත් වලින් 766ක් අනුමත කර තිබේ.

පුරවැසිභාවය සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් පත් සැකසීමේ ප්‍රමාදය විශාල වශයෙන් අඩු වෙමින් පවතී.2023 අගෝස්තු 31 වන විට පුරවැසි භාවය සඳහා එවූ අයදුම්පත් 88,310 ක් ඉතිරිව තිබූ අතර එය 2022 අගෝස්තු 31 වනදා වන විට තිබු අයදුම්පත් ගණනින් සියයට 24 ක අඩුවීමකි.
පුරවැසිභාවය සඳහා අයදුම්පතක් යොමු කිරීමේ දිනයේ සිට පුරවැසිභාවය පිළිබඳ තීරණය ලැබීමේ දිනය දක්වා සාමාන්‍ය සැකසුම් කාලය පසුගිය වසරේ දින 353ක් විය. එම කාලය මේ වසරේ දින 168 දක්වා සියයට 53 කින් අඩු වී තිබේ.

Humantarian program හෙවත් මානුෂීය වීසා වැඩසටහන


ඔස්ට්‍රේලියාවේ 2022-23 වසර සඳහා මානුෂීය වීසා වැඩසටහන උපරිම මට්ටමින් ක්‍රියාත්මක විය.
මෙයට රටින් පිටත සිට අයදුම් කළ හැකි Off-shore වැඩසටහනේ ප්‍රදානය කරන ලද වීසා බලපත්‍ර 15,875 ක් ඇතුළත් වන අතර ඊට ඇෆ්ගන් ජාතිකයින්ට වෙන් කර ඇති අමතර ස්ථාන 4,125 ක් ද ඇතුළත් වේ.එමෙන්ම මීට on-shore එනම් රට තුළ සිට අයදුම් කළ හැකි ආරක්ෂක වීසා වැඩසටහනේ කොටසක් ලෙස ලබා දී ඇති වීසා බලපත්‍ර 2,000 ද ඇතුළත් විය.

අගෝස්තු 31 වන දින , ඕස්ට්‍රේලියානු රජය 2023-24 සඳහා මානුෂීය වැඩසටහන වෙනුවෙන් ලබා දෙන වීසා බලපත්‍ර 17,875 සිට 20,000 දක්වා වැඩි කරන බව නිවේදනය කර තිබේ.

සංක්‍රමණික වැඩිහිටියන් සඳහා ක්‍රියාත්මක වන ඉංග්‍රීසි වැඩසටහන (AMEP)


Adult Migrant English Program සිය 75 වැනි සංවත්සරය 2023 වසරේදී සමරනු ලැබීය. එය ඔස්ට්‍රේලියාවේ දීර්ඝතම settlement වැඩසටහන වන අතර, එමගින් මිලියන 2කට අධික සංක්‍රමණිකයන්ට සහ මානුෂීය වීසා යටතේ මෙරටට පැමිණි පුද්ගලයින්ට නොමිලේ ඉංග්‍රීසි භාෂා පාඩම් ඉගැන්වීමෙන් උපකාර කර තිබේ.

නොමිලේ ඉංග්‍රීසි භාෂා ඉගෙනීමේ වෙබ් අඩවිය වන AMEPOnline, 2023 ජූලි 1 දින නැවත දියත් කරනු ලැබීය. ඕනෑම කෙනෙකුට, ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක මෙම වෙබ් අඩවියට ප්‍රවේශ විය හැකි අතර, පරිශීලකයින් ලක්ෂයකට අධික පිරිසක් එය භාවිතා කර තිබෙන බව වාර්තා වේ.


Share